යුක්තිය ඉටුනොවී දුක්විඳින ජනතාවට සාධාරණය ඉටුකරනවා – අගමැතිනිය

lanka gossip hot news

යුක්තිය ඉටුනොවීමෙන් දුක්විඳින ජනතාවට සාධාරණය ඉටු කිරීම රජයේ අභිප්‍රාය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

කොළඹ අලුත්කඩේ උපරිමාධිකරණ සංකීරණයේ නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ අභියාචනාධිකරණ කොටසේ සහ අධිකරණ පියස ව්‍යාපෘතියට අදාළ මහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියා.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

රටක අධිකරණ පද්ධතිය තුළ සහ ජනතාවට යුක්තිය පසිඳලීම සඳහා පහසුකම් වෙනුවෙන් කරන ආයෝජනය රට කෙරෙහි, එහි ජනතාව කෙරෙහි ඇති කැපවීම පිළිබිඹු කිරීමක්.

මෙය හුදෙක් ගොඩනැගිල්ලක් පමණක් නෙමෙයි, යුක්තිය පසිඳලීම, නීතියේ සාධාරණත්වය, සමානාත්මතාවය සහ අභිමානය පෙන්නුම් කරන සංඛේතයක්.

වරප්‍රසාද සහ අනුග්‍රාහක ක්‍රම යටතේ බොහෝ දෙනෙකුට යුක්තිය ප්‍රතික්ෂේප වීම නිසා අපේ රට දශක ගණනාවක් දුක් වින්දා, අපගේ අභිප්‍රාය වන්නේ එම වැරදි නිවැරදි කිරීම, අතීතයේ සිදු වූ අසාධාරණයන් නිවැරදි කිරීම සහ සෑම කෙනෙකුටම යුක්තිය සඳහා ඉඩප්‍රස්ථාව ඇති බව සහතික කිරීමයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විනිසුරුවරුවරුන්ට ලබා දී ඇති නීතිමය බලය සාධාරණව සිදු කිරීමත්, අදාළ පාර්ශව වලට ස්වාධිනව සහ සාධාරණ විනිශ්චයක් ලබා දීමත් තුලින් ජනතාව තුල අධිකරණ පද්ධතිය ගැන විශ්වාසයක් ඇති විය යුතුයි.

කාන්තාවන්, දරුවන්, ආබාධිත ප්‍රජාව ඇතුළු සියලු දෙනාම බලාපොරොත්තු වන්නේ සාධාරණයයි.

එහිදී කිසිවකුට දුෂ්කරතා ඇති නොවන බව සහතික කිරීම. මානසික තත්වයන් පිළිබඳ අවධානය ලබා දීම, ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉටු කර ගැනීමේදී හෝ ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී මුහුණ දිය හැකි ප්‍රතිවිපාකවලින් ආරක්ෂාව සැපයීම ජනතාව බලාපොරොත්තු වෙනවා.

මේ ක්‍රියාවලියේ සියලුම ක්‍රියාකාරීන්ට ගෞරවාන්විතව සැලකීම අවශ්‍යයි.

යුක්තියේ සාධාරණය වෙනුවෙන් වසර ගණනාවක් දුෂ්කරතාවන්ට මුහුණ දෙන පිරිස් සිටිනවා. ඔවුන්ගේ සාධාරණය වෙනුවෙන් ඔවුන්ට ලැබෙන සැලකීම අපි සහතික කරනවා.

යුක්තියේ සාධාරණය හඹා යාමේදී ඇතිවන බිය ගැන්වීමක් හෝ පීඩාවක් හෝ හිරිහැරයක් ඔවුන්ට සිදු නොවිය යුතුයි.

මහජන චීන සමූහාණ්ඩුවේ ඔවුන්ගේ ත්‍යාගශීලීභාවය සහ මේ රටේ ජනතාවට යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් ඔවුන් දැක්වූ සහයෝගයට ස්තූති පුද කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා.

මෙම අවස්ථාවට චීන මහජන සමූහාණ්ඩුවේ මෙරට තානාපති Qi Zhenhong, අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වුණා.

 

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….