වෙසක් පොහොයට සිරකරුවන් 278කට නිදහස
වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාවක් පිරිනැමීමට තීරණය කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියේ පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා විසින් බන්ධනාගාරගත සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාවක් පිරිනමන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව දිවයිනේ සියලුම බන්ධනාගාරවලින් සිරකරුවන් 278 දෙනෙකු හෙට දිනයේ නිදහස් කිරීම සිදුවනු ඇති.වැලිකඩ බන්ධනාගාරයෙන් සිරකරුවන් 15 දෙනෙකු සහ මහර බන්ධනාගාරයෙන් සිරකරුවන්…