ශ්‍රමය (labour) කම්කරුවා ලෙස පටලවා ගත් ලංකාවේ කම්කරු දිනය
|

ශ්‍රමය (labour) කම්කරුවා ලෙස පටලවා ගත් ලංකාවේ කම්කරු දිනය

අජිත් පැරකුම් ජයසිංහ ලංකාව International Labour Organization කියන එක පවා වැරදියට පරිවර්තනය කරගත් රටක්. එය ජාත්‍යන්තර කම්කරු සංවිධානය නෙමෙයි, ජාත්‍යන්තර ශ්‍රම සංවිධානය විය යුතුයි. ශ්‍රමය සම්බන්ධ කාරණාවලදි වැඩිපුර ගැටලු තියෙන්නෙ කායික ශ්‍රමිකයාට වුණාට බුද්ධිමය ශ්‍රමිකයන්ට ගැටලු නැත්තෙ නැහැ. ඒ ගැන සංවිධානවලට හරි අවබෝධයක් නැහැ. නූතන ශ්‍රම ප්‍රවණතා ගැන තවම කාටවත් හරිහමන් විග්‍රහයක් නැහැ. ඒවා අධ්‍යයනය…

corona

සෞඛ්‍ය අංශ අනතුරු අගවයි

දෛනිකව යළිත් රට තුළ කොවිඩ් වෛරස රෝගීන් වාර්තා වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සදහන් කරයි. මේ දිනවල දෛනිකව යම් කොවිඩ් වෛරස රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙමින් පවතින බවත් එම තත්ත්වය හමුවේ අවදානම් කණ්ඩායම් කොවිඩ් මාර්ගෝපදේශ අනුගමනය කිරීම ඉතා වැදගත් බවද වෛද්‍ය චමිල් විජේසිංහ…

wesak

ජාතික වෙසක් සතිය ඇරඹේ

ජාතික වෙසක් සතිය අදින් (02) ආරම්භ වෙයි. අමාත්‍ය විදුර වික්‍රමනායක ප්‍රකාශ කළේ වෙසක් සතිය වෙනුවෙන් දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙන බවයි. මෙම වසරේ වෙසක් පොහොය මැයි මස 5 වනදාට යෙදී ඇති අතර ජාතික වෙසක් උත්සවය හලාවත මාදම්පේ කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේ පැවැත්වෙන බවයි වාර්තා වෙන්නේ.

ranil-wickkaramasighe

EPF අරමුදලට හානියක් වීමට ඉඩ තියන්නේ නෑ. – ජනපති

වැඩකරන ජනතාව වෙනුවෙන් ස්ථාපිත කර තිබෙන සේවක අර්ථ සාධක අරමුදලට කිසිදු හානියක් වීමට ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ, ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ය. ජනාධිපතිවරයා පවසන්නේ රටේ සමස්ත ආර්ථික ක්‍රියාවලියට වඩා ප්‍රබල බලපෑමක් එල්ල කළ හැකි සමාජ බලවේගය වන්නේ වැඩකරන ජනතාව බවයි. උදා වී ඇත්තේ අන් කවරදාටත් වඩා ශ්‍රී…

ජාත්‍යන්තර කම්කරු දිනය අදයි
|

ජාත්‍යන්තර කම්කරු දිනය අදයි

ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනය අද (01)ට යෙදී තිබේ.සකල ලෝකවාසී වැඩ කරන ජනයා විසින් මෙවර සමරනු ලබන්නේ 137 වන මැයි දිනයයි. ලෝක කම්කරු දිනය නිමිත්තෙන් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ සංවිධානය කරන මැයි රැළි, කොළඹ සහ මහනුවර නගර කෙන්ද්‍ර කර ගනිමින් අද (01) පැවැත්වෙයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැයි රැළිය අද පස්වරුවේ බොරැල්ල ,…

පන්හිඳෙන් ජන හදවත් සනසන බියංකා නානායක්කාරගේ ජීවිත පොතේ ඔබ නොකියවූ දුක්මුසු පරිච්ඡේදයක්
|

පන්හිඳෙන් ජන හදවත් සනසන බියංකා නානායක්කාරගේ ජීවිත පොතේ ඔබ නොකියවූ දුක්මුසු පරිච්ඡේදයක්

