සම්භාණ්ඩ වෙළඳ ප්‍රදර්ශනය අද (07) උදේ 9.30ට විවෘත වේ

සම්භාණ්ඩ වෙළඳ ප්‍රදර්ශනය අද (07) උදේ 9.30ට විවෘත වේ

12 වන වරටත් පවත්වනු ලබන ‍පාවහන් හා සම්භාණ්ඩ වෙළඳ ප්‍රදර්ශනය 2020 අද (07) උදේ 9.30ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී  කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් විරවංශ මහතා අතින් විවෘත වීමට නියමිතය. පෙබරවාරි 07,08,09 යන තෙදිනක් පුරා මෙම වෙළඳ ප්‍රදර්ශනය පැවැත්විමට නියමිතයි.

කොළඹ-යාපනය නව ගුවන් සේවාවක්

කොළඹ-යාපනය නව ගුවන් සේවාවක්

කොළඹ සිට යාපනයට ගුවන් සේවාවක් අද (1) සිට  ඇරඹෙන බව කාර්මික අපනයන අයෝජන ප්‍රවර්ධන  සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි. කොළඹ සිට යාපනයට ගමන් කිරීම සදහා එක් මගියකුගෙන් රු 7500 ක් අයකරනු ලැබේ. සෑම සෙනසුරාදා, සඳුදා සහ බදාදා දිනකදීම මෙම අභ්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරේ. රත්මලාන ගුවන්තොටුපලෙන් උදෑසන 7.30 ට යාපනය බලා ගමන් ආරම්භ…

HNB ෆයිනෑන්ස් කොටස් වෙළෙඳපොළට

HNB ෆයිනෑන්ස් කොටස් වෙළෙඳපොළට

HNB ෆයිනෑන්ස් ලිමිටඩ්, කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීම සඳහා අනුමැතිය ලැබී තිබේ. මේ අනුව ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් මිලියන 10ක් මූලික කොටස් නිකුතුවක් හරහා ලැයිස්තුගත කිරීමට පියවර ගෙන තිබෙන අතර එහිදී එක් කොටසක් නිකුත් කෙරෙන මිල රු. 5.70 ක් ලෙසින් තීරණය කර ඇත. මීට අමතරව සමාගමේ ඡන්ද බලය නොමැති සාමාන්‍ය කොටස් හඳුන්වා දීමේ ක්‍රමවේදය…

Lanka-IOC-fuel-oil

IOC මාස 03කදී රු. මිලියන 490ක ලාභයක්

ඉන්දියන් ඔයිල් සමාගමේ මෙරට ව්‍යාපාරික ඒකකය වන ලංකා IOC සමාගම පසුගිය 2019 දෙසැම්බර් 31න් අවසන් කාර්තුව තුළ දී රුපියල් මිලියන 489.75 ක ශුද්ධ ලාභයක් උපයා තිබේ. මෙම ලාභ අගයයත් සමඟම 2019-20 මූල්‍ය වර්ෂයේ මුල් මාස 09 තුළ දී ලංකා IOC සමාගම උපයා ඇති ශුද්ධ ලාභය රු. මිලියන 767.98 ක් ලෙසින් වාර්තා වේ.  

ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට ජපානයේ ඉහළ පෙළේ ආයෝජකයින්ගේ කැමැත්ත

ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට ජපානයේ ඉහළ පෙළේ ආයෝජකයින්ගේ කැමැත්ත

ජපානයේ ඉහළ පෙළේ ආයෝජකයින් වන Mr.Yukio kawageo ,Mr Hasegawa Jun ,Mr.Nakada Hiroyuki යන මහත්වරුන් ඇතුළු පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී හමු විය. මෙහිදී ශ්‍රී ලංකාව තුළ සිදු කළ හැකි ආයෝජනයන් පිළිබදව සාකච්ඡා කෙරුණු අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් වන 2030 වසර වන විට ශ්‍රී ලංකාව පුනර්ජනනීය බල ශක්තියෙන් සීයයට අසුවක් සපුරා ගැනීමේ…

රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයේ දී එක්සත් ජාතීන්ගේ සහාය

රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයේ දී එක්සත් ජාතීන්ගේ සහාය

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් මහත්මිය රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයේ දී සහය ලබාදීමට පොරොන්දු වුවාය. දිළිදුබව පිටුදැකීම, කාලගුණික විපර්යාස, රජයේ ආයතන ඩිජිටල්කරණය, අතුරුදන්වූවන් පිළිබඳ ගැටලුව කළමනාකරණය කිරීම, අධ්‍යාපන ක්ෂේත්‍රය, තොරතුරු තාක්ෂණ විෂය ප්‍රවර්ධනය සහ රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය යන කටයුතුවලදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහය ලබාදීමට නියෝජිතවරිය පොරොන්දු වුවාය.  

