oil

ඉන්ධන මිල යළි ඉහළට

ඊයේ(31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ,ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව තීරණයකර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13 කින් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 42 ඉහළ යනු ඇත. මිල වැඩි කිරීම අනුව 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 361 වනු ඇත. 95 පෙට්‍රල් ලීටරයක මිල නව…

දුම්රිය සීනු සහ සංඥා පද්ධතිය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්

දුම්රිය සීනු සහ සංඥා පද්ධතිය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්

පසුගිය දිනෙක සතිපතා පුවත්පතක දුම්රිය විදුලි සීනු සහ සංඥා පද්ධතිය සම්බන්ධව පළවූ පුවතෙහි මේ වන විට සත්‍යතාවයක් නොමැති බවත්, එම පුවත්පත පළ කරන ආකාරයට 2023 වසරේ දී එවන් සිදු වීමක් සිදුව නොමැති බවත්, 2022 වසරේ අගෝස්තු මස කරන ලද විගණන වාර්තා එම පුවතට පාදක කරමින් කරන ලද්දක් බවත් අතිරේක දුම්රිය සාමාන්‍යධිකාරී (මෙහෙයුම්) වී.එස්. පොල්වත්තගේ මහතා…

දැවෙන ප්‍රශ්න වලට නිසි විසදුම් ලබා දිමට කදුරට ජනතා බලය ආරම්‍භ කරයි

දැවෙන ප්‍රශ්න වලට නිසි විසදුම් ලබා දිමට කදුරට ජනතා බලය ආරම්‍භ කරයි

කදුරට වතුකර ජනතාවගේ දැවෙන ප්‍රශ්න රාශියක් පවතින බවත් එයට නිසි විසදුම් ලබා දිමේ අරමුණ මත කදුරට ජනතා බලය ආරම්‍භ කල බව එහි සභාපති රාමන් සෙන්දුරන් මහතා පවසයි. කදුරට ජනතා බලය සභාපති රාමන් සෙන්දුරන් මහතා හැටන් නගරයේ පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු අතර එහිදි ඔහු වැඩි දුරටත් මෙසේ පවසන ලදි. කදුකරයේ ජිවත්වන වතුකර ජනතාවගේ දැවෙන…

ශ්‍රී ලංකාව ඉලක්ක කරගත් පිරමීඩ ජාවාරම් සියයකට අධික ප්‍රමාණයක් ඇතැයි හෙළිවේ
|

ශ්‍රී ලංකාව ඉලක්ක කරගත් පිරමීඩ ජාවාරම් සියයකට අධික ප්‍රමාණයක් ඇතැයි හෙළිවේ

ශ්‍රී ලංකාව ඉලක්ක කරගත් පිරමීඩ ජාවාරම් සියයක් පමණ අන්තර්ජාලය ඔස්සේ තවමත් ක්‍රියාත්මක වෙමින් ඇති බව බුද්ධි අංශ කළ විමර්ශනයකදී හඳුනාගෙන ඇත. මෙවැනි පිරමීඩ ක්‍රම නියාමනය කිරීම සඳහා නීති පද්ධතියක් තිබියදීත් වගකිව යුතු අංශ ඒවා නිසි ලෙස අධික්ෂණය කර නොමැතිවීම හේතුවෙන් ව්‍යාප්ත වී ඇති බවද බුද්ධි අංශ රජයට පෙන්වා දී තිබේ. මූල්‍ය ත්‍රස්තවාදය සම්බන්ධව සොයා බැලීමට…

tax

මේ වසරේදී බිලියන 3101ක බදු ආදායම් ඉලක්කයක්

මේ වස‍ර ඇතුළත රුපියල් බිලියන 3101ක රාජ්‍ය බදු ආදායම් ඉලක්කයක් ළඟා කරගත යුතුව ඇතැයි රාජ්‍ය ආදායම් පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා පැවැසීය. මේ ආදායම් ඉලක්කයෙන් මේ වන විට අය කරගත හැකිව තිබෙනුයේ රුපියල් බිලියන 1711ක් බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය. ඉලක්ක කළ පරිදි දැනට ආදායමෙන් සියයට 47ක් සපුරාගෙන තිබේ. ඉතිරි සියයට 53 ජය…

weather in today

වැසි තත්ත්වයේ වැඩිවීමක්

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය සැප්තැම්බර් මස 01, 02, සහ 03 දිනවල තවදුරටත් වැඩි වීමේ හැකියාවක් පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර 75ක පමණ තරමක් තද වැසිද ඇති විය හැක. නැගෙනහිර සහ…

අපට සිහිනයක් ඇත ව්‍යාපාරයේ මහජන සම්මන්ත්‍රණය හෙට(31)

අපට සිහිනයක් ඇත ව්‍යාපාරයේ මහජන සම්මන්ත්‍රණය හෙට(31)

නීතියේ ආධිපත්‍යය හා සමාජ සාධාරණත්වය ප්‍රමුඛ කරගත් ජාතික සමගිය මත පදනම් වූ රාජ්‍ය පාලන ක්‍රමයක් හා දූෂණ වංචාවලින් තොරව විනිවිදභාවයෙන් යුතු කාර්යක්ෂම හා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයක් හා රාජ්‍ය නියාමනයට යටත් වූ, තරගකාරී නිදහස් වෙළදපොළ ආර්ථික ක්‍රමයක් ඇති කිරීම මූලික අරමුණු කරගනිමින්, සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය, නිදහසේ වේදිකාව හා අලුත් කතාබහ ඇතුළු තවත් සිවිල් සංවිධාන…

cyber-attack katha puwath

සයිබර් තර්ජන මැඬලීමට ඉන්දියාව- බංග්ලාදේශය එක් වෙයි

සයිබර් තර්ජන මැඬලීමට ඉන්දියාව සහ බංග්ලාදේශය ඒකාබද්ධව වැඩසටහන්මාලාවක් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දෙපාර්ශ්වයේ නියෝජිතයන් ඇතුළත් වන පරිදි සයිබර් අභ්‍යාස, වැඩමුළු සැලසුම් කර ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ. මේ සාකච්ඡාවට බංග්ලාදේශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජ්‍ය ඇමැති සුනෙයිඩ් අහමඩ් පලාක්ගේ සහ ඉන්දියාවේ පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සංජේ බහ්ල්ගේ ප්‍රධානත්වයෙන් පැවැති…

යාපනයේ තුන් නිවුන් දරු උපතක්

යාපනයේ තුන් නිවුන් දරු උපතක්

යාපනය ශික්ෂණ රෝහලේදී තුන් නිවුන් දරු උපතක් 27 දා සිදුව තිබේ. යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේ කාන්තාවකට මෙම තුන් නිවුන් දරු උපත සිදුව ඇති අතර දරුවන් තුන් දෙනාම මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව යාපනය ශික්ෂණ රෝහලේ නාරි හා ප්‍රසව වෛද්‍ය විශේෂඥ අප්පුතුරෙයි ශ්‍රීධරන් මහතා පැවසීය. දරුවන් තුන් දෙනාගෙන් දෙදෙනෙකු පිරිමි දරුවන් වන අතර අනෙක් දරුවා ගැහැනු දරුවෙකි….