ජනතා ගුරුත්වයෙන් නිදහස් වන රනිල්…

මෙහෙම එකක් තියනවා. ඒ තමයි රනිල් මේ ගමන් කරන ලාංකික දේශපාලනයේ කාල කොරිඩෝව (time corridor) කියන්නේ වෙන කිසිම වෙලාවක නොතිබ්බ අමාරු සහ අවිනිශ්චිත කොරිඩෝවක් කියන එක. අවම වශයෙන් ඉන්දියාව ලංකාවට පරිප්පු දාපු වෙලාවෙවත් මෙහෙම අසීරු බවක් ලංකාවේ නොතිබෙන්න ඇති. මොකද ඒ වෙලාවේ රට බංකොලොත් වෙලා තිබ්බේ නැති හින්ද.
ඉන්දියන් පරිප්පු කාල වසර හතළිහකට විතර පස්සේ ඉන්දියන් සංචාරය සඳහා රනිල් රටින් පිටවෙන්නේ ගැටළු ගණනාවක බර කරට ගනිමින්.

එක පැත්තකින් අපි මේ බංකොලොත් බවෙන් ගොඩඑන්න යම් උපකාර ප්‍රමාණයක් ඉන්දියාවෙන් සහ ලෝකයෙන් ඉල්ලන්න ඕනි. ඒ සඳහා කේවල් කරන්න කිසිදෙයක් දැන් අපේ අතේ නැහැ. අනික් අතට සුළු ජාතීන් සම්බන්දයෙන් ධනාත්මක පිළිතුරක් ඉන්දියාව අපෙන් බලාපොරොත්තු වෙනවා. කේවල් කරන්න කිසිදෙයක් අතේ නැතුව සුළු ජාතීන් සම්බන්ද ප්‍රශ්නෙත් අරන් එහෙ යනවා කියන්නේ ඒක අන්තිම අමාරු ගණුදෙනුවක් වෙන්න නියමිතයි.
මම කියන්නේ මේ ප්‍රශ්න දෙක, ඒ කියන්නේ බංකොලොත් බවෙන් ගොඩ එන ගැටළුව වගේම සුළු ජාතීන් වෙනුවෙන් දේශපාලන විසඳුමක් ගැන වූ පරක්කු ප්‍රශ්නය කවුරු ආවත් අනිවාර්යයෙන් විසඳිය යුතු ගැටළු දෙකක්.

අවම වශයෙන් පසුගිය අවුරුදු විස්ස තිහ ඇතුලේ කවුරු හරි මේකට බෙල්ල දිය යුතුව තිබුණ. දැන් රනිල් මේකට බෙල්ල දෙමින් තිබෙනවා.
ඉන්දියාවේ යන්න කලින් රනිල් සුළු ජාතික පක්ෂ එක්ක තිබ්බ රැස්වීමේදී සුමන්දිරන්ගේ මූණටම කියනවා මම මේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන තැනදී මේකේ කෙළවරක් දක්වාම යන්න හිත හදාගෙන ඉන්නේ කියල ( I am determined to go all the way – මම ඒක හිතුවක්කාර විදියට පරිවර්තනය කරන්නේ මම මේ ගැටළුවේ අවසානය දක්වාම යන්න හිත හදාගෙන ඉන්නේ කියල).
එහෙම කෙළින් විවෘතව මේ දේ කියන්න නිදහසක් ලංකාවේ නිදහසින් පස්සේ බලයට පත්වෙච්ච කිසිම නායකයෙක්ට තිබ්බේ නැහැ කියල මට හිතෙනවා (ඩී. බී. විජේතුංග මහත්තයාට හැර). මේ තමයි ”ජනතාවගෙන් බරෙන්” නිදහස් වීමේ සැහැල්ලුවේ තියන දේශපාලනික බව. කුන්දේරාගේ භාෂාවෙන් කියනවා නම් පියාපතක සැහැල්ලුව.

මීට කලින් ආපු හැම නායක නායිකාවක්ම මේ ප්‍රශ්නය ගැන ගැඹුරු මතවාදී කියවීමක් නැති ලාංකික ජනතාවගේ බර නිසා දුක්වින්ද. ජේ ආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද සහ ගෝඨා යන හැම කෙනෙක්ම (නිර්මාණය) තමන් මෙතෙන්ට ගෙනාපු ජනතාවගේ (නිර්මාණකරු) ගේ බර දරාගෙන හිටිය. හැත්තෑ වසරකටත් වඩා පරණ මේ සුළුජාතික ජන කොටස්වල බල අනන්‍යතා ගැටළුව පොඩ්ඩක්වත් ඉස්සරහට ගියේ නැත්තේ මේ ජනතා කැමැත්ත නම් පිස්සුව නිසා. රනිල් පවා එහි ගොදුරක් (ලංකාවේ හැම නායකයෙක්ම ලාංකික ජනතාවගේ ගොදුරු).
ජනවාර්ගික ගැටළුව ගැන යම් හෝ සාධනීය තැනක හිටපු රනිල් කියන මනුස්සයාගේ දේශපාලනය ලංකාවේ නැත්තට නැති කළේ මේ උඩක් පල්ලක් නැති ලාංකික ජනතාව. හැබැයි මම මීට කළිනුත් කිව්වා වගේ රනිල් දැන් ඇවිල්ල ඉන්නේ අර ජනතාව නැතුව. ගුරුත්ව කේන්ද්‍රයෙන් නිදහස් ව.

දැන් ”ජනතා නෛතික බව” (people’s mandate) නැහැ කියන ආණ්ඩුවක නායකයා හැටියට රනිල් කියනවා මේ බලය විකේන්ද්‍රනය කරන ගැටළුවේ (13 බලාත්මක කිරීමේ) අවසානය දක්වා යන්න හිත හදාගෙන තියනවා කියල. ජනතා නෛතිකබව නැහැ කියන ආණ්ඩුවක් ඇතුලේ පඬු කරඳ ගහ නැතිවුණා වගේම දශක ගණනක් දිග්ගැස්සුන මේ ප්‍රශ්නෙත් හිතුවක්කාර විදියට විසඳූනොත් ඒක කොහොමද?
ජනතා නෛතික බවෙන් නිදහස් මේ ආණ්ඩුවට එයාල නිර්මාණය කරපු අතීත ජනතාවක් නැහැ. ඉන්නවානම් ඉන්නේ අනාගතයේ බිහිකර යුතු ජනතාවක් විතරයි.
මේ සියල්ල ගැන සර්ව අශුභවාදීව බලාන ඉන්න හැමෝටම මම කියන්නේ මේ වැඩේට උදව් කරමු කියල. නිදහසෙන් පස්සේ ආපු මේ ”ආණ්ඩුවක් නොවන ආණ්ඩුවෙන්” ගොඩක් දේවල් වෙනස් වෙන්නත් පුළුවන් නේද? ඒක අනාගතයේ ”ජනතා කැමැත්තෙන්” බලයට එන්න ඉන්න අයටත් හොඳයි නේද?
හැමෝම මේ වෙලාවේ වැඩේට උදව් කරන්න. මේ කාල කොරිඩෝව ඇතුලේ පුළුවන් හැම දෙයක්ම දිනාගන්න බලමු. මොකද ඉතිහාසය ඇතුලේ නාට්‍ය ඇත්ත වෙන්නත් පුළුවන්.
මේ සටහන නිසා කොනිත්තන් බට්ටෙක් වෙන කෙනෙක් ඉන්නවානම් එයා අර ජනතාවගෙන් කෙනෙක්.

Mahesh Hapugoda

මුහුණු පොතෙන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….