“තවත් ජනවාරියක් ඉවරයි! අමතක නොකරමු” – අයිතිය උදෙසා මාධ්‍යවේදීන්

kalu-january

“තවත් ජනවාරියක් ඉවරයි! අමතක නොකරමු” යන තේමාව පාදක කොටගෙන අයිතිය උදෙසා මාධ්‍ය වේදීන්ගේ සංගමය විසින් සංවිධනය කරන ලද මාධ්‍ය හමුවක් අද දින ජාතික පුස්තකාල හා ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

විශේෂයෙන් මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට අරමුණ වූයේ  ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය කිරීම, වසන් කිරීම්, සැඟවීම්, බිය වැද්දීම් යන චෝදනා එල්ල වූ සැකකරුවන් තිදෙනෙක් සම්බන්ධව නැවත කරුණු දැක්වීම අවශ්‍ය නොවන බවට නීතිපතිවරයා විසින් ලබා දුන් නියෝගය සමගාමීව හා පසුගිය වසරවල ජනවාරි මාසයන් වල දී ජනමාධ්‍ය වේදීන් රැසක් ඝාතනය කිරීම් හා අතුරුදහන් කිරීම් රැසක් සිදු වීම් සම්බන්ධවයි.

මෙහිදී අදහස් පළකල ජනමාධ්‍යවේදී කේ. සංජීව මහතා අවධාරණය කළේ, මෙම සිදුවීම් වල සැකකරුවකු වූ එකළ ජ්‍යෙෂ්ඨ පොලිස්පතිට එල්ල වූ චෝදනාව වූයේ ලසන්ත වික්‍රමතුංග මහතා භාවිතා කළ සටහන් පොත අතුරුදහන් වීමත් එම සටහන් පොත ජ්‍යෙෂ්ඨ පොලිස්පති සතුව පසුව තිබූ බවට අනාවරණය විමත්‍ ය. එමෙන්ම උප පොලිස්පතිවරයා පොලිස් බල අපරාධ පොතෙහි පිටු ගැලවීම හා ලසන්ත වික්‍රමතුංග මහතාගේ සටහන් පොත සැඟවීමත් මෙන්ම අනෙක් සැකකරුවාට එල්ල වූ චෝදනාව වූයේ තර්ජනය කිරීම් හා බිය වැද්දීම් සම්බන්ධ චෝදනාවන් බව ඔහු මෙහිදී ඉස්මතු කළ අතර ඒ අනුව මොහු විසින් අවධාරණය කරන්නේ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සම්බන්ධව 2015 සිට සිදුකරන ලද පරීක්ෂණ වලට අදාළව මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් නිදහස් කිරීම තුළින් “නීතිපතිවරයා පෙන්වා දෙන්නේ මෙපමණ කාලයක් සිදුකරන ලද පරීක්ෂණ වැරදි ද? නැත්නම් බොරුද?” යන්නයි.

සංජීව මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේ 2015 වසරේ යහපාලන අණ්ඩුව මෙන්ම වර්තමාන රජය පාලනයට පැමිණියේ මෙම ගැටළුවලට විසඳුම් ලබා දෙනවා කියා නම් ඔවුන් මෙම ගැටළුවලට පිළිතුරු ලබා දිය යුතු බවයි.

අයිතිය උදෙසා මාධ්‍ය වේදීන්ගේ සංගමයේ ලේකම් නීතිඥ දුලාන් දසනායක මහතා අදහස් පළ කරමින් පවසා සිටියේ 2008 වසරේ සිට කළු ජනවාරිය සැමරීම සිදු කළත් තවමත් එම ඝාතනවලට යුක්තිය ඉටු වීමක් සිදු නොවූ අතර මෙම ජනවාරිය අවසානය වන විට ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක්ට දුන් නියෝගය කිසිදු වග විභාගයකින් තොරව සිදු වූවක් බවට පැවසිය නොහැකි බවයි.

එමෙන්ම ඔහු පෙන්වා දෙන අන්දමට නීතිය කාටත් පොදු යැයි වර්තමාන රජය පවසනවා නම් එය එළෙසම විය යුතු බවත්, ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු කිහිපයක් සඳහන් වන අතර ඒ අනුව,

  1. රජය වෙනුවෙන් නඩු කටයතු මෙහෙයවීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් පරිබාහිරව පළාත්බද රජයේ ප්‍රධාන අභිචෝදනා කාර්‍යාල පිහිටුවීම.
  2. නඩු පැවරීමේ දී නීතිපති දෙපාර්තමේන්තුව මගින් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය ලේඛන ගත කිරීම.
  3. විමර්ශන ක්‍රියාවලියෙන් පසු නීතිපති දෙපාර්තමේන්තුව විසින් නඩු නොපැවරීමට කටයතු කරන්නේ නම් ඊට හේතු අතෘප්තියට පත් පාර්ශව වෙත දැනුම් දීම
  4. නීතිපති දෙපාර්තමේන්තුව කටයතු පිළිබඳ අගතියට පතවන පාර්ශවයට සිය දුක්ගැනිවිලි ඉදිරිපත් කිරීමට විශේෂ පාර්ලිමේන්තු ඔම්බූඩ්ස්මන්වරකු පත් කිරීම.
  5. ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයකු යටතේ නීතිපති දෙපාර්තමේන්තුවේ පළාත්බද කාර්‍යාල පිහිටුවීම.

යන කරුණු සඳහන්ව ඇතත් ඔවුන් මෙම කරුණු ක්‍රියාත්මක කරනවා වෙනුවට මේ අයුරින් අපරාධයන් සම්බන්ධව කටයතු කරන්නේ නම් එය සමස්ත සමාජයම ඉච්ඡා බංගත්වයට පත් කිරීමකි. එපමණක් ම නොව වර්තමාන ආණ්ඩුව භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් පොරොන්දු රැසක් දුන්නා එසේම මාර්ගගත ආරක්ෂණ පනත, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, ප්‍රති ත්‍රස්ත පනත යන මර්ධනකාරි පනත් අහෝසි කිරීමට කටයතු කරනවා යැයි පැවසුව ද තවමත් කිසිදු වෙනසක් සිදු වී නොමැති බවට දුලාන් දසනායක මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දීය.

අයිතිය උදෙසා මාධ්‍යවේදී සංගමයේ ජාතික කැඳවුම්කරු ජනූර් කිචිලාන් මහතා මෙම හමුවේ දී ඉස්මතු කළ පැනය වූයේ “පසුගිය සතියේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කුරුණෑගල ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වේදීන්ට සාධාරණයක් සිදුකරන බවට පොරොන්දු වුනත් අද නීතීපතිවරයා මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් නිදහස් කිරීම තුළින් අදහස් වන්නේ මෙම තීන්දුව සම්බන්ධව ජනාධිපතිවරයාගේ නොදැනුවත් භාවය ද?” යන්නයි.

එමෙන්ම ඉදිරි පරීක්ෂණවලට මොකද වෙන්නේ? මේ සම්බන්ධව ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙන්ම ජනධිපතිවරයා පැහැදිලි අදහසක් පළ කළ යුතු බවට ඔහු වැඩිදුරත් සඳහන් කළේය.

aithiya.lk

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….