වතුර බෝතලෙන් 150%ක ලාභයක් අතරමැදියාට
|

වතුර බෝතලෙන් 150%ක ලාභයක් අතරමැදියාට

පානිය ජල බෝතලයකින් වෙළෙඳසැල් හිමියන් ලබන අසීමාන්තික ලාභය හේතුවෙන් ශ්‍රී ලංකා ප්‍රමිතිගත ජල බෝතල් සංගමය ඒ සඳහා පාලන මිලක් යෝජනා කර තිබේ. ඒ අනුව රුපියල් 100ක් වන මිලිලීටර් 500 පානිය ජල බෝතලය රුපියල් 70ක්, රුපියල් 150ක් වන ලීටරයේ බෝතලයක් රුපියල් 100ක්, රුපියල් 180ක් වන ලීටර් එක හමාරේ බෝතලය රුපියල් 130ක් සහ රුපියල් 450ක් වන ලීටර්…

අරක්කු සමාගම් කෝටි 1800ක පොලු තියලා හිඟ බදු නොගෙව්වොත් ලබන වසරට ලයිසන් නෑ
|

අරක්කු සමාගම් කෝටි 1800ක පොලු තියලා
හිඟ බදු නොගෙව්වොත් ලබන වසරට ලයිසන් නෑ

වසර 2023 – 2024 හිඟ බදු මුදල් මේ වසරේ නොවැම්බර් 30 වැනිදාට පෙර ගෙවා අවසන් නොකරන මත්පැන් නිෂ්පාදකයන්ට ලබන වසර (2025) සඳහා බලපත්‍ර ලබා නොදීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව රුපියල් කෝටි 1800ක (රුපියල් බිලියන 1.8) මුදලක් හිඟ බදු ලෙස අයවීමට ඇතැයි ද එම මුදල් නොගෙවන අයට බලපත්‍ර නොදීමට තීරණය කර ඇතැයි ද…

හෝටල් හදිසි පරික්ෂාවකට ලක්කරයි
|

හෝටල් හදිසි පරික්ෂාවකට ලක්කරයි

හැටන් නගරයේ හෝටල් හදිසි පරික්ෂාවකට ලක් කිරිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පියවර ගන්නා ලදි. ප්‍රදේශයේ ජනතාවට මෙන්ම මෙම ප්‍රදේශයට පිටතින් පැමිනෙන පිරිස් සදහා පිරිසිදුවට ආහාර ලබා දිමේ අරමුණ මත හෝටල් පරික්ෂාවට ලක් කිරිමට පියවර ගන්නා බව එම නිලධාරින් පැවසිය. එමෙන්ම අපිරිසිදු තත්වයේ පවත්වා ගෙන යනු ලබන හෝටල් දින 14ක් තුලදි පිරිසිදු කර ගෙන එම හෝටල් නිසි…

ලේ දන් දිමේ වැඩ සටහනක්
|

ලේ දන් දිමේ වැඩ සටහනක්

හැටන් ආර්ගිල් සංචාරක හෝටලයේ සුභ සාධක සංගමය මගින් සංවිධානය කරන ලද ලේ දන් දිමේ වැඩ සටහනක් 02වන දචින එම හෝටල් සංකිර්ණයේදි පවත්වන ලදි. නුවරඑළිය මහ රෝහලේ ලේ බැංකුවේ වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය ලේ ලබා ගැනිමේ කාර්ය සදහා පැමින සිටි අතර හැටන් හා අවට ප්‍රදේශවල ජාති ආගම් භේදයෙන් තොරව විවිධ පිරිස් තම ලේ පරිත්‍රාග කිරිම…

israel news
|

ඉරානය විශාල වරදක් සිදුකරගනියි – බෙන්ජමින් නෙතන්යාහු

ඉරානය ඊයේ (01) රාත්‍රියේ විශාල වරදක් සිදුකරගත් බවත්, ඔවුන් ඊට වන්දි ගෙවනු ඇති බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කරයි. ඔහු සඳහන් කළේ ඊශ්‍රායල භුමිය ආරක්ෂා කරගෙන, සතුරන්ගෙන් පලිගැනීමට ඊශ්‍රායල වැසියන් සතු අධිෂ්ඨානය ඉරාන පාලන තන්ත්‍රය තවමත් අවබෝධ කරගෙන නොමැති බවයි. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ, ඉරානය එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

