ගත වූ පැය 24කදී ඉන්දියාවෙන් කොරෝනා මරණ 2000ක්

ගත වූ පැය 24 ක කාලය තුළදී ඉන්දියාවෙන් වාර්තාගත අයුරින් කොරෝනා මරණ 2006 ක් හා නව කොරෝනා ආසාදිතයින් 13,103දෙනෙකු වාර්තා වී ඇති බව ඉන්දියාවේ පළ වන “ද ඉන්ඩියන් එක්ස්ප්‍රෙස් ” පුවත්පත පවසයි.

මෙම සංඛ්‍යාවන් සමගම ඉන්දියාවෙන් මෙතෙක් වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 12,262ක් දක්වා ඉහළ ගොස් ඇති අතර වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 367,264ක්  දක්වා ඉහළ ගොස් තිබෙන බව එම පුවත්පත කියයි.

More Stories