ජන හමු වේදිකාවට ගොඩ නොවි ජනතාව අතරට ගිය ජනපති

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවගේ ගැටලු පිළිබදව සොයා බැලීමටත් ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සංධානයේ මෙවර මහා මැතිවරණ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සදහාත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(05) පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ‍රැසක සංචාරය කරමින් ජනතාව මුණගැසුණේ ය.විශේෂත්වය වූයේ උදේවරුවේ ස්ථාන 4 ක සංවිධානය කර තිබූ ජන හමු කිසිවක ජනාධිපතිවරයා වේදිකා මත නැගී ජනතාව ආමන්ත්‍රණය නොකිරීමයි.

දිඹුලාගල ජන හමු සංවිධානය කර තිබුණේ ජගත් සමරවික්‍රම හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයසිංහ බණ්ඩා යන අපේක්ෂකයින් විසිනි.එම අවස්ථාවලට හිටපු රාජ්‍ය අමාත්‍ය පොලොන්නරුව දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානයේ අපේක්ෂක රොෂාන් රණසිංහ මහතාත්,සිරිපාල ගමලත් මහතාත් එක්ව සිටි අතර පොලොන්නරුව රාමදා හෝටලයේ හා දීප උයනේ පැවති ජන හමු සදහා රොෂාන් රණසිංහ මහතා සහභාගී නොවීම ද විශේෂිත ය.

අරලගංවිල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ දිඹුලාගල හා කළු කැලේ යන ප්‍රදේශවලත් පොලොන්නරුව රාමදා හෝටලය හා දීප උයන පරිශ්‍රයේ දීත් ජනාධිපතිවරයා පොදුවේ ජනතාව ආමන්ත්‍රණය කිරීමක් සිදු කළේ නැත.එසේ වුවත් ජනතා ගැටලු පිළිබදව ජනතාව අතරට ම ගොස් විමසීම් කළ අතර පොලොන්නරුව දීප උයනේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පමණක් ‍රැස්ව සිටි පිරිස අමතා කතා කළේ ය.

එම ආමන්ත්‍රණයෙන් පසු වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ස්ථානයට පැම්ණියේ ය.මෙහි දී අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ කීය.

“අගෝස්තු මහා මැතිවරණයට අපි තරග කරන්නේ මේ රටේ ප්‍රශ්න කිහිපයක් විසදන්න අවශ්‍ය සහය දෙන්නයි.මේ රටේ පවතින තත්ත්වය වෙනස් කරගන්න පසුගිය නොවැම්බර් මාසේ 6 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිතුමා අති විශිෂ්ට ජයක් ලබන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශිෂ්ට දායකත්වයක් දුන් බව ඔබ සියලු දෙනාම දන්නවා.

අපි පොහොට්‍ටුව සමග සන්ධාන ගත වෙලා ගිවිසුමක් ගැහුවා මහා මැතිවරණයත් එකට ම කරලා ආණ්ඩුවක් පිහි‍ටුවලා මේ රටේ අද තිබෙන සමාජ දේශපාලනික ,ආර්ථික ප්‍රශ්න අපි තේරුම් ගත යුතු වෙනවා.

මේ රටේ පළාත් සභා අවුරුදු 3 කට ආසන්න කාලයක් නැතුව රාජ්‍ය සේවකයින් විතරයි ඉන්නේ.පහුගිය ආණ්ඩු කාලේ අගමැතිවරයා කොමිටි කොමිටි කියකිය කොමිටි ගණනාවක් පත් කරලා විශාල අවුලක් නිර්මාණය කරලා ඡන්දය නොතියන තැනකට යමු කියලා කිව්වා.මම මේක විමසන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ මතයත් විමසුවා.අවශානයේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කීවේ මේක පාර්ලිමේන්තුවෙන් ම විසදා ගතයුතුයි කියලා.අනිත් පැත්තෙන් දේශපාලන සංස්කෘතිය අන්තයටම පිරිහීම දක්නට ලැබෙනවා.

දේශපානඥයාව රටට ආදර්ශයක් වියයුතු වෙනවා.ආර්ථික අර්බුදය ඔබ සැම  කෙනෙක් ම දන්නවා.සමාජ ප්‍රශ්න ගත්තාම අද සැමා තැනකම මත් ද්‍රව්‍ය පැතිරිලා.පහුගිය කාලේ මම මත් ද්‍රව්‍යවලින් රට බේරා ගැනීම සදහා වැඩපිළිවෙල රාශියක් ගෙනිච්ච බව ඔබ දන්නවා.මත් ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ට මරණීය දණ්ඩනය දෙන්න මම නියම කළා.මට විරුද්ධව මත් ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ ශේෂ්ඨාධිකරණයට ගිහිල්ලා නියෝගයක් ගත්තා ඒක වැලැක්කුවා.නැත්නම් මන් ඒ අය එල්ලලා මරනවා එකට කිසිම සමාවක් දෙන්නේ නෑ.

