NGO වලට පනවා ඇති සීමාවන් ඉවත්කරන ලෙස එක්සත් ජාතීන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි

Sexual-harassment

කාන්තා සංවිධාන ඇතුළු රාජ්‍ය නොවන සංවිධානවලට පනවා ඇති සීමාවන් ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ.

කාන්තාවන්ට එරෙහි වෙනස් කොට සැලකීම තුරන්කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව එහි නවතම සැසියේදී බෙලරුස්, බෙලීස්, කොංගෝ, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, ලිච්ටෙන්ස්ටයින්, ලක්සම්බර්ග්, නේපාලය සහ ශ්‍රී ලංකාව පිළිබඳ සමාලෝචනයෙන් පසු මෙම ඉල්ලීම සිදුකර ඇත.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එම කමිටුව ලිංගික ප්‍රචණ්ඩත්වය සහ වෙනත් ආකාරයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය පිළිබඳව සැළකිලිමත් වී ඇති අතර, අවම වශයෙන් කාන්තාවන් පස්දෙනකුගෙන් එක් අයකු සමීප සහකරුවකු විසින් ශාරීරික සහ/හෝ ලිංගික හිංසනයට ලක්වන අතර, අසමානුපාතික ලෙස අඩු නඩු පැවරීම් සහ වරදකරුවන් වීමේ අනුපාතයන් ගැන ද දක්වා තිබේ.

විවාහක ස්ත්‍රීන් දූෂණයට ලක්වීම සහ සමීප සහකරු විසින් සිදුකරන ප්‍රචණ්ඩත්වය නිශ්චිතවම අපරාධයක් නොවීම සම්බන්ධයෙන් ද ඔවුන් කනස්සල්ල පළකර තිබේ.

ලිංගික ප්‍රචණ්ඩත්වය ඇතුළු කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයේ සාපරාධී ස්වභාවය පිළිබඳ මහජන දැනුවත් කිරීමේ ව්‍යාපාර තීව්‍ර කරන ලෙස කමිටුව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියි.

සෑම අවස්ථාවකදීම විවාහක දූෂණය පැහැදිලිවම අපරාධයක් බවට පත්කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කරන ලෙසද එය රාජ්‍ය පාර්ශවයෙන් ඉල්ලා ඇත.

කාන්තාවන්ට එරෙහි ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය පිළිබඳ සිද්ධීන් ඵලදායි ලෙස විමර්ශනය කිරීමට සහ නඩු පැවරීමට නීතිය ක්‍රියාත්මක කිරීමේ සහ අධිකරණ බලධාරීන්ගේ හැකියාව ශක්තිමත් කිරීමට ද එම කමිටුව නිර්දේශ කර තිබේ.

එසේම, ලියාපදිංචි කිරීමේ ක්‍රියා පටිපාටි විනිවිද පෙනෙන පරිදි සකස්කර, වෙනස් කොට සැලකීම්වලින් තොර සහ රජයේ මැදිහත්වීම් වලින් තොර බව සහතික කිරීම සඳහා, ආරක්ෂක අමාත්‍යාංශයේ නිෂ්කාශන අවශ්‍යතාව සහ රාජ්‍ය නොවන සංවිධාන අනිවාර්ය ලියාපදිංචි කිරීම අනිවාර්ය කරන අදාළ නියෝගය ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවෙන් තවදුරටත් ඉල්ලා සිටියි.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….