නගර සභාවේ පාලන බලය ලබා ගැනීම සදහා කාර්යක්ෂම සේවාවක් ආරම්භ කරයි

ඉදිරියේ පැවැත්විමට නියමිත මැතිවරැණයේදි හැටන් දික්ඔය නගර සභාවේ පාලන බලය ලබා ගෙන හැටන් දික්ඔය බල ප්‍රදේශයේ ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දිමට පියවර ගන්නා එහි හිටපු සභාපතිවරයකු වන අලගමුත්තු නන්දකුමාර් මහතා පවසයි.

ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු නන්දකුමාර් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.

මෙම නගර සභාවේ සභාපති, උප සභාපති, මෙන්ම නාගරික මන්ත්‍රිවරයකු, ලෙස 1991 සිට කටයුතු කර තියෙනවා මා සභාපති ලෙස කටයුතු කරන විට උදැසන 5.00 පමන වන විට හැටන් නගරයේ පවතින කසල ඉවත් කර නගරය සුද්ධ පවිත්‍ර කිරිමට පිරිස් යොදවා එය නිසි ලෙස සිදුවනවාද යන්න සොයා බැලිමට මාද නගරයට යනවා.

ඒ අනුම එම පිරිස් නිසි ලෙස උදැසන වන විට නගරය පිරිසිදු කිරිමේ කටයුතු නිසි ලෙස සිදු කලා එත් අදවන විට උදැසන නොවෙයි දහවල් වන විටත් නගරයේ තැන තැන කසල පිරිලා මෙම තත්වයන් මත මෙම නගරයට පැමිනෙන විවිධ පිරිස් දැඩි අපහසුතාවයන්ට පත් වෙනවා.

එමෙන්ම මේ වන විට මෙම නගර සභාවේ සමහර පිරිස් නිසි ලෙස සේවය නොකරන බවත් සමහර පිරිස් අල්ලසට දුෂනයට යටවි ඇති බවත් බොහෝ පිරිසක් පවසනවා සමහර කම්කරුවන් පවා කඩවල නිවාසවල එකතුවන කසල රැගෙන යාමට පවා මුදල් ලබා ගන්නා බවටත් විවිධ චෝදනා පවතිනවා එම තත්වයන් මත මෙහි ජනතාව අද විවිධ ප්‍රිඩාවන්ට පත් වෙලායි ඉන්නේ.

මෙ8් වන විට මේ ප්‍රදේශයේ බොහෝ පිරිසක් මාගේ පාලන කාලය පිලිබදව කතා කරමින් නැවත එවන් පාලනයක් ඇති කර ගැනිම සදහා එක්විමට පෙල ගැසෙමින් ඉන්නේ එවන් තත්වයන් මත ඉදිරියේ පැවැත්වෙන පලාත් පාලන මැතිවරණයේදි මෙම නගර සභාවේ පාලන බලය ලබා ගෙන මෙම ප්‍රදේශයේ ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දිමට පියවර ගන්නවා.

දික්ඔය – එස්. එම්. ඩි. රජිත

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….