Author: daily reporter

  • සියලු නිෂ්පාදන අලෙවි සැල් එකම ස්ථානයක

    සියලු රජයේ නිෂ්පාදන ආයතනවල අලෙවි සැල් එකම ස්ථානයක පිහිටුවීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට වෙළඳ අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ , මේ තුළින් රාජ්‍ය ආයතන සියල්ලේම නිෂ්පාදන එකම ස්ථානයකින් මිළදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව උදාවන බවයි. පළමු මධ්‍යස්ථානය නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටුවන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

  • පොල්තෙල් සහ පාම්තෙල් කවලම් කිරීම තහනම්

    පොල්තෙල් සහ පාම්තෙල් කවලම් කර විකිණීමට අනුමැතිය ලබාදෙමින් 2016 වසරේ නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට ඇමැති විමල් වීරවංශ පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස් ලබාදී ඇත. දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් සමග පෙරේදා (29 වැනිදා) කර්මාන්ත අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාව අතරතුර පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාට දුරකථනයෙන් මෙම උපදෙස් ලබාදී ඇත. 2016 දී එවකට කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති ලෙස…

  • අධි වප් පුර පොහොය අද

    අධි වප් පසලොස්වක පොහොය අදට යෙදී තිබෙනවා. මෙම මාසයට පොහොය දෙකක් යෙදී ඇති අතර එහි පළමු පොහොය දිනය වන අද සැලකෙන්නේ අධි වප් පොහොය ලෙසයි. අරිට්ඨ මහතෙරුන් ප‍්‍රධාන සංඝරත්නයේ මූලිකත්වයෙන් අනුරාධපුර ථූපාරාමයේදී විනය පිඨකය සංගායනා කළේ ද වප්පුර පසළොස්වක පොහෝදා ය. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදි දේවානම්පියතිස්ස රජුගේ රාජ්‍ය අනුග‍්‍රහයෙන් ලංකාවේ භික්ෂුණි සසුන පිහිටුවීම…

  • ටිකට් අවශ්‍යනම් බසයෙන් දොට්ට

    හැටන් සිට ධාවනය කරනු ලබන සමහර පුද්ගලික බස් රථවල සේවය කරන සමහර කොන්දොස්තරවරුන් නිසි ලෙස ටිකට් පත් ලබා නොදිමත් සමග එම බස් රථවල ගමන් කරන මගීන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. හැටන් සිට මස්කෙළිය, බගවන්තලාව, සාංචිමලේ, අප්කට්, ෆෝඩයිස්, තලවාකැලේ, සලංකන්ද, වැනි මාර්ගවල ධාවනය කරනු ලබන සමහර පුද්ගලික බස් රථවල මෙසේ අදාල ටිකට් පත් ලබා නොදිමත් සමග…

  • පොල් පාලන මිලත් ඉක්මවයි

    රජය මගින් පොල් මිල සදහා පාලන මිලක් නියම කලද හැටන් නගරයේ සමහර වෙලද සැල්වල පාලන මිලට පොල් නොමැති විමත් සමග ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. හැටන් නගරයේ සමහර වෙලද සැල්වල පාලන මිලට පොල් අලෙවි කලද සමහර‍ වෙලද සැල් රජය මගින් නිකුත්කර ඇති පාලන මිල පිලිබදව කිසිදු තැකිමකින් තොරව රුපියල් 80/=ත් 85/=ත් අතර මිලකට…

  • ව්‍යාජ නෝට්ටු ලග තබා ගත් අයෙකු මට්ටු

    රුපියල් පන්දහසේ වටිනාකමින් යුතු ව්‍යාජ මුදල් නෝට්ටු තිස්නමයක් සන්තකයේ තබා ගත් අයෙකු උඩුදුම්බර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. උඩුදුම්බර නගරයේ ව්‍යාපාරික ස්ථාන කිහිපයක් පවත්වාගෙන යන තිස් නම හැවිරිදි සැකකරු සිය නිවසේ බිත්ති ලාම්පු මත සූක්ෂම අයුරින් සඟවා තිබුණු නෝට්ටු සහ ජංගම දුරකථන අටක් පොලීසිය විසින් සොයාගෙන ඇත. මුදල් නෝට්ටු මුද්‍රණය කළ ස්ථානය සහ ඔහුට මෙම…

  • රන් පදක්කම් දිනූ මීයා

    කාම්බෝජයේ පැවති සිවිල් යුද සමයේ දී එරට විවිධ ප්‍රදේශවල වළ දමා ඇති බිම් බෝම්බ සොයා ගැනීමට උපකාරී වූ මීයෙක් ට රන් පදක්කමක් පිරි නමා තිබේ. “මගාවා” යන සුරතල් නමින් හඳුන්වන එම මීයා මේ දක්වා බිම්බෝම්බ 39ක් සහ පුපුරණ ද්‍රව්‍ය අවස්ථා 28කදී සොයාගැනීමට සමත්වී ඇති බව වාර්තා වේ. එක්සත් රාජධානියේ ක්‍රියාත්මක වන PDSDA නම් සත්ත්ව සුබ…

  • රෝගී සතුන් සුව කරන ඉසිවරයාණෝ

    පශු වෛද්‍ය කනිෂ්ක මහතා වේයන්ගොඩ, දෙවලපොල ප්‍රදේශයේ ‘යුනිවර්සල් වෙට්ස්’ නමින් සතුන් වෙනුවෙන් රෝහලක් පවත්වාගෙන යන අතර එය සතුන් වෙනුවෙන් දැඩි සත්කාර ඒකකයකින් පවා සමන්විතය. තම සුරතල් සතුන් මෙන්ම හදිසි අනතුරුවලට ලක්ව තුවාල ලබන සතුන් රැගෙන මෙම වෛද්‍යවරයා සොයා දිවයින පුරා විවිධ ප්‍රදේශවල සිට පැමිණෙන්නෝ වෙති. ඒ අසනීප සත්වයකු දකින අය ‘අර දෙවලපොල ඩොක්ටර්’ ‍එසේක් නැතිනම්…

  • හඬ කැවූ විදේශීය ටෙලි නාට්‍යවලට බදු

    අන්තර්ජාතික තැපැල් සේවා දෙස අවධානය යොමු කර, සැපයිය හැකි පුළුල් සේවා අවස්ථා හඳුනාගතහොත් ශ්‍රී ලංකා තැපෑලට ජාතික ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවෙකු විය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි. ශ්‍රී ලංකා තැපෑල සතු විශාල සම්පත් සම්භාරය නිසි ලෙස කළමනාකරණයෙන් ඉලක්කය වෙත පහසුවෙන් ළගාවිය හැකියැයි ද ජනාධිපතිතුමා කියා සිටී. තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය…

  • වෙඩි වැදුණු සද්දන්තයා දින 15කට පසු මරුට.

    වැලිකන්ද සුසිරිගම වැව් ඉස්මත්තේ වෙඩි වැදී තුවාල ලබා දින 15ක් පමණ දැඩි වේදනාවෙන් පසු වූ වන අලියෙකු  මියගොස් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. මෙම අලියා වැලිකන්ද බෝ අත්ත ප්‍රදේශයේ සිට මීට දින 15 කට පමණ පෙර සුසිරිගම වැව් ඉහත්තාවට පැමිණ වේදනාවෙන් සිටිනු දැක ගැමියන් විසින් කිහිපවතාවක් ම වනජීවී නිලධාරින් ට දැනුම් දී ඇත. “මේ අලියා තුවාල වෙලා…