ස්වෝත්සාහයෙන් නැගීසිටීමට වෙර දරන පුංචි අඹේවෙල අජිත්ගේ කදුළු කතාව
උපාධිධාරින් රැකියා ඉල්ලමින් රජයට බලකරමින් මහ පාරේ බැටන් පොළුපහර කමින් කෑමොර දෙන අතර අප මේ කියන්න යන්නේ මීට හාත්පසින්ම වෙනස් කතාවකි. කිසිවෙකුටත් අත නොපා තම උත්සාහයෙන් ජීවිතය ගොඩ ගැනීමට වෙහෙසෙන කන්තලේ අග්බෝපුර අජිත් කුමාර (42) නම් කිරි ගොවියා කාටත් ආදර්ශයක් වන තරුණයෙකි. ඔහු සාමාන්‍ය පෙලෙන් පාසල අතහැර තම පියාගේ හරකුන් දහ දෙනෙකුත් රැගෙන වයස අවුරුදු…









