ජනතා ගුරුත්වයෙන් නිදහස් වන රනිල්…

ජනතා ගුරුත්වයෙන් නිදහස් වන රනිල්…

මෙහෙම එකක් තියනවා. ඒ තමයි රනිල් මේ ගමන් කරන ලාංකික දේශපාලනයේ කාල කොරිඩෝව (time corridor) කියන්නේ වෙන කිසිම වෙලාවක නොතිබ්බ අමාරු සහ අවිනිශ්චිත කොරිඩෝවක් කියන එක. අවම වශයෙන් ඉන්දියාව ලංකාවට පරිප්පු දාපු වෙලාවෙවත් මෙහෙම අසීරු බවක් ලංකාවේ නොතිබෙන්න ඇති. මොකද ඒ වෙලාවේ රට බංකොලොත් වෙලා තිබ්බේ නැති හින්ද. ඉන්දියන් පරිප්පු කාල වසර හතළිහකට විතර පස්සේ…

ranil3

ජනාධිපතිගේ පදවි ප්‍රාප්තියට අදට (20) වසරක් සපිරේ

මෙරට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පදවි ප්‍රාප්තියට අදට (20) වසරක් සපිරේ. ජනාධිපති ධුරයට පත්වී වසරක් සම්පූර්ණ වීම සැමරීම වෙනුවෙන් කිසිදු උත්සවයක් සංවිධානය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම් ඇතුළුව රට අරාජිකත්වයට පත්ව තිබූ මොහොතක රට භාර ගෙන මේ වන විට එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්…

ගුවන් සේවකයෝ අවම රු. 33,000ක වැටුප් වර්ධකයක් ඉල්ලති

ගුවන් සේවකයෝ අවම රු. 33,000ක වැටුප් වර්ධකයක් ඉල්ලති

වැටුප් වැඩි කර ගැනීම ඇතුළු තව ත් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් කටුනායක ගුවන් තොටුපොළ සේවකයින්ගේ විරෝධතාවක් (ජූලි 19) පෙරවරුවේ පැවැත්විණි. මෙම විරෝධතාවට ගුවන් තොටුපොළ අන්තර් සමාගම් සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ප්‍රගතිශීලී සේවක සංගමය, ජාතික සේවක සංගමය සහ සමගි සේවක සංගමය නියෝජනය කරමින් ඒවායේ සාමාජිකයන් 3,000 ක පමණ පිරිසක් එක් වී සිටි…

මුදල් හුවමාරුව පිලිබදව දැනුම ලබා ගැනීමට සිගිති පොළක්

මුදල් හුවමාරුව පිලිබදව දැනුම ලබා ගැනීමට සිගිති පොළක්

හැටන් කීඩිස් පෙර පාසලේ සිගිති දරුවන්ගේ සිගිති පොළක් එම පෙර පාසල අසලදි පවත්වන ලදි. මුදල් හුවමාරුව පිලිබදව මෙම පෙර පාසල් දරුවන්ට ප්‍රායෝගි දැනුම ලබා දිමේ අරමුණ මත එම පෙර පාසලේ විදුහල්පතිනි ඒ. මල්ලිකා මහත්මියගේ උපදෙස් මත එම පෙර පාසලේ ගුරු මණ්ඩලය හා පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන් විසින් මෙම සිගිති පොල සංවිධිනය කරන ලදි. මනුර සුදත්…

onlinejobbank

රැකියා අහිමි වූවන්ට කමිටුවක්

රට තුළ මතු වූ ආර්ථික අර්බුදය හේතුවෙන් රැකියා අහිමිවූවන් යළි රැකියාගත කිරීම සඳහා වන ක්‍රමෝපාය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ක්‍රියාකාරී කමිටුවක් පත් කර ඇත. කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී අදාළ කමිටුව පත් කිරීමට පියවර ගැනිණි. කම්කරු…

