ගල උඩ මාළුව..!
අපි ජීවිතේ වැඩි හරියක් බඩ ගින්න නිවාගන්න කාපු කෑමක් තමයි මේ. අපි ගල උඩ මාළුව කියලා මේකට කිව්වේ ආදරේට. මොනාද අම්මේ අද හැදුවේ? කැකුළු බතුයි ගල උඩ මාළුවයි. ගොඩක් උදෑහනවල් ගෙවුනේ ගල උඩ මාළුවේ රස කහට දිවේ දවටලා. සපරගමුවේ මාළුව කියලා කියන්නේ ව්‍යාංජනයට. නැත්තං හොද්දට. ඉතිං මේකනම් හොද්දක් නෙවෙයි. පොල් සම්බෝලය කිව්වාම හැවෝම මේක අඳුරනවා….









