ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා අති විශාල පිරිසක්

මෙවර ශ්‍රිපාද වන්දනාව 14වන දිනට යෙදි තිබු උදුවප් පුන් පොහොයන් ආරම්භවු අතර ආරම්භක දිනයේම ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා අති විශාල පිරිසක් එක්ව සිටින ලදි.
13වන දින උදැසන රත්නපුර පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රාජමහ විහාරස්ථානයේ තැන්පත් කර තිබු සුමන සමන් දේව ප්‍රථිමාව, සදාතුක කරඩුව. දේව ආභරණ ඇතුළු පුජා භාන්ඩ පෙරහැර හරකින් මාර්ග හතරක් ඔස්සේ ශ්‍රිපාද මහ මළුව දක්වා ගමන් කිරිමට පියවර ගෙන තිබුනි.
මින් එක් පෙරහැරක් අවිස්සාවේල්ල, කරවනැල්ල, යටයන්තොට, කිතුල්ගල, ගිනිගත්හේන, හැටන් මාර්ගය ඔස්සේ නල්ලතන්නිය දක්වා ගමන් කල අර එම පෙරහැර 14වන දින අළුයම 3.00ට පමන හැටන් නගරයට සේන්දු විය.
හැටන් නගරය හරහා ශ්‍රිපාද මහ මළුව දක්වා ගමන් කරන සමන් දේව ප්‍රථිමාව රැගත් පෙරහැරට පුජෝපහාර දැක්විම සදහා 14වන දින සවස් කාලයේ සිටම හැටන් නගරයට පැවති වැසි තත්වයන්ද නොතකා විශාල පිරිසක් එක්ව සිටි අතර එම පිරිස් සදහා අවශ්‍ය ආහාර පාන ලබා දිම සදහා දන්සැල් කිපයක්ම හැටන් නගරයේ සංවිධානය කර තිබුනි.
එම දන්සැල් අතර හැටන් සමන් දේවාල බාර කාර මණ්ඩලයේ සභාපති හිටපු පාර්ලීමේන්තු මංත්‍රි කේ. කේ. පියදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති බත් දන්සැල හා හැටන් රුවන් පුර ජනතාව විසින් පවත්වන ලද රෝටි දන්සැල ප්‍රධාන තැනක් ගත් අතර මෙම දන්සැල්වලින් ආහාර ලබා ගැනිම සදහා අති විශාල පිරිසක් එක්ව සිටින ලදි.
ලංකාවේ විවිධ ප්‍රදේශවල සිට දුම්රියෙන් ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා දුම්රියෙන් පැමිනෙන දෙස් විදෙස් වන්දනාකරුවන්ගේ ගමන් පහසුව සදහා හැටන් ලංගම ඩිපෝව මගින් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා දුම්රිය ඒකාභද්ධ බස් රථ සේවාවක්ද යොදවා ඇති අතර හැටන් නගරයේ සිට නල්ලතන්නිය දක්වා ලංගම බස් රථ මෙන්ම හැටන් පුද්ගලික බස් රථ හිමියන් විසින් පුද්ගලික බස් රථද යෙදවිමට පියවර ගෙන ඇත.
ශ්‍රිපාද වන්දනාව යනු පුජනිය වන්දනා ගමනක් මිස විනෝද චාරිකාවක් නොවන බව පවසන හැටන් පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතා ශ්‍රිපාද වන්දනාවේ පැමිනෙන සියලුම දෙනා ශ්‍රිපාද වන්දනාවට උචිත අයුරින් පැමිනිය යුතු බවත් විවිධ මත් ද්‍රව්‍ය මත් වතර රැගෙනශ්‍රිපාද වන්දනාවේ පැමිනෙන සියළුම දෙනා අත් අඩංගුවට ගැනිම සදහා වීශේෂ සෝදිසි මෙහෙයුම් ආරම්භ කිරිමට පියවර ගෙන ඇති බවද පවසන ලදි.
විවිධ මත් ද්‍රව්‍ය හා මත් වතුර රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන සියළුම දෙනාට සිදු වනුයේ ශ්‍රිපාද වන්දනාව පසෙක දමා පොලිස් ස්ථානවල හා හැටන් අධිකරණයේ කාලය ගත කිරිමට බවත් පවසන ප්‍රදිප් වීරසේකර මහතා හැටන් නල්ලතන්නිය මාර්ගයේ ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන සියළුම දෙනාගේ ආරක්ෂාව සදහා වීශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කි ඇති බවද පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….