කල්පිටිය සංචාරක පුරවරයක් කරන්න යයි

කල්පිටිය සංචාරක පුරවරයක් කරන්න යයි

ශ්‍රී ලංකාව මාල දිවයිනට නොදෙවෙනි සංචාරක පුරවරයක් කරන්නට බලා පොරොත්තුවෙනවා. මාල දිවයින හා තරගයක් ලබා දීමට නම්, සුන්දර දූපත්වලින් අනූන කල්පිටියේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කළ යුතුයි. මාල දිවයිනට නොදෙවෙනි චමත්කාරයක් කල්පිටිය දූපත් වල තිබෙනවා. සංචාරක  ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා එසේ අදහස් ප්‍රකාශ කළේ,  කල්පිටිය සංචාරක පුරවරයේ හෝටල් හිමියන් සහ ආයෝජකයින් හමුවෙමිනි. කල්පිටියේ සංචාරක…

ඇට්ලස් සමාගම 2019 ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මානයෙන් පිදුම් ලබයි

ඇට්ලස් සමාගම 2019 ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මානයෙන් පිදුම් ලබයි

ශ‍්‍රී ලංකාවේ විශාලතම ලිපිද්‍රව්‍ය හා පාසල් උපකරණ නිෂ්පදන හා අලෙවි  සමාගම වන ඇට්ලස් ඇක්සිලියා (පුද්ගලික) සමාගම පසුගියදා ‘නිෂ්පාදන – වෙනත් ක්ෂේත‍්‍ර’ කාණ්ඩය යටතේ ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මානය දිනාගැනීමට සමත් විය. ඇට්ලස් ඇක්සිලියා (පුද්ගලික) සමාගම වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂ අසිත සමරවීර, මෙහෙයුම් අධ්‍යක්ෂ විරාජ් ජයසූරිය සහ මානව සම්පත් ප‍්‍රධානී ලලනි වීරආරච්චි යන මහත්ම මහත්මීන් විසින් සම්මානය පිළිගන්නා…

සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගමේ රු. බිලියන 2.6ක දැවැන්ත කොටස් ගනුදෙනුවක්

සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගමේ රු. බිලියන 2.6ක දැවැන්ත කොටස් ගනුදෙනුවක්

මෙරට ලැයිස්තුගත රක්ෂණ සමාගමක් වන සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී හි කොටස් මිලියන 71.25 ක ගනුදෙනුවක් අද (16) දින සිදුවිය. ඒ එක් කොටසක් රු. 37.00 බැගිනි. මේ අනුව අදාළ ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රුපියල් මිලියන 2,636.25 ක් හෙවත් රුපියල් බිලියන 2.63 කි. සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී හි තෙවන විශාලතම කොටස්කරුවා වූ State Street Munich C/O Ssbt-Deg-Deutsche Investitions-Und…

ලංකා හොස්පිටල්ස් සභාපති ධූරයට වෛද්‍ය බන්දුල විජේසිරිවර්ධන

ලංකා හොස්පිටල්ස් සභාපති ධූරයට වෛද්‍ය බන්දුල විජේසිරිවර්ධන

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත රෝහල් සමාගමක් වන ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී හි නව සභාපතිවරයා වශයෙන් විද්‍යා ජෝති වෛද්‍ය බන්දුල චන්ද්‍රනාත් විජේසිරිවර්ධන මහතා පත් කර තිබේ. කොළ විශ්වවිද්‍යාල, වෛද්‍ය පීඨයේ සහ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ උපාධිධරයෙකු වන ඒ මහතා, මාතර රාහුල විද්‍යාලයෙන් සහ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇත. මෙම පත්වීම 2019 දෙසැම්බර් 27…