පිළිකා හේතුවෙන් වසරකට මෙරට ළමා මරණ 250ක්

pilika national cancer institute sri lanka cancer hospital maharagama action cancer hospital world cancer day tata cancer hospital skin cancer cancer treatment indira cancer trust

ජාත්‍යන්තර ළමා පිළිකා දිනය සැමරීමේ පරමාර්ථය වන්නේ ළමා පිළිකා පිළිබඳව දැනුවත් කිරීම සහ පිළිකාවෙන් පීඩා විඳින දරුවන්, ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සහ ඔවුන්ට සෞඛ්‍ය හා සෞඛ්‍ය නොවන සේවා සපයන්නන් සඳහා සහයෝගය ප්‍රකාශ කිරීමයි.

උපතේ සිට වයස අවුරුදු 19 දක්වා වන ළදරුවන්, ළමුන් සහ නව යොවුන් වියේ දරුවන් අතර හඳුනා ගන්නා පිළිකා ළමා පිළිකා ලෙස හඳුන්වනු ලැබෙනවා.  එය ලොව පුරා වාර්තා වන ළමා රෝග හා මරණවලට එය සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන අතර රෝගීන් වාර්ෂිකව වැඩි වීමේ ප්‍රවණතාවක් වාර්තා වනවා.ලොවපුරා වාර්ෂිකව ළමා පිළිකා ලක්ෂ 4ක් පමණ අලුතෙන් හඳුනාගනු ලබනවා.

ජාතික පිළිකා ලේඛනයට අනුව 2021 වර්ෂය තුළදී ශ්‍රී ලංකාවේ ළමා පිළිකා රෝගීන් 1032 ක් වාර්තා වී ඇත. ඒ අතුරින් පිරිමි ළමුන් 578 සහ ගැහැණු ළමුන් 454 ක් පිළිකා රෝගීන් ලෙස හඳුනා ගෙන තිබෙනවා.

රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිත දත්ත අනුව 2019 වසරේ දී ළමා පිළිකා හේතුවෙන් මියගිය මුළු රෝගීන් සංඛ්‍යාව 224 ක් ලෙස වාර්තා වී තිබෙනවා.ලියුකේමියා (ලේ පිළිකා), ලිම්පෝමා (වසා ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා), මොළයේ පිළිකා සහ අස්ථි ආශ්‍රිත පිළිකා ළමුන් අතර බහුලව වාර්තාවන පිළිකා වර්ග ලෙස හඳුනාගෙන තිබෙනවා.

ළමා පිළිකා හේතුවෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුවී ඇත්තේ ලියුකේමියාව සහ මොළයේ පිළිකා හේතුවෙන්.මෙවර ළමා පිළිකා දිනයේ තේමාව වන්නේ “උද්‍යෝගිමත්ව ක්‍රියාත්මක වෙමු ”  යන්නයි.ළමා පිළිකා සත්කාර සඳහා වන අභියෝග ජය ගැනීම සඳහා සහයෝගී උත්සාහයන් සහ මුලපිරිම් දිරිමත් කිරීම මේ තුළින් අදහස් වනවා.

ළමා පිළිකා බහුලව දැකිය නොහැකි අතර, බොහෝ ළමා පිළිකා, මුල් රෝග ලක්ෂණ ඇතිවන අවස්ථාවේදී හඳුනා ගෙන නිසි ප්‍රතිකාර කිරීමෙන් සම්පූර්ණයෙන් සුව කර ගැනීමේ හැකියාව ලැබෙනවා.

ඔවුන්ගේ මූලික රෝග විනිශ්චයෙන් පසුව අවුරුදු 5ක් දක්වා ජීවත් වීමේ හැකියාව, ඉහළ ආදායම් ලබන රටවල 80% ට වඩා වැඩි වන අතර අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල 10-50% දක්වා පරාසයක පවතිනවා. මෙම අසමානතාවයට හේතු වශයෙන් රෝග විනිශ්චය ප්‍රමාද වීම, නිවැරදි රෝග විනිශ්චය ලබා ගැනීමට නොහැකි වීම, ප්‍රතිකාර ලබා ගැනීමට ඇති නොහැකියාව, ප්‍රතිකාර අත්හැරීම, සහ අතුරු ආබාධ නිසා මරණයට පත් වීම සැලකිය හැකිය.

ළමා පිළිකා රෝගියෙකුට ප්‍රතිකාර කිරීම රෝගියාගේ පවුලේ සහ සෞඛ්‍ය සේවා කණ්ඩායම් අතර සහයෝගීතාවයෙන් සමන්විත සංකීර්ණ හා අභියෝගාත්මක ක්‍රියාවලියකි.

ඔවුන් සඳහා සේවා සැපයීමේ දී මුහුණ පෑමට සිදුවන අභියෝග හඳුනා ගැනීම සඳහා රෝග නිවාරණ සහ රෝග ප්‍රතිකාරක යන අංශ දෙකෙහිම සෞඛ්‍ය සේවා කණ්ඩායම් නිරන්තර අධීක්ෂණ සහ ඇගයීම් සිදු කරයි.ජාතික පිළිකා මර්දන වැඩසටහන සහ මහරගම අපේක්ෂා රෝහල රට තුළ ක්‍රියාත්මක වන පිළිකා සත්කාරක සේවා පිළිබඳ නිරන්තර අධීක්ෂණ කටයුතු සිදුකරයි.

ජාත්‍යන්තර ළමා පිළිකා දිනය වාර්ෂිකව සමරනු ලබන අතර එදිනට සමගාමීව ළමා පිළිකා පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සහ ලොව පුරා පිළිකාව සමඟ සටන් කරන දරුවන් සඳහා ප්‍රශස්ථ ප්‍රතිකාර, රැකවරණය සහ සහයෝගය සඳහා වඩා හොඳ ප්‍රවේශයක් සඳහා පෙනී සිටියි.

2024 සිට 2026 දක්වා වූ තුන් අවුරුදු සැලැස්ම නිර්මාණය කර ඇත්තේ ඉහත අරමුණු ළගා කරගැනීම සඳහා වන අභියෝග ජය ගැනීමට සහ පියවරෙන් පියවර, දිගු කාලීන උත්සාහයන් තුළින් ළමා පිළිකා සත්කාර වැඩිදියුණු කිරීමේ කිරීමය.

තුන් අවුරුදු සැලැස්මේ පළමු වසර (2024) ළමා පිළිකා රෝගීන් මුහුණ දෙන විවිධ අභියෝග සහ අසමානතා හෙළිදරව් කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබේ. එහිදී හඳුනාගත් අභියෝගවලට මුහුණ දීම සඳහා විවිධ කලාපවල මතු වූ සහයෝගිතා ප්‍රයත්නයන් සහ නව්‍ය මුලපිරීම් කෙරෙහි මෙම වසරේ අවධානය යොමු වේ.

ජාත්‍යන්තර ළමා පිළිකා දිනයේදී නැවත නැවතත් සිහිපත් කරනුයේ ළමා පිළිකා රෝග කලින් හඳුනාගෙන නිසි ප්‍රතිකාර කිරීමෙන් සුවකර ගත හැකි බවය. එබැවින් සෞඛ්‍ය අංශ සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනුයේ ළමා පිළිකා රෝගීන් සහ ඔවුන්ගේ පවුලේ සෙසු සාමාජිකයන් රැක බලා ගැනීමට හා ඔවුන්ට වඩා හොඳ ජීවන තත්ත්වයක් සහතික කිරීම සඳහා අත්වැල් බැඳ ගන්නා ලෙසය.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….