ධම්මික වැලිබල් ප්‍රොපටීස් ලිමිටඩ් අරඹයි
වැලිබල් ප්‍රොපටීස් ලිමිටඩ් සමාගම් 2020 මාර්තු 05 දින සංස්ථාපනය කර තිබේ. මෙය ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී හි පූර්ණ අනුබද්ධ සමාගමකි. වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී යෝජිත ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලෙහි ඉදිරිකිරීම් පරිපාලනය, සංවර්ධනය හා නඩත්තුව මෙම සමාගමට පැවරෙනු ඇත.