බහාලුම් ප්‍රවාහන ගාස්තු 40%කින් අඩු කෙරේ
|

බහාලුම් ප්‍රවාහන ගාස්තු 40%කින් අඩු කෙරේ

ඉන්ධන මිල අඩුවීමත් සමග ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු 40%කින් අඩු කෙරුණු බව බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා. මේ අතර බස් ගාස්තු අඩුවීම ද ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මකයි. බස් ගාස්තු 4.2කයි 4කින් අඩු කෙරුණු අතර අවම බස් ගාස්තුව රුපියල් 27 දක්වා අඩු කෙරුණා.

දිපවාලි උත්සවය සැමරිමට රුපියල් විසිපන්දාහාක අත්තිකාරම් මුදලක් ඉල්ලයි
|

දිපවාලි උත්සවය සැමරිමට රුපියල් විසිපන්දාහාක අත්තිකාරම් මුදලක් ඉල්ලයි

දිපවාලි උත්සවය සැමරිම සදහා වතු කම්කරුවන්ට රුපියල් විසිපන්දාහාක ( 25,000/=) අත්තිකාරම් මුදලක් ලබා දිමට පියවර ගන්නා ලෙස සමස්ථ ලංකා ප්‍රගතිශීලි ජනතා පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා අදාල වතු සමාගම්වලින් ඉල්ලා සිටිති. හැටන්හි ඒ මහතාගේ කාර්යාලයේදි මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. ද්‍රවිඩ ජනතාවගේ ප්‍රධානතම උත්සවයක් වන දිපවාලි උත්සවය…

සිගිති දරු දැරියන්ගේ පෙරහැරක්
|

සිගිති දරු දැරියන්ගේ පෙරහැරක්

ලෝක ළමා දිනය නිමිති කර ගෙන හැටන් දිලේනා මුතු පෙර පාසලේ සිගිති දරු දැරියන්ගේ පෙරහැරක් 01වන දින හැටන් නගරයේදි පවත්වන ලදි. ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවේ හැටන් ශාඛාවේ අනුග්‍රහාය මත පවත්වන ලද මෙම ළමා දින පෙරහැර හැටන් නගරයේ විථි සංචාරය කරන අයුරු මෙහි දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

සත්වෝද්‍යාන නොමිලේ නරඹන්න අද විශේෂ අවස්ථාවක්
|

සත්වෝද්‍යාන නොමිලේ නරඹන්න අද විශේෂ අවස්ථාවක්

වයස අවුරදු 12ට අඩු ළමුන්ට අද (01) දිවයිනේ සියලු සත්වෝද්‍යාන නොමිලේ නැරඹීමට අවස්ථාව හිමි වනවා. සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධ්‍යක්ෂ අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය සඳහන් කළේ අදට යෙදෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් එම තීරණය ගෙන ඇති බවයි. ඒ අනුව දෙහිවල සත්වෝද්‍යානය, පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානය, පින්නවල සත්වෝද්‍යානය සහ හම්බන්තොට රීදිගම සෆාරී උද්‍යානය නොමිලේ නැරඹීමට ළමුන්ට අවස්ථාව ලබා…

ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අදයි
|

ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අදයි

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ දරුවන් රැකගමු – සමසේ සලකමු යන්නයි. ළමුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බව ජාතික ළමා රක්ෂණ අධිකාරිය පවසනවා. එහි සභාපති සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය සඳහන් කළේ ළමයින්ට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම මව්පියන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ද යුතුකමක් බවයි.