දේශපාලන පොරොන්දු පත්‍රවල නෛතික වගවීම;
දුන් පොරොන්දු ක්‍රියාත්මක නොකිරීම සහ හාත්පසින්ම වෙනස් දේ සිදු කිරීමට එරෙහිව අපට ගත හැකි ක්‍රියාමාර්ගය කුමක්ද?

ethic

දේශපාලනඥයින් මැතිවරණයට පෙර ප්‍රකාශ කරන ලිඛිත සහ වාචික ප්‍රතිපත්ති හා ස්ථාවරයන් බලය ලබා ගැනීමෙන් පසු ක්‍රියාත්මක නොකිරීම සහ හාත්පසින්ම වෙනස් දේ සිදු කිරීමට එරෙහිව අපට ගත හැකි ක්‍රියාමාර්ගය කුමක්ද? යන්න සම්බන්ධයෙන් මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරුණු අතර, මේ සඳහා සම්පත් දායක දේශකයන් ලෙස හිටපු අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස්, ජ්‍යෙෂ්ඨ නීතීඥ ශිරාල් ලක්තිලක සහ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක යන මහත්වරුන් සහභාගී විය.

එම අවස්ථාවේ අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා;

“අපි පසුගියදා පසුගිය පෙබරවාරි හතර වෙනිදා ශ්‍රී දළදා මාලිගාව අභියසට ගිහිල්ලා යම්කිසි ප්‍රතිඥාවක් ලබා දුන්නා. එහි අර්ථය තමයි යම්කිසි පොරොන්දුවක් මහජනයාට මැතිවරණයකදී ඉදිරිපත් කරනවා නම් ඒ පොරොන්දුව ඉටු වීමට යම් නීත්‍යානුකූල වගවීමක් ලබාදිය යුතුයි දේශපාලන පක්ෂ. ඒක යම්කිසි දුරකට එය ක්‍රියාත්මක කිරීමේ වගවීම ව්‍යවස්ථාවෙන්, නීතියෙන් සහතික වුණාට පස්සේ මැතිවරණ කොමිසම විසින් ඉටුකළ යුතුයි කියලා. ඉතින් පසුගියදා අපේ ලේකම් බන්දුල චන්ද්‍රසේකර මහත්මයත්, මාත්, තරිඳු දිලීප ගමගේ මහත්මයත් අපි මැතිවරණ කොමිසම හම්බවෙච්ච වෙලාවේ අපි මැතිවරණ කොමිසමටත් එම වාර්තාව ලබාදුන්නා මේ ගැන කටයුතු කරන්න කියලා. අපි දැක්කා මැතිවරණ කොමසාරිස්තුමත් ඊට සමාන අදහසක් ඊට පස්සේ ප්‍රකාශ කරනවා.

ඉතින් මේකට පොඩි, කෙටි නිධාන කතාවක් තියෙනවා. පසුගියදා අපි ගියා මේ පළාත් පාලන මැතිවරණය පිළිබඳ සාකච්ඡා කරන්න මාතර. මාතර, අකුරැස්සට වෙලාවේ තෙලිජ්ජවිල ප්‍රදේශයේ අපේ හිතවත් මහත්මයෙක්, වැවිලිකරුවෙක්. හමුදා නිලධාරියෙක්. එතුමාගේ ගෙදර තේ බොන්න ගියා. ඔහු ඉතා බුද්ධිමත් කෙනෙක්. ඔහු කිව්වා මේ වගවීම පිළිබඳ ප්‍රශ්නෙ ගැන. මොකද මාතර විශාල පිරිසක් මෙවර ජාතික ජන බලවේගයට ඡන්දේ දීලා දැන් මොකද වෙන්නේ කියලා ටිකක් තුෂ්ණිම්භූතව ඉන්නේ. ඉතින් මේ පිළිබඳව නැද්ද යම්කිසි නීත්‍යානුකූල රැකවරණයක් අපිට. අපිට මේ විදිහට කරන වංචා සම්බන්ධයෙන් වගේ අදහසක් ඔහුගෙන් ආවා. ඔහුගෙන්ම ඒ යෝජනාව ආවා. මට ඔහුගේ නම ප්‍රකාශ කරන්න බැහැ. එතුමා තමයි මේක කිව්වේ මේ නිශ්චිත වෙලාවක මේක කරගෙන යන්න මේ සමාජයේ. හොරකම වගේම බොරුවත් ඊට වඩා ඉතාමත්ම බලවත් දෙයක්. ඒ නිසා මේ බොරුවට එරෙහිව, බොරු කීමට එරෙහිව ක්‍රියාදාමයක් ආරම්භ කරන්න කියලා.

