පිළිකා රෝගීන් ඖෂධ මාෆියාවට ගොදුරු කරන්නේ සමහර දොස්තරලා

doctors බඩේ පිලිකා රෝග ලක්ෂණ muka pilika pilika photos guda pilika penahalu pilika penahalu pilika roga lakshana piyayuru pilika cancer in sinhala astrology

පිළිකා රෝගීන්ට බොහෝවිට පෞද්ගලික අංශයෙන් ඖෂධ මිල දී ගැනීමට සිදුවන්නේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිර්දේශ කොට නැති ඖෂධ ඇතැම් වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලැබීම නිසා යැයි වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය පැවසීය.

පිළිකා රෝගීන්ට අනවශ්‍ය බවට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිර්දේශ කළ ඖෂධ ලැයිස්තුවක් ඇතැයි ද එම ඖෂධ වෛද්‍ය සැපයුම් අංශයෙන් රජයේ රෝහල්වලට සපයන්නේ නැතැයි ද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

එසේ ලැයිස්තු ගතකොට නැති ඖෂධයක් කිසියම් වෛද්‍යවරයෙකු නිර්දේශ කළ විට ඒවා රෝගීන්ට මිල දී ගැනීමට සිදුවන්නේ පෞද්ගලික අංශයෙන් යැයි ඔහු පැවසීය.

වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මේ අදහස් පළ කළේ, පිළිකා රෝගීන්ට අවශ්‍ය ඇතැම් ඖෂධ රජයේ රෝහල්වල නැති බවට නැඟෙන මැසිවිලි සම්බන්ධයෙන් කළ විමසීමට පිළිතුරු වශයෙනි.

සමස්තයක් වශයෙන් ඖෂධ වර්ග 865ක් පමණ සෞඛ්‍ය අමාත්‍යාංශය ලියාපදිංචි කර ඇතත් දේශීය වශයෙන් නිෂ්පාදනය කරන්නේ එයින් 285ක් පමණක් යැයි කී හෙතෙම ඉතිරි ඖෂධ 580ක් පමණ ආනයනය කිරීමට සිදුවන්නේ යැයිද පැවසීය.

එහිදී ඔහු මෙසේ ද කීය.

“ඇත්තට ම පිළිකා රෝගීන්ට නියමිත ඖෂධ වර්ග රාශියක් තියෙනවා. එයින් දෙකක් හෝ තුනක් අඩුයි. අනිත් සියලු ඖෂධ මෙහි තියෙනවා. සාමාන්‍ය අනුමත ඖෂධවලට අමතරව වෙනත් ඖෂධ වර්ග සමහර වෛද්‍යවරුන් ලියා දෙනවා. ඒ කිව්වේ ඇතැම් ඖෂධ වර්ග පිළිකා රෝගීන්ට අවශ්‍ය නැහැ කියලා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමේ තීරණයක් අරන් තියෙන නිසා. ඒවා අපේ ලැයිස්තුවේ නැති ඒවා. නමුත් සමහර වෛද්‍යවරුන් ඒවා ලියනවා. ලිව්ව ම ඒවා රෝගීන්ට පිටින් ගන්න වෙනවා. වැඩි ප්‍රමාණයක් ඔය පිටින් මිල දී ගන්න වෙලා තියෙන්නේ එවැනි අවස්ථාවලදී තමයි. උපරිම වශයෙන් සාමාන්‍යයෙන් මාස දෙකක් හෝ තුනක් ඇතුළත හිඟ ඖෂධ සැපයීමට කටයුතු කරනවා.

ඒ වගේ ම එවැනි ඖෂධ දේශීය වශයෙන් මිල දී ගෙන සපයා දෙන්න කියලා රෝහල් අධ්‍යක්ෂවරුන්ට බලය දීලා තියෙනවා. ප්‍රතිපාදන ලබා දීලා තියෙනවා. එවිට අනුමත ඖෂධවලින් එකක් හෝ හිඟ වුණොත් ඒවා ප්‍රාදේශීය වශයෙන් මිලදීගෙන ලබා ගන්න රෝහල් අධ්‍යක්ෂවරයාට පුළුවන්. සමහර ඖෂධ වර්ග නැති වුණත් ඒ සඳහා ආදේශක තියෙනවා. උදාහරණයකට වේදනා නාශක එක් වර්ගයක් නැති වුණත් ඒකට වෙනත් ආදේශකයක් තියෙනවා. ආනයනික ඖෂධවල තමයි බොහෝ විට හිඟ මතුවන්නේ. ඒකට හේතුව සමහරවිට ලියාපදිංචි වී නොමැතිකම. ගෙන එන ඖෂධවල තත්ත්වය ගැන වාර්තා නැතිකම. සමහර ඖෂධ ජාත්‍යන්තරය තුළ මිල දී ගැනීමට නොමැතිවීම යන කාරණා නිසා හිඟයක් ඇතිවෙලා තියෙන්නේ.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….