සුරාවට අලුත් ලොක්කෙක්
සුරාබදු කොමසාරිස් ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී සමන් ජයසිංහ මහතා පත් කරනු ලැබ තිබේ. කැබිනට් මණ්ඩලය විසින් මෙම පත් කිරීම කර ඇත. සුරාබදු දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයාගේ පත්වීම ජනවාරි දෙවැනි දා සිට බලපැවැත්වෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
මෙරට පළමු කෘෂි තාක්ෂණාගාරය නැගෙනහිරට
කාර්මික තාක්ෂණ ආයතනය සහ නැගෙනහිර පළාත් සභාව එක්ව මෙරට ප්‍රථම වතාවට ISO ප්‍රමිතියෙන් යුතු කෘෂි තාක්ෂණ රසායනාගාරයක් ඇති කිරීම සදහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිම පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි. මෙම නව රසායනාගාරය හරහා කාබනික පොහොර සහ යෙදවුම්, බීජ සහ රෝපණ ද්‍රව්‍ය, කෘෂිකාර්මික ආහාර සහ පස් නියැදි පරික්ෂාව සිදු කෙරෙන අතර එම…
යළිත් කොරෝනා අවදානමක්
චීනයේ පැතිර යන දැවැන්ත කොරෝනා රැල්ල හේතුවෙන් අසල්වැසි ඉන්දියාව නැවත කොරෝනා මර්දන නීති ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතත් තවමත් මෙරටට එවැනි අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිල මට්ටමින් පියවර ගෙන නොමැති බව වසංගත රෝග අංශ පවසයි. කෙසේ වුවද චීනයේ හටගෙන ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙරට මහජනතාවද සිය දෛනික කාර්යයන් ඉටු කර ගැනීමේදී කොරෝනා…
ජපානයට දැඩි හිමපතනයක්
නත්තල් සති අන්තයේ උතුරු ජපානයේ සහ සෙසු පළාත්වලට දැඩි හිමපතනයක් වාර්තා වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ජපානයේ ආපදා කළමනාකරණ ඒජන්සිය ප්‍රකාශ කළේ දැඩි හිමපතනය හේතුවෙන් පුද්ගලයන් 17 දෙනකු මිය ගොස් තවත් පුද්ගලයන් 90කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවය. ප්‍රධාන වශයෙන් ජපානයේ වෙරළ තීරයේ පවතින දැඩි ශීතල කාලගුණය හේතුවෙන් මුහුදුබඩ පළාත්වල ජනතාව දැඩි පීඩාවට…
සුන්දර නයගරා ඇල්ලට සිදු වූ දේ – නිව්යෝක් නුවරට හදිසි තත්ත්වයක්
අමෙරිකාවට සහ කැනඩාවට බලපා ඇති අධික ශිත කාලගුණය පසුගිය වසර 50ක ඉතිහාසය තුල එරට ඇතිවූ දරුණුතම ශිත කුණාටුව බව කාලගුණ බලධාරීන් සඳහන් කර සිටින්නේ. මේ අතර අධික ශිත කාලගුණය නිසා ලොව ලොව වඩාත් ප්‍රචලිත නයගරා දිය ඇල්ල මේ වන විට සම්පුර්ණයෙන් හිමෙන් මීදී පවතින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ. වසර 60කට පසු අමෙරිකා මහාද්වීපයට…
එළවළු මිල යළි ඉහළට
පසුගිය දිනවලට සාපේක්ෂව එළවළු මිල යළි ඉහළ ගොස් තිබේ. දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති ශාන්ත ඒකනායක මහතා සඳහන් කළේ, ඇතැම් එළවළු වර්ගවල මිල 100 % කින් ඉහළ ගොස් ඇති බවයි. නුවරඑළිය ඇතුළු ප්‍රදේශවලට පසුගිය දිනවල පැවති අධික වර්ෂාව මෙම තත්ත්වයට හේතුවී ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය.
පැය 8ක විදුලි කප්පාදුව පිළිබඳව අවදානමක්
එළඹෙන ජනවාරි මාසයේ විදුලි ගාස්තු වැඩි නොකළහොත් පැය ගණනාවක විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් වන යෝජනාව ජනවාරි 02 වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා, “ජනවාරි මාසයේ 02…
අඩු ගාස්තු ඇති මන්ත්‍රී බංගලාව ’’හවුස් ෆුල්’’
මන්ත්‍රීවරුන් රැසක් අවුරුදු නිවාඩුව ගත කිරීම සඳහා නුවරඑළියේ මන්ත්‍රී බංගලාව (genaral,s house) වෙන් කරගෙන සිටින අතර මේ වනවිට එහි කාමර සියල්ල පිරී අවසන් බව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය පවසයි. නුවරඑළියේ මන්ත්‍රී බංගලාව මන්ත්‍රීවරුන්ගේ පාවිච්චියට පමණක් වෙන් කෙරුණු එකක් වන අතර එහි ඉඳුම්හිටුම් සඳහා අය කෙරෙන්නේ ඉතාමත් අඩු ගාස්තුවකි.







