ක්ලින් ශ්‍රි ලංකා හාල් ප්‍රශ්නය යට ගැසිමක්ද ?

රටේ මේ වන විට දැවෙන ප්‍රශ්නයක් වන හාල් ප්‍රශ්නය යට ගැසිම සදහා ජනාධිපති තුමන් ක්ලින් ශ්‍රිලංකා වැඩ සටහන ආරම්භ කර ඇති බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ජනාධිපති නිතිඥ මෛත්‍රි ගුණරත්න මහතා පවසයි.
කොටගල පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු මෛත්‍රි ගුණරත්ක මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි.
අවුරුද්ද ආරම්භයේදිම ජනාධිපතිතුමන් ක්ලින් ශ්‍රිලංකා වැඩ සටහනක් පටන් ගන්නවා එතුමා ජනාධිපති පුටුවේ වාඩි වෙලා මාස තුනසට පස්සේ තමයි ඔහුට හිතුනේ මේ ක්ලින් ශ්‍රි ලංකා වැඩ සටහන මොකද එතුමා හිතනවා ක්ලින් ශ්‍රිලංකා පටන් ගත් විට මේ වන විට මේ රටේ දැවෙන ප්‍රශ්නයක්ව පවතින සහාල් ප්‍රශ්නය යට ගහන්න පුලුවන් වෙයි කියලා පවතින අර්බුදයෙන් ගැලවෙන්නයි මේ හදන්නේ.
මෙය මාස තුනකට පස්සේ කරන්න වැඩක් නැහැ මම මධ්‍යම ආන්ඩුකාර ලෙසත් ඌව ආන්ඩුකාර ලෙසත් වැඩ බාර ගත් විටයි එම පලාත්වල මේ ක්ලින් ශ්‍රිලංකා වැඩ සටහන් ආරම්භ කලේ මධ්‍යම පලාතේ මහනුවර ගොහා ගොඩ කුණු ගොඩ මාසයක කාලයක් තුල ඉවත් කලා ඌව පලාතේ බදුල්ලේ වැවක් ගොඩ කරලා තිබු ලොකුම කුණු කන්ද මාස එකහමාරක කාලයක් තුල සුද්ධ කලා මේ ජනාධිපතිවරයා හදන්නේ හාල් ප්‍රශ්නය යට ගහන්නයි.
ප්‍රාදේශිය සභා තියෙනවා නගර සභා තියෙනවා පලාත් සභා තියෙනවා අද වන විට ප්‍රාදේශීය සභා නගර සභා පලාත් සභා බලය නැහැ මෙය පාලනය කරන්නේ ආන්ඩුකාරවරුන් මේ ජනාධිපතිතුමා ආන්ඩුකාරවරුන් පත් කරලා තියෙන්නේ කිසිම දෙයකු දන්නේ නැති ඉන්නවාද නැද්ද කියලාවත් දන්නේ නැති පිරිසක්.
ප්‍රාදේශිය සභා නගර සභා පලාත් සභා පාලනය කරන්නේ ආන්ඩුකාරවරුන් එතකොට ජනාධිපතිතුමාට අවශ්‍ය නැහැ ක්ලින් ශ්‍රිලංකා ගෙනියන්න එතුමාට පුලුවන් ප්‍රාදේශිය සභා 341 සදහා හොද නිලධාරින් 341 පත් කරලා ඒ අයට කියලා මෙය කරන්න එවිට මේ ශෝබන වැඩ කරන්න ඕන නැහැ.
ආන්ඩුකාරවරුන්ට පුලුවන් පාසල් ලමයි යොදවල හමුදාව යොදවලා මෙය කරන්න ප්‍රාදේශීය සභාවල නගර සභාවල වැඩ තමයි තම ප්‍රදේශයේ කුණු කසල ඉවත් කරන එක අප්‍ර ද්‍රව්‍ය ඉවත් කරන එක පලාත් සභාවට පුලුවන් ඒ අයට අවශය පහසුකම් ලබා දෙන්න අද මේ අයට වැඩ පිලිවෙලක් නැහැ මේ අය කර ගෙන යන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩ පිලිවෙලමයි රනිල් වික්‍රමසිංහ මහත්කයාගේ වැඩවලට පරිබාහිර එක වැඩක් කරලා තියෙනවාද.
නන්දලාල් විරසිංහ ඉවත් කරනවා කිව්වා මහ භාන්ඩාගාරයේ ලේකම් ඉවත් කරනවා කිව්වා ඒ එකක්වත් කරලා නැහැ අද මේ ජනාධිපතිතුමා කරන්න දෙයක් නැතිව එහේ මේහේ බලනවා අද මේ ආන්ඩුවේ ඇමතිවරුන්ට කරන්න දෙයක් නැතිව ඒගොල්ලන්ගේ නොහැයාව බේර ගන්න රජයේ නිලධාරින් වැඩ කරන්නේ නැහැ කියනවා.
මම මධ්‍යම ඌව ආන්ඩුකාර ලෙස වැඩ කරන විට මේ රජයේ නිලධාරින් හොදට වැඩ කලා කියලා විශ්වාසයෙන් කියන්න පුලුවන් අද කණිස්ඨ නිලධාරියකු ජනාධිපති ලේකම් ලෙස පත් කර ගෙන තියෙනවා එතනින් පස්සේ තමයි රජයේ සේවකයන්ගේ මානසික මට්ටම වට්ටලා තියෙන්නේ.
ජනාධිපතිතුමා මේ බොරු කියන්නේ නැතිව ජනතාව මුලා කරන්නේ නැතිව මේ හාල් ප්‍රශ්නයට විසදුමක් ලබා දෙන්න නගර සුද්ධ කිරිම නගර සභාවලට ප්‍රාදේශීය සභාවලට දෙන්න ඔබතුමා මේ රටේ ආර්ථිකය හදන්න වැඩ පිලිවෙලක් සකස් කරන්න 2027, 2028, වන විට ඩොලර් බිලියන 120ක් ණය ගෙවන්න තියෙනවා එම නිසා මේ කරුවලේ අතපත ගාන එක නතර කරලා මේ රටේ ආර්ථිකය නගා සිටුවන්න වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලායි අපි ඔබතුමාට කියන්නේ.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….