මත් ද්‍රව්‍යවලින් සමාජය බේරා ගන්න මත් ද්‍රව්‍ය ජාවාරම්කාරයින් ට මරණීය දණ්ඩනය දිය යුතුයි කියලා එදා ඉදලාම මාම කියපු දෙයක්.එය අදත් කියනවා හෙටත් කියනවා.ඒක බරපතල ව්‍යසනයක්.

 

ඒ වගේම තමයි අද ළමා අපචාර ස්ත්‍රී දූෂණ ,සමාජය තුළ තිබෙන විවිධ සමාජ විරෝධි ක්‍රියාවන් ,පාතාලය ,මංකොල්ල කෑම් අද ඉතාම බරපතලයි.අද ජනාධිපතිතුමා පාතාල මර්දනය ඉතාම හොදින් කරගෙන යන බව පේනවා.ඒ නිසා මේ රටේ දේශපාලන ,ආර්ථික හා සාමාජිය ප්‍රශ්න හදුනා ගෙන ඒවා විසදන්න ඕන නිදහස් සමාජයක ඔබ තමුන්නාන්සේලාට ජීවත් වෙන්න.

මේ අර්බුද තුනෙන් ගොඩ එන්න නම් වර්තමාන ජනාධිපතිතුමාට ශක්තිමත් ආණ්ඩුවක් හදා දෙන්න අවශ්‍යයි. මේ ආණ්ඩුව හදන්න තුනෙන් දෙකේ බලයක් අවශ්‍යයි.ඒ බලය හදන්න එතුමාට අපි සහය දෙන්න ඕන.ඒ සහය ලබා දීම සදහා තමයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විදිහට අපි සන්ධාන ගතවෙලා මේ මැතිවරණය කරන්නේ.ඒ තුළ අපට පුළුවන් වෙයි තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පිහි‍ටුවලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා එම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන තුළ පළාත් සභා ඡන්දය තියන්න පුළුවන් වේවි.

නීති රීති හදන්න පුළුවන් වේවි.ආර්ථික අර්බුදයට අවශ්‍ය පිළියම් යොදන්න පුළුවන් වේවි.ඒ නිසා සමාජීය ප්‍රශ්නවලට අලුත් නීතිරීති රාශියක් සැකසිය යුතුව තිබෙනවා.අද අපරාධකාරයෝ,මංකොල්ල කාරයෝ කුඩු කාරයෝ මර්දනය කරන්න ගියාම උසාවිවලට අවුරුදු ගණන් ඒ නඩු අහනවා.අවුරුදු 10 ක් 15ක් අහනවා.මේවා පරන නීති රීති.මේවා වෙනස් කළ යුතු වෙනවා පාර්ලිමේන්තුවේ දී.ඒ නිසා තමයි මේ රටේ අපරාධ වැඩි වෙලා තියෙන්නේ.කුඩු ජාවාරම් වැඩි වෙලා තියෙන්න.පාසල් දරුවෝ ඒවට එබ්බැහි වෙලා තියෙන්නේ.

මම ජනාධිපති කාලෙත් මේවා මර්දනය කරන්න ඇතැම් දේවල් කළා සමහර දේවල් කරන්න උත්සාහ කළා නමුත් මමත් අගමැතිවරයාත් අතර තිබුණු ප්‍රශ්න නිසා ඒවට විසදුම් හෝන්න බැරි වුනා.වර්තමාන ජනාධිපතිතුමාට මම හිටපු ජනාධිපතිවරයෙක් විදිහට පාර්ලිමේන්තුවේ අවුරුදු 30ක් පමණ හිටිය කෙනෙක් විදිහට වැඩ කටයුතු කළා.අවුරුදු 5කට අඩු කාලයක් ජනාධිපති ධූරයේ ඉදිමින් බොහෝ දේ කළා.

ඒ නිසා මේ රටේ දුප්පත් කම තුරන් කරන්න.සමාජ ප්‍රශ්න විසදන්න අලුත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ජනාධිපතිතුමාට අරන් දෙමු.පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ආසන මන්ත්‍රී ආසන 5න් 4ක් අපි ජනාධිඅතිතුආට ලබා දෙමු.”

මෙම අවස්ථාවේ ජනාධිපති ගෝඨාභය රාජපෂ මහතා එම ස්ථානයට පැමිණි අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්  ජනාධිපතිවරයාව පිළිගනු ලැබීය. එහි දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනතාවගේ උණුසුම් පිළිගැනීමක් ද දක්නට ලැබුණි.

 

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….