dailyreporter

සිම්බාබ්වේ පිල දිවයිනට

ශ්‍රී ලංකා තරග සංචාරයට එක්වන සිම්බාබ්වේ කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ. එම තරග සංචාරයේදී සිම්බාබ්වේ පිල ශ්‍රී ලංකා පිල සමග එක්දින තරග 3කට සහ 20-20 තරග 3කට සහභාගී වීමට නියමිතය. සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින තරගය ජනවාරි 6 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

telephone

දුරකථන, අන්තර්ජාල සහ රූපවාහිනී සේවා ගාස්තු ඉහළට

දුරකථන, අන්තර්ජාල සහ රූපවාහිනී සේවා ගාස්තු 3%කින් ඉහළ ගොස් තිබේ. විදුලි සංදේශ සේවා සපයන්නන් පවසන්නේ 38.4%ක් ලෙස පැවති දුරකථන සේවාවල සම්පුර්ණ බදු ප්‍රතිශතය 42%ක් පමණ වනු ඇති බවයි .අන්තර්ජාල සේවා ගාස්තු සඳහා නව වැට් බදු සංශෝධනයෙන් පසු 20.3 සිට 23.5ක් වන අතර මෙම බදු සඳහා සෙසු බද්ද සහ සමාජ ආරක්ෂණ බද්ද ඇතුළත් වන බවයි වෙයි….

බදු අංකය අනිවාර්ය වන අවස්ථා කිහිපයක් මෙන්න

බදු අංකය අනිවාර්ය වන අවස්ථා කිහිපයක් මෙන්න

බදු හඳුනාගැනීමේ අංකයක් (TIN Number) ලබා ගත් පමණින් යමෙකුට බදු ගෙවීම සඳහා බැඳියාවක් ඇති නොවන බවත්, වාර්ෂික බදු නිදහස් කිරීමේ සීමාව වන රුපියල් ලක්ෂ 12කට වඩා වැඩි ආදායමක් ලබන වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින් පමණක් බදු ගෙවීම සඳහා වගකීමෙන් බැඳෙන බවත් මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටියි. එමෙන්ම ජංගම බැංකු ගිණුමක් විවෘත කිරීමේදී, ගොඩනැගිලි සැලසුම් සඳහා…

ජපානයේ භූ කම්පනයෙන් මරණ 20ක්

ජපානයේ භූ කම්පනයෙන් මරණ 20ක්

ජපානයට ඊයේ බලපෑ රිච්ටර් මාපක 7.4ක ප්‍රබල භූ කම්පනය සහ පසුකම්පන හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. නිවාස, කාර්යාල ඇතුළු ගොඩනැගිලි කඩා වැටීම හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බව වාර්තා වේ. ජපානයේ වෙරළබඩ ප්‍රදේශ රැසකට සුළු සුනාමි තත්ත්වයක් හටගත් අතර මේ වන විට සුනාමි අනතුරු ඇඟවීම් ඉවත් කර තිබේ.

විශේෂ අරක්කු බෝතලයක වෙන්න යන වෙනස

විශේෂ අරක්කු බෝතලයක වෙන්න යන වෙනස

විශේෂ අරක්කු බෝතලයක සහ පොල් අරක්කු බෝතලයක මිල රු 400කින් පමණ ඉහළ යා හැකි බව වාර්තා වේ. වැට් සහ සුරාබදු වැඩිවීම හේතුවෙන් මෙලෙස මිල ඉහළ යා හැකි බව ඩිස්ටිලරීස් සමාගම (Distilleries Company of Sri Lanka PLC)පවසයි.

dailyreporter

මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය ඇනහිටී

මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය ඇනහිට තිබෙන බව පොලීසිය දැනුම්දෙයි.ඒ එම මාර්ගයට දිගන, ගෝනවල ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීම හේතුවෙන්. ඒ අනුව විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

p-chandasekran

දිවංගත පී.චන්ද්‍රසේකරන් මහතාගේ 14වන ගුණානුස්මරන සැමරුම

කදුරට ජනතා පෙමුණේ නිරිමාතෘ හා එහි හිටපු නායක දිවංගත පී. චන්ද්‍රසේකරන් මහතාගේ 14වන ගුණානුස්මරන සැමරුම් උත්සවය 2024 ජනවාරි මස 01වන දින පැවැත්විමට පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු කදුරට ජනතා පෙරමුණේ නිලධාරියකු පවසන ලද්දේ කදුරට ජනතා පෙරමුණේ වත්මන් නායක නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මංත්‍රි වි. රාධා ක්‍රිෂ්ණන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ගුණානුස්මරණ…

gov

ඉතිහාසයේ පළමු වරට දශක දෙකහමාරකට පසු ප්‍රාථමික ගිණුමේ ඉතිරියක්

ඉතිහාසයේ පළමු වරට මෙරට රාජ්‍ය ආදායම ලෙස රුපියල් කෝටි තුන්ලක්ෂ එකළොස්දහස් පන්සියයක (බිලියන 3115) මුදලක් ගත වූ 2023 වසරේදී උපයා ගැනීමට රජය සමත් වී තිබේ. මෙය රාජ්‍ය ආදායම් ඉතිහාසයේ එක් වසරකදී උපයා ගනු ලැබූ ඉහළම අදායම වන බවත් රජයේ සමස්ත බදු ආදායම රුපියල් ට්‍රිලියන තුන ඉක්මවා අය කරගත් පළමු අවස්ථාව මෙය බවත් ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය…

2024 නිෂ්පාදන ආර්ථිකයක් – ආර්ථිකය සවිමත් කරගන්න මේ මඟෙහි යා යුතුයි

2024 නිෂ්පාදන ආර්ථිකයක් – ආර්ථිකය සවිමත් කරගන්න මේ මඟෙහි යා යුතුයි

ආර්ථිකය සවිමත් කරගන්න මේ මඟෙහි තවදුරටත් යා යුතුයි එය මල් ඇතිරූ මඟක් නොවේ එකිනෙකා සතු වගකීම් ඉටු කොට මාතෘ භූමිය යළි ඔසවා තැබීමේ අභියෝගය ජය ගැනීමට නව වසරේ අදිටන් කර ගනිමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව වසර වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි. එහි මෙසේ ද සඳහන් කර තිබේ. 2024 නව වසරට අප…

මත් පැන් මිළ ගණන් ඉහළට

මත් පැන් මිළ ගණන් ඉහළට

මත්පැන් මිල ගණන් සංශෝධනය කළ බව ඩිස්ටිලරීස් සමාගම (Distilleries Company of Sri Lanka PLC) පවසයි. මෙම මිල ඉහළ දැමීම 2024 ජනවාරි පළමු වනදා සිට ක්‍රියාත්මක අතර වැට් වැඩිවීම මත මෙම මිල ගණන් සංශෝධනය කර ඇති බව එම සමාගම පවසයි. ඒ අනුව මිලිලීටර් 750 මත්පැන් බෝතලයක් රුපියල් 90කින් මිල ඉහළ දමා තිබෙයි. මිලිලීටර් 375 සහ මිලිලීටර්…