බියංකා නානායක්කාර අපේ රටේ යොවුන් හදවත් තුළ ආදරණීය ලෙස ලැගුම් ගත් ජනප්‍රිය නවකතාකාරිනියකි.එමෙන්ම ඇය වෘත්තියෙන් ප්‍රවීණ මාධ්‍යවේදිනියකි.නමුත් බියංකා සමග අද අපි කතා කරන්නේ ඇය ගැන බොහෝ දෙනකු නොදත් ඉසව්වක් පිළිබඳව ව ය. * බියංකා ගේ උපන් ගම කොහෙද ? මාතලේ, කවුඩුපැලැල්ල * ඉගෙන ගත්තෙ හැදුනෙ වැඩුණෙ ඔක්කොම එහෙද ? ඔව්, මම ඉස්කෝලේ ගියේ කවුඩුපැලැල්ල මහා…

මී උණ රෝගීන්ගේ වැඩිවීමක්

මී උණ රෝගීන්ගේ වැඩිවීමක්

වසංගත රෝග විද්‍යාංශය පවසන්නේ, වසරේ මේ දක්වා දිවයිනෙන් මී උණ රෝගීන් 2500 ක් පමණ වාර්තාවන බවයි. ලෙප්ටෝස්පයිරෝසිස් හෙවත් මී උණ වැඩි වශයෙන් වාර්තා වන්නේ රත්නපුර, ගාල්ල සහ කෑගල්ල දිස්ත්‍රික්කවලයි. දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මේ වසරේ පමණක් රෝගීන් 229 දෙනෙකු වාර්තා වී ඇති අතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාවක 19 කි. ගාල්ල දිස්ත්‍රික් ප්‍රජා…

kala-pola

පිටකොටුවේ කැලෑ පොළ..!

කොළඹ පිටකොටුවට නුදුරුව බැස්ටියන් මාවතට යාබදව එක් පසෙකින් දුම්රිය මාර්ගයට ආසන්නව පිහිටි හිස් පෙදෙසක, අවුරුදු කීපයක පටන් අපූරු වෙළඳපොළක් පැවැත්වෙන තැනක් බවට පත්ව තිබෙනවා. එයට කවුරුත් කියන්නේ, කැලෑ පොළ කියලයි. කැළේ – කොළේ වැවෙන පළතුරු, පලා වර්ග වගේම, තවත් එළවළු – පළතුරු සහ බෝග වර්ග රාශියක් එහි අලෙවියට තිබෙනවා. මේ පොළ වැඩිපුරම ක්‍රියාත්මක වෙන්නේ මහ…

දිස්ත්‍රික්ක 15ක ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්

දිස්ත්‍රික්ක 15ක ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්

දිස්ත්‍රික්ක 15ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 55ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ කොළඹ , ගම්පහ , කළුතර , මහනුවර , මාතලේ , හම්බන්තොට , ගාල්ල , මාතර එම දිස්ත්‍රික්ක බවයි. යාපනය , මඩකලපුව , ත්‍රිකුණාමලය , පුත්තලම , කුරුණෑගල , කෑගල්ල සහ රත්නපුර…

කොඩි ගහ යටට මං කැමතියි – අකැමැතියි

කොඩි ගහ යටට මං කැමතියි – අකැමැතියි

කොඩි ගහ යට ටෙලි නාට්‍යය ගැන සංවාදයකදී මනෝරම වීරසිංහ මගෙන් අහපු ප්‍රශ්නයක් හේතුවෙන් තමයි මේ සටහන තබන්නට හිතුණෙ. කොඩි ගහ යට නිර්මාණාත්මකයි. පරිකල්පනාත්මකයි. ආකර්ශනීයයි. කලාත්මකයි. විශිෂ්ට රඟපෑම්, අගනා දෙබස්, සිනමාත්මක ඉදිරිපත් කිරීමක් එහි දකින්නට ලැබෙනවා. මම මේක ගොඩක් රසවිඳිනවා. හැම සතියකම එපිසෝඩ් එක එනකල් බලාගෙන ඉන්නවා. හැබැයි, මෙහෙමත් ගන්න පුළුවන්. මේක පාතාලය ප්‍රමෝට් කරන ප්‍රොපගැන්ඩා…