sathosa
|

ලංකා සතොස ලාභ ලබයි

ලංකා සතොස සමාගම මෙම වසරේ පළමු මාස 06 තුල රුපියල් මිලියන 93 ක ශුද්ධ ලාභයක් ලබා තිබේ. ස.තො.ස මෙම වසරේ පළමු කාර්තු දෙක තුළ ලැබූ ශුද්ධ ආදායම රුපියල් මිලියන විසිහයදහස් හත්සිය හැත්තෑ හතරක්. එය 2023 වසරේ අදාළ කාල පරිච්ඡේදයට සාපෙක්ෂව සියයට 4 ක හෙවත් මිලියන 837 ක අදායම් වර්ධනයක්. මෙම වසරේ දෙවන කාර්තුව අවසන් වන…

ධීවරයින්ට හා තේ වගාකරුවන්ට සහනාධාරයක්
|

ධීවරයින්ට හා තේ වගාකරුවන්ට සහනාධාරයක්

ධීවරයින්ට ඩීසල් සහ භූමිතෙල් සඳහා රුපියල් 25ක සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. ඊට අමතරව තේ වගාකරුවන් සඳහා රුපියල් 4,000ක පොහොර සහනාධාරයක් ද ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මෙම සහනාධාර අද (22) සිට ක්‍රියාත්මක යි.

රටවල් 35ක පුරවැසියන් සඳහා වීසා රහිතව මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය
| |

රටවල් 35ක පුරවැසියන් සඳහා වීසා රහිතව මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය

රටවල් 35ක පුරවැසියන් සඳහා වීසා රහිතව මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එක්සත් රාජධානිය, අමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් 35ක් ඊට අයත්. එම අවස්ථාව ලැබෙන්නේ 2024 ඔක්තෝබර් 01 සිට මාස 06ක කාලයක් සඳහායි.

නිල්වලා පිටාර ගලා අකුරැස්සේ ගමනාගමනයට බාධා
|

නිල්වලා පිටාර ගලා අකුරැස්සේ ගමනාගමනයට බාධා

පවතින වැසි සහිත කාළගුණයත් සමඟ ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවෙන් නිල්වලා ගංගාව පානදුගම ප්‍රදේශයෙන් පිටාර ගලමින් පවතියි ඒ අනුව අකුරැස්ස සියඹලාගොඩ මාර්ගයේ පානදුගම ප්‍රදේශයෙන් ගමනාගමනයට බාධා එල්ලවෙමින් ඇත . මේ තත්ත්වය නිසා අකුරැස්ස නගරයේ සිට සියඹලාගොඩ තළහගම මාකඳුර පස්ගොඩ ඌරුබොක්ක ආදී පානදුගම හරහා ගමන් පහසුකම් සලසා ගන්නා විශාල පිරිසක් පීඩාවට පත්වූ බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කර…

වඩිවෙල් සුරේෂ්ට සහ මව්ලානාට ඇමති ධුර දෙකක්
|

වඩිවෙල් සුරේෂ්ට සහ මව්ලානාට ඇමති ධුර දෙකක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා ට සහ අලි සාහීර් මව්ලානා මහතාට අමාත්‍ය ධුර පිරිනමා තිබෙනවා. එහිදී අලි සාහීර් මව්ලානා මහතා ට කැබිනට් නොවන සංවර්ධන ව්‍යාපෘති අමාත්‍ය ධුරය පිරිනමා ඇති අතර වඩිවේල් සුරේෂ් මහතා කම්කරු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වුණා. අදාළ පත්වීම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලබාගත් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

ස්වයං රැකියාලාභින්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනයක් හා අලෙවි සැලක්
| |

ස්වයං රැකියාලාභින්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනයක් හා අලෙවි සැලක්

ප්‍රිඩෝ ආයතනය මගින් සංවිධානය කරන ලද ස්වයං රැකියාලාභින්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනයක් හා අලෙවි සැලක් හැටන් උත්සව ශාලාවකදි පවත්වන ලදි. මෙහිදි අදහස් දැක්වු ප්‍රිඩෝ ආයතනයේ අධ්‍යක්ෂක මයිකල් ජෝකිම් මහතා පවසන ලද්දේ වතුකර ජනතාවගේ ආර්ථික තත්වයන් නගා සිටුවිමේ අරමුණ මත ඔස්ට්‍රේලියා ඒඩ් ආයතනයේ සහයෝගය මත ප්‍රිඩෝ ආයතනය වතුකර කාන්තාවන් සදහා විවිධ ස්වයං රැකියා පුහුණු පාඨමාලාවන් ආරම්භ කර ඇති…

මේ රට බංකොලොත් රාජ්‍යක් බවට ලෝකයට ප්‍රකාශ කල අවස්ථාවේ රට බාර ගත් එකම නායකයා
|

මේ රට බංකොලොත් රාජ්‍යක් බවට ලෝකයට ප්‍රකාශ කල අවස්ථාවේ රට බාර ගත් එකම නායකයා

මේ රට බංකොලොත් රාජ්‍යක් බවට ලෝකයට ප්‍රකාශ කල අවස්ථාවේ පාර්ලීමේන්තුවේ මංත්‍රිවරුන් 54 දෙනකු සිටි විපක්ෂ නායකවරයා මේ රට බාර ගන්න බාර නොගත් අවස්ථාවේදි  වත්මන් ජනාධිපති මේ රට බාර ගෙන නැවත සංවර්ධනය කරා ගෙන ගිය බව එක්සත් ජාතික පක්ෂ ආගරපතන සංවිධායිකා කල්‍යාණි සතරසිංහ මහත්මිය පවසයි. ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කිරිමේ රැස්විමක් අමතමින් මේ…

අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි
|

අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩිතරමක තද වැසි ඇති විය හැකි බවයි. නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ…

වාර්ෂික ලක්ෂ්මි මහ පුජාව උත්කර්ෂවත් ලෙස පවත්වන ලදි
|

වාර්ෂික ලක්ෂ්මි මහ පුජාව උත්කර්ෂවත් ලෙස පවත්වන ලදි

හැටන් විල්ෆ්‍රඩ් පුර පත්තිනි දේවාලයේ වාර්ෂික ලක්ෂ්මි මහ පුජාව උත්කර්ෂවත් ලෙස එම දේවාලයේදි පවත්වන ලදි. මෙම ලක්ෂ්මි මහ පුජාව සදහා හැටන් ප්‍රදේශයේ හිංදු භක්තික කාන්තාවන් විශාල පිරිසක් එක්ව සිටි අතර එම පිරිස පහන් දල්වා ලක්ෂ්මි දෙවිදුන්ගේ ආශීර්වාදය ලබා ගැනිම සිදු කරන ලදි. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

President Ranil reveals why he chose ‘Gas Cylinder’ as symbol instead of ‘Elephant’
| |

President Ranil reveals why he chose ‘Gas Cylinder’ as symbol instead of ‘Elephant’

President Ranil Wickremesinghe emphasized that even if he successfully resolves the economic crisis that others have failed to address, the country’s economy will collapse again if the necessary economic transformations are interrupted midway. He urged citizens to carefully consider their future when making decisions in the upcoming presidential election. The President made these remarks during…