winestores

මත්පැන්වල සැර මත බදු පැනවීමට රජයේ අවදානය

මත්පැන්වල සැර මත බදු පැනවීමට රජයේ අවදානය යොමුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එසේම රාජ්‍ය ආදායමට බදු ගෙවූ මත්පැන් බෝතලයක්ද යන්න සොයාගැනීම සඳහා ස්ටිකර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් එම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන බවත් පැවසීය. මේ අතර නිෂ්පාදනාගාර සහ සුරාබදු දෙපාර්තමේන්තුව සහ මුදල් අමාත්‍යාංශය අතර තාක්ෂණික තොරතුරු හුවමාරුවක් කිරීමට බලාපොරෝත්තු වන…

gossip lanka news

සෙලෙන්දිවා ඈවරයි

රජයට අයත් වාණිජ වටිනාකමක් සහිත ඉඩම් ගොඩනැඟිලි ඇතුළු දේපළ බාහිර පාර්ශ්ව වෙත අලෙවි කිරීමේ මූලික අරමුණ පෙරදැරිව පසුගිය රාජ්‍ය සමයේ එනම් 2021.03.04 වැනිදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව ආරම්භ කළ සෙලන්දිවා ලෙෂර්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සහ සෙලන්දිවා ඉන්වෙස්මන්ට්ස් ලිමිටඩ් නමැති සමාගම් ස්වෙච්ඡාවෙන්ම ඈවර කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී ඇතැයි එම සමාගම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඊයේ (18 දා)…

kalu-juliya

83 කලු ජූලියේ මතක සටහනක්

මේ මගේ කතාවේ වීරයා ය. වෛද්‍ය ඊශ්වරන් කණපති පිල්ලෙයි හොරණ නගරයට සිටි දෙමළ වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක්කෙනෙක්.අනෙක් කෙනා වෛද්‍ය ගනේෂන්.⁣හොරණ රෝහලේ සේවයට පැමිණි කණපති පිල්ලෙයි කොහේවත් ගියේ නැත.තම සේවා කොන්දේසි කාලය නිමා වූ පසු රජයේ සේවයෙන් ඉවත්ව පෞද්ගලික වෛද්‍ය වෘත්තිය ආරම්භ කරමින් හොරණ ම නතර විය.නගරයේ සිංහල වෛද්‍යවරුන් සිටිය ද ⁣රෝගීන්ගේ වැඩි ආකර්ෂණයක් තිබුනේ දෙමළ වෛද්‍යවරුන්…

විදෙස් ගමන් බලපත්‍ර

ශ්‍රේණිගත කිරීමකින් ලංකාවේ විදෙස් ගමන් බලපත්‍රය ඉදිරියට

ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය පසුගිය වසරේ සිට ස්ථාන අටකින් ඉදිරියට ගොස් 95 වැනි ස්ථානයට පත්ව තිබේ. ඒ Henley and Partners Index 2023 විසින් ප්‍රකාශයට පත් කරන ලද ලැයිස්තුවට අනුවයි. ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ නිල දත්ත මත පදනම්ව Henley විදේශ ගමන් බලපත්‍ර දර්ශකය ප්‍රකාශයට පත් කෙරෙයි. පූර්ව වීසා බලපත්‍රයක් නොමැතිව ඔවුන්ගේ හිමිකරුවන්ට ප්‍රවේශ විය හැකි…

parliament-of-sri-lanka Mesothelioma attorney specialized Best-structured settlement annuity companies Purchase structured settlements Offshore accident lawyer premium

දූෂණ විරෝධී පනත් අද යළි පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුව අදත් (19) උදෑසන 9.30ට රැස්වේ. දූෂණ විරෝධි පනත් අද යළිත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.දූෂණ විරෝධී පනත් කෙටුම්පත පසුගිය 06 වැනි දා පාර්ලිමේන්තුවේදී දෙවැනි වර කියවීම සම්මත විය. ඒ, සංශෝධන ඇතුළත් කිරීමට යටත්වයි. අද යළිත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඊට අදාළව තවත් සංශෝධන ඉදිරිපත් කිරීම සඳහායි.