ඉහළ යමින් පවතින බඩු මිල වතුකර ජනතාව දුෂ්කරථාවයන්ට

දිනෙන් දින ඉහල යමින් පවතින බඩු මිල හමුවේ වතුකර ජනතාව දැඩි දුෂ්කරථාවයන්ට පත්ව ඇති බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි.
හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
මේ වන විට හාල් පොල් එලවළු ඇතුළු බොහෝ බඩු භාන්ඩ මිල දිනෙන් දින ඉහල යමින් පවතිනවා මෙම තත්වයන් මත මේ ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරථාවයන්ට පත් වෙලා ඉන්නේ වීශේෂයෙන් මෙම තත්වයන් මත වතු කම්කරු ජනතාව දැඩි ලෙස අසරන තත්වයන්ට පත් වෙලා ඉන්නේ.
මොකද බඩු මිල දිනෙන් දින ඉහල ගියත් මේ වතු කම්කරු ජනතාවගේ වැටුප් වැඩි වෙන්නේ නැහැ එම තත්වයන් මත ඔවුන්ට මේ වන විට දවසට තුන් වේලක් තියා දවසට දෙවේලක්වත් නිසි ලෙස කන්න හැකියාවක් නැතිවයි ඉන්නේ.
අදවන විට රජය මගින් හාල් පොල් සතොස මගින් සහන මිලට ලබා දිමට වැඩ පිලිවෙලක් සකස් කර තියෙනවා එය හොද දෙයක් මොකද එයින් යම් පිරිසකට හෝ යම් සහනයක් ලැබෙනවා එත් මේ වතුකරය ආශ්‍රිව ගත් විට හැම තැනම මේ සතොස වෙලද සැල් නැහැ එම තත්වයන් මත සතොසෙන් එම සහන මිලට බඩු ගන්න මේ වතු කම්කරුවන්ට අමතරව මුදලක් මෙන්ම කාලයක් ගත කරමින් සතොස ආයතනවලට එන්න සිදු වෙනවා.
මේ පිලිබදවත් මේ රජය යම් අවදානයක් යොමු කල යුතුයි මේ වතුකර ජනතාවටත් මෙසේ සහන මිලට හාල් පොල් මිලදි ගැනිම සදහා මේ වතුකරය අශ්‍රිතව ලොරි මගින් හෝ මෙම බඩු භාන්ඩ ලබා දිමට යම් සැලසුමක් කරනවානම් එය මේ වතු කම්කරුවන්ට යම් සහනයක් වෙයි.
එසේ නැතිනම් මේ වතු කම්කරුවන් ජිවත්වන සමහර වතුවල පවතිනවා වතු සමුපකාර එම සමුපකාරවලින් හෝ මේ වතු කම්කරුවන්ගේ වැටුපෙන් කපා ගැනිමේ ක්‍රමය යටතේ වතු කම්කරුවන්ට මෙසේ හාල් පොල් පිටි වැනි ආහාර ද්‍රව්‍ය ණය ක්‍රමයක් යටතේ හෝ ලබා දිමට පියවර ගන්නේනම් එය වතු කම්කරුවන්ට කරන විශාල සහනයක් මොකද මේ වතු කම්කරුවන්ට වැටුප් හා අත්තිකාරම් දෙන දිනවල හැර අන් දිනවලදි මුදල් ගැවසිමක් ඔවුන් සතුව නැති නිසා.
මෙම කරුනු පිලිබදව අදාල බලධාරින්ගේ කාරුණික අවදානය යෙමු කර මෙම වතුකර ප්‍රජාවට යම් සහනයක් සලසනවා නම් එය ඉතාමත් හොද දෙයක්.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….