ඒ් තමයි කපුගේ..
පදවිය පැත්තේ ගමක ගුණදාස කපුගේ සහභාගි වුණු සංගීත ප්‍රසංගයක් පැවැත්වුණා. ප්‍රසංගය අවසන් වී පැමිණි ශිල්පීන්ට ගෙවීම් කටයුතු කිරීමේදී කිසියම් මුදල් හිඟයක් ඇති වී ඒ ගැන කසු කුසුවකි. කපුගේ එතැනට ගියා. “මොකද්ද ප්‍රශ්නෙ..?“ ඔහු අහනවා. “නෑ සර්. මෙතැන සර්ගෙ සල්ලි තියෙනවා. සවුන්ඩ්ස් හයර් එකටයි වාදක මණ්ඩලටයි තමයි ටිකක් අඩු.“ ප්‍රසංගය සංවිධානය කළ අමරසිංහ බොහොම හෙමිහිට කපුගේට…