අපි දන්නවා අපේ බෞද්ධ ධර්මය අදහන අය, පංචශීලයේ ප්‍රධාන එකක් තමයි බොරුවට එරෙහි වීම. මුසාවාදයෙන් වැළකීම. අපේ භික්ෂූන් වහන්සේලාට පොහොය කිරීම කියලා එකක් තියෙනවා. තමන් අතින් යම්කිසි දසසිල් කඩවීමක් වුණා නං ඒ ගැන ස්වයං විවේචනයක් නියැලෙන්න. ඒ හැම එහෙකදිම ප්‍රධාන මූලධර්මයක් තමයි ඇත්ත ප්‍රකාශ කිරීම. වරදක් වුණා නං ඒක කීම. ඒ කියන්නේ මුසාවාදයට එරෙහි වීම. ඒක ඉතාම බලගතු කාරණයක් හැටියට තියෙන දෙයක්. ඉතින් ළඟදි මං දැක්කා පාර්ලිමේන්තුවේදී අපේ ජනාධිපතිතුමා කියනවා අපිව පරාජය කරන්න නම් ශිෂ්ටත්වයෙන් අපට වඩා උසස් වෙන්න කියලා. ඒ කියන්නේ එතුමාගේ ඒ අදහස ගත් කල අපිට පේන්නේ එතුමන්ලා මේ ජයග්‍රහණය ලැබුවේ, මේ රටේ සම්ප්‍රදායික දේශපාලන පක්ෂ වලට වඩා ශිෂ්ට සම්පන්න බව පෙන්වීමෙන්. ඒ අය ශිෂ්ටසම්පන්නයි කියලා ප්‍රකාශ කිරීමෙන්. එහෙම තමයි ආවේ. ඒ නිසා අපිව පරද්දන්න ඕන නම්, අපට වඩා ශිෂ්ට සම්පන්න වෙන්න කියලා එතුමා අභියෝගයක් දේශපාලන පක්ෂවලට කළා. ඉතින් මේ ශිෂ්ඨ සම්පන්නභාවයේ ප්‍රධාන කාරණයක් තමයි අවංකත්වය. ඒ වගේම බොරුවෙන් වැළකීම. ප්‍රකාශ කරන දේවල් ඉටු කරන්න කැපවීම, වගවීම.

දැන් උදාහරණයක් හැටියට මට මතකයි පාර්ලිමේන්තුවේ එක කාලෙක යෝජනාවක් ආවා ගිය අවුරුද්දේ. මම හිතන්නේ. බජට් ඔෆිස් කියලා එකක් හදන්න. මමත් හිටියා ඒකේ. ඒ පත්කරපු තුන්දෙනා අතරේ ඒකේ එක ප්‍රධාන අරමුණක් වුණේ මැතිවරණ වලට දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන පොරොන්දු වල වියපැහැදම්. කොහොමද? ඒවා කොහොමද පියවන්නේ කියලා ඒ අදාළ සංඛ්‍යාලේඛන ලබාදෙන එක. දැන් උදාහරණයක් හැටියට ජනාධිපතිතුමා පොරොන්දු වුණා ඡන්දයට පෙර තුනෙන් එකකින් විදුලි ගාස්තු අඩු කරනවා කියලා. දැන් ඒක කරන්නේ කොහොමද කියලා ඒකට යන විය පැහැදම කොහොමද කියලා පැහැදිලි කිරීම තමයි අර බජට් ඔෆිස් එකේ අරමුණ වුණේ. නමුත් මම හිතනවා ඒ වගේ යාන්ත්‍රණයක් මැතිවරණ කොමිසමට තිබිය යුතුයි. යම් යම් පොරොන්දු දෙනකොට විසිපන්දාහ ගානේ දෙනවා. පහළොස්දාහ ගානේ දෙනවා. එහෙමත් නැත්නම් විදුලි බිල අඩු කරනවා. තෙල්වල බදු අයින් කරනවා. කොහොමද රට ගෙනියන්නේ? කොහොමද කරන්නේ කියන එක ගැන යම් විමර්ශනයක් අවශ්‍යයි මැතිවරණ කොමිසම පැත්තෙන්. ඒකට නීතිමය පසුබිමක්, පදනමක් අවශ්‍යයි. ඒ වගේම යම්කිසි කෙනෙක් තමන්ගේ පොරොන්දු කඩ කරනවා නම්, ඒ අය සම්බන්ධයෙන් කොයි විදියේ ක්‍රියාදාමයක් අනුගමනය කරන්න පුළුවන්ද? මේ ගැන ජාත්‍යන්තරව තියෙන අත්දැකීම් මොනවා ද? නීතිමය වශයෙන් තියෙන ගැටළු සහගත තත්වයන් මොනවා ද? කියන එක ගැන තමයි අපි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි විශ්වාස කරනවා මේක මේ රටේ ව්‍යවස්ථාව තුළත්, නීතිය තුළත් ඇවිල්ලා මේකේ යම්කිසි වගවීමේ බලයක්, මහජනයාට ලබාදිය යුතුයි. තමන් පත්කරන නියෝජිතයන් තමන්ට දෙන පොරොන්දු වලට පටහැනිව ක්‍රියා කරනකොට, ඒ අය සම්බන්ධයෙන් ක්‍රියා කරන්න. ඉතින් ඒක තමයි මෙහි හරය.”

දේශපාලන නායකයින්, ක්‍රියාකාරීන්, වෘත්තීයවේදීන්, මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….