මහබැංකු අධිපතිත් ධූරයෙන් ඉවත්වෙයි

ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආවාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සිය අස්වීමේ ලිපිය මේ වන විට බාර දී ඇතැයි වාර්තා වෙයි. කුමාරස්වාමි මහතා පසුගිය ජූලි මාසයේ දී ධුරයෙන් ඉවත් වීමට සිටියත් ඒ වන විට පාස්කු ප්‍රහාරය එල්ල වීමත් සමඟ රට තුළ උද්ගතව තිබු ආර්ථික ගැටළුකාරී තත්ත්වය හමුවේ එම තීරණය වෙනස් කරගෙන තිබුනි.

2016 ජූලි මස සිය රාජකාරි කටයුතු ඇරඹූ වත්මන් අධිපති ආවාර්ය කුමාරස්වාමි, ශ්‍රී ලංකා මහ බැංකුවේ දහහතර වන අධිපතිවරයා ය. ඔහු 1974 වසරේ දී මාණ්ඩලික නිලධාරියෙකු ලෙස ලංකා මහ බැංකුවට සම්බන්ධ විය. වසර පහළොවක කාලයක් මහ බැංකුවේ සේවය කළ ආචාර්ය කුමාරස්වාමි, ආර්ථික පරයේෂණ, සංඛ්‍යාන හා බැංකු අධීක්ෂණ යන දෙපාර්තමේන්තුවල සේවය කර ඇත.

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ලබා ගනිමින් තම පළමු උපාධිය හිමි කර ගත් ආචාර්ය කුමාරස්වාමි, සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය හිමිව ඇත.

 

Related posts