ලොව හොඳම කෘත්‍රීම බුද්ධි යෝජනාවට හිමි සම්මානය ලංකාවට

මැලේසියාවේ Help University හි පැවති ලෝක පාසල් සමුළුවෙන් පසු පැවැත් වු සම්මාන ඇගයිම් උත්සවයේ දී ‘ලොව හොදම කෘතිම බුද්ධි යෝජනාවට හිමි සම්මානය’ ශ්‍රී ලංකාවේ ගාමිණි බණ්ඩාර මැණික්දිවෙල මහතාට පිරිනැමුණි.

ඒ නව තාක්ෂණය හා නවෝත්පාදනය යටතේ ඔහු ලෝක පාසල් සමුළුවට ඉදිරිපත් කල “පාසල් කෘතීම බුද්ධිය” නැමති යෝජනාවටය.

පාසල් විෂය තුල කෘතීම බුද්ධිය ඉගැන්වීමේ වුවමනාව හා එසේ කිරීමේ ක්‍රමවේදය ඇතුලත් යෝජනාව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම සම්මානය ගාමිණි බණ්ඩාර මැණික්දිවෙල මහතා වෙත පිරිනමා ඇත.

සමුළුව සදහා රටවල් 85ක් නියෝජනය කර තිබුණි.

මැලේසියාවේ ඇරඹි ලෝක පාසල් සමුළුවේ නව තාක්ෂණය හා යෝජනා පිළිබද සාකච්ඡා  ආරම්භ වූයේ Help University හි උප කුලපති මහචාර්ය Liew Teik kooi මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදි සමුළුව අවධාරණය කළේ, වෙනස්වන ලෝකයට අනාගතය සුදානම් කිරිමේ වගකීම පාසල වෙත පැවරෙන බවයි.

එසේ භාරදෙන ලෝකවට ශ්‍රී ලංකාකව නියෝජනය කරමින් ගාමිණි බණ්ඩාර මැණික්දිවෙල ඉදිරිපත් කර තිබු යෝජනාව කෘත්‍රිම බුද්ධිය පිළිබද අංග සම්පුර්ණ ඉගැන්වීම් ක්‍රමවේදයක් බව එහිදී සදහන් විය.

ඒ අනුව ලෝකයේ කෘත්‍රීම බුද්ධිය ඉගැන්වීමේ ක්‍රමවේදය ඇතුලත් යෝජනාවට ලෝක පාසල් සමුළුවේ දී ‘ලොව කෘත්‍රීම බුද්ධි ඉගැන්වීම් ක්‍රමවේදයට හිමි විශිෂ්ටම සම්මානය ශ්‍රී ලංකාවට හිමි වුණි.

නුවරඑළිය සෙන් සේවියර් විද්‍යාලයෙන් ආරම්භ කළ කෘත්‍රීම බුද්ධි ශිෂ්‍ය සමාජය හා මාතලේ විජයපාල විද්‍යාලයේ, මහනුවර ශ්‍රී ධිරාන්නද විද්‍යාලයේ ක්‍රියාත්මක යෝජනාවට අදාල කෘත්‍රීම බුද්ධි ඉගැන්වීම් ක්‍රම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරිමේ නියමු ව්‍යපාතිය පිළිබදව සමුළුව මෙහිදි අවධානය යොමු කළේය.

අධ්‍යාපන, ක්‍රිඩා, නව නිපැයුම්, අදහස් හා යෝජනා නිර්මාණ, සංවර්ධනය, පාසල් නවොත්පාදන හා ඉගැන්වීම යන අංශ යටතේ බොහෝ පිරිසක් මෙහිදී ඇගයීමට ලක්විය.

අධ්‍යපන, අභියෝග,විශේෂ හැකියාවන් හා කෘත්‍රීම බුද්ධිය පිළිබඳ ආචාර්ය මැලේසියා Help University හි ක්‍රියාකාරි අධ්‍යක්ෂ ආචාර්ය Goh Chee Leong මහතා ඇතුලු ව්‍යපාරික ,අධ්‍යපන හා උසස් අධ්‍යාපන ආයතන ප්‍රධානින් රැසක් මීට එක්ව සිටියහ.

මේ පිළිබඳ අදහස් දක්වමින් ගාමිණි බණ්ඩාර මැණික්දිවෙල මහතා කියා සිටියේ “සුරෙන් ස්වාමිනාතන් මහතා ගාමිණි කංනන්ගර මහතා මේ සදහා ලබාදුන් සහය නොවන්නට මෙම් සම්මානය ලංකාවට හිමිනොවන්නට ඉඩ තිබු බවයි. ඒ මොහොතේ තමන් දිරිමත් කරමින් මේ වැඩසටහනට සහභාගී කරවීමට උනන්දු කළ හැටන් නැෂනල් බැංකුවේ ලසිත විමලරත්න මහතා ඇතුළු කළමනාකරිත්වය ලබාදුන් සහය ද මැණික්දිවෙල මහතා සිහිපත් කළේය. AI තාක්ෂණයෙන් කරන්න දේවල් රැසක් පවතින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….