ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ඉවතට

ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ඉවතට

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස පසුගියදා වැඩබාරගත් රෝහණ දේව පෙරේරාව එම තනතුරින් ඉවත් කර ඇතැයි  ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහුව  සභාපතිධූරයට පත් කිරීමට එරෙහිව එහි සේවකයින් හා තවත් පාර්ශ්ව ගණනාවක් විරෝධය පළ කර තිබිම මීට හේතු වී ඇත. අමාත්‍යංශ ලේකම්වරයා විසින් රෝහණ දේව පෙරේරා මහතා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිධුරයෙන් ඉවත් කිරීමට තීරණය කර…

මදීනා ෆුඩ්ස්හි පාරිෙභා්ජනයට නුසුදුසු ටොන් 17.5 ක්

මදීනා ෆුඩ්ස්හි පාරිෙභා්ජනයට නුසුදුසු ටොන් 17.5 ක්

කල් ඉකුත් වූ බේකරි සහ කේක් අමුද්‍රව්‍ය ඇතුළු ආහාර ටොන් 17.5 ක් වත්තල හැඳල ප්‍රදේශයෙන් සොයාගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. වත්තල හැඳල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන මදීනා ෆුඩ්ස් පුද්ගලික සමාගමේ ගබඩා පරීක්ෂා කළ අවස්ථාවේදී මෙම ආහාර තොගය සොයාගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කරයි. කල් ඉකුත් වූ නිෂ්පාදනවල ලේබලය ඉවත් කර නව…

සෝමාලියාවේ හදිසි තත්වයක්

සෝමාලියාවේ හදිසි තත්වයක්

පළගැටියන් විශාල ප්‍රමාණයක් රට පුරා පැතිරීම හේතුවෙන් සෝමාලියාවේ ජාතික හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරයි. මෙම උවදුර සම්බන්ධයෙන් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ කලාපයේ පළමු රට සෝමාලියාවයි.  සෝමාලියාවේ පවතින ගැටලුකාරී ආරක්ෂක තත්වය හමුවේ, ගුවන් යානා භාවිතයෙන් පළගැටි උවදුර මැඩපැවැත්වීමට කෘමිනාශක ඉසීමට ද බාධා එල්ල වී ඇත.

72 වන නිදහස සැරසෙන අභිමානය

72 වන නිදහස සැරසෙන අභිමානය

72 වන අභිමානවත් නිදහස වෙනුවෙන් මේ මොහොත වන විටත් සියළු කටයුතු සූදානම් කර ඇත. ඒ වෙනුවෙන් කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වෙයි

කොරෝනා අසාදිත චීන කාන්තාවගේ අවසන් වාර්තාව වෛද්‍ය පර්යේෂණ ආයතනයට

කොරෝනා අසාදිත චීන කාන්තාවගේ අවසන් වාර්තාව වෛද්‍ය පර්යේෂණ ආයතනයට

කොරෝනා අසාදනය වී ප්‍රතිකාර ලබන චීන ජාතික කාන්තාවගේ අවසන් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකර ඇතැයි වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පවසයි. වෛද්‍යවරයා පැවසුවේ එහි ප්‍රතිඵල මත ඇයව රෝහලෙන් මුදාහැරීමට කටයුතු කරන බව ය. ආහාර හරහා කිසිඳු අයුරකින් කොරෝනා ව්‍යාප්ත නොවන බව සෞඛ්‍ය අංශ පවසයි. රෝගියෙකුගේ සෙම ශරීර ගතවීමෙන්, කිවිසුම් හෝ වෙනත් ක්‍රමයකින් රෝගියාගේ ආසාදිත ශ්‍රාවයන්…

දෙනුවර මැණිකේ අද සිට දිනපතා ධාවනයට

දෙනුවර මැණිකේ අද සිට දිනපතා ධාවනයට

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන දෙනුවර මැණිකේ දුම්රිය අද දිනපතා ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මේ දක්වා එම දුම්රිය ධාවනය වුයේ දිනක් හැර දිනක් ය.

air

තවත් ලාංකික සිසුන් 204 චීනයේ

චීනයේ සිට යළි මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන්  සිසුන් 204 දෙනෙකු  සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශය සදහන් කරයි. චීනයේ සිටින එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලුම දෙනා ආපසු ගෙන ඒම සඳහා විදේශ සබඳතා අමාත්‍යාංශය, බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය කටයුතු කරන බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.  

බසන්ත් පංචමී වසන්ත සැණකෙළිය

බසන්ත් පංචමී වසන්ත සැණකෙළිය

සම්ප්‍රදායානුකුලව ශුද්ධ වූ ජලයේ ස්නානය කර වසන්තයේ ආරම්භය සනිටුහන් කිරීමට ඉන්දියාවේ වාර්ෂිකව පැවැත්වෙන බසන්ත් පංචමී (Basant Panchami) වසන්ත සැණකෙළිය අරඹයි. මෙම උත්සවයේදී කවදත් දැනුමට සහ ඉගෙනීමට අධිපති සරස්වතී දෙවඟන වෙනුවෙන් පුද පූජා පැවැත්වීමට හින්දූන්ගෙන්  හිමිවන්නේ ප්‍රමුඛස්ථානයක්.  

හෝලි ඇරඹෙයි

හෝලි ඇරඹෙයි

ඉතාමත් වර්ණවත් උත්සවයක් වන හෝලි උත්සව සමය ඉන්දියාවේ උතුරුදිග මතුරා නගරයේ දී ආරම්භ වුණි. ක්‍රිෂ්ණ දෙවියන් සැමරීම උදෙසා පැවැත්වෙන හෝලි උත්සව සමයේ ආරම්භය මෙම උත්සවය මගින් සංකේතවත් කෙරෙයි. වර්ණවත් කුඩු විශේෂයක් බැතිමතුන් වෙත ඉසිමින් බැතිමතුන් දේවාලය වෙත පිළිගැනීමට හින්දු පූජකවරුන් කටයුතු කරයි. වාර්ෂිකව දින 40ක් පුරාවට පැවැත්වෙන හින්දු භක්තිකයන්ගේ වසන්ත සැණකෙළි සමයයි.  

කොරෝනා නිසා සංවර්ධන ව්‍යාපෘති නවත්වන්න අවශ්‍ය නෑ

කොරෝනා නිසා සංවර්ධන ව්‍යාපෘති නවත්වන්න අවශ්‍ය නෑ

කොරෝනා වසංගතය හේතුකොටගෙන සංවර්ධන ව්‍යාපෘති නවතා දැමීම අවශ්‍ය නොවන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා  සදහන් කරයි. රට කොරෝනාවලින් තොර බවට තහවුරු වූ විගස සංචාරක ව්‍යාපාරය යළි පනගන්වන බව අමාත්‍යවරයා පවසයි.