අත්‍යාවශය කාර්යයන් සඳහා නිවසෙන් බැහැර යාමට පුද්ගලයනට අවසර දෙනුයේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කොට ගනිමින් බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර සිටිනවා.

ඒ අනුව සඳුදා දින වල නිවසින් බැහැරට යාමට අවස්ථාව හිමිවන්නේ ජාතික හැදුනුම්පතේ අවසාන අංකය 1 හෝ 2 සහිත පුද්ගලයින්ට පමණයි.

අඟහරුවාදා : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 3 හෝ 4 ඇති අය
බදාදා : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 5 හෝ 6 ඇති අය
බ්‍රහස්පතින්දා : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 7 හෝ 8 ඇති අය
සිකුරාදා : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 9 හෝ 0 ඇති අය

කවරකු හෝ නිවසෙන් බැහැර යා යුත්තේ ආහාර සහ ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිලට ගැනීමට පමණි. එවැනි භාණ්ඩ මිලදී ගැනීමට තම ප්‍රදේශයේ පිහිටි පා ගමනින් ගොස් ළගා විය හැකි ආසන්නතම වෙළෙඳ සැල පමණක් තෝරාගත යුතු බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Similar Posts