මෙරට දස­ද­හ­සක් පමණ වන ලිට්ල් පීපල්ස්ගේ සුහද හමුව

මෙරට සිටින දස­ද­හ­සක් පමණ වන කුඩා මිනි­සුන් සහ අවා­සි­ස­හ­ගත ප්‍රජාව වෙනු­වෙන් බිහි වූ කුඩා මිනි­සුන්ගේ සංවි­ධා­නය ‘ලිට්ල් පීපල්ස් ඇසෝ­සි­යේන්’ සිය පස්වන සුහද හමුව පසු­ගි­යදා දෙහි­ව­ලදී උත්ස­වා­කා­ර­යෙන් පැවැ­ත්වුණි. අනු­රා­ධ­පුර, වැලි­මඩ, මාතර, හම්බ­න්තොට, රත්න­පුර, සූරි­ය­වැව, තඹු­ත්තේ­ගම, තලාව, ඌරු­බොක්ක, බදුල්ල, බණ්ඩා­ර­වෙල හා තංගල්ල ඇතුළු දිව­යින පුරා විසිරී සිටි පුංචි මිනිස්සු විශාල පිරි­සක් මෙම සුවි­ශේෂී සමු­ළුව සඳහා සහ­භාගි වූහ.

‘ලිට්ල් පීපල්ස් ඇසෝ­සි­යේන්‘සිය පස්වැනි සුහද හමුවට පැමිණ සිටි පිරිස වෙනු­වෙන් තරග රැසක් පැවැ­ත්වීම සුවි­ශේෂ විය. ඒ යටතේ සංගීත පුටු තර­ග­යක්, බැලුම් පිපි­රීමේ තර­ග­යක්, හොඳම හිනාව යන තරග සංවි­ධා­නය වී තිබුණු අතර මැජික් දර්ශ­න­යක් ද පැවැ­ත්විණි. දක්ෂතා ඉදි­රි­පත් කළ සිය­ලු­දෙ­නාට ත්‍යාග ලබා­දීම සිදු­කෙ­රිණි.

ඉන් අන­තු­රුව ඔවුන්ගේ නර්තන, ගායන, වාදන, නිවේ­දන දක්ෂතා ඇතු­ළත් අපූරු රස­වි­න්දන වැඩ­ස­ට­හ­නක් ද පැවැ­ත්වුණි.

මෙහිදී ඔවුන් සමඟ සතුට විනෝ­දය බෙදා හදා­ගැ­නීම සඳහා ප්‍රවීණ නළු ජීවන් හඳු­න්නෙත්ති, අනිල් නානා­ය­ක්කාර කුමාරි දිසා­නා­යක, ව්‍යාපා­රික අතුල රත්න­වීර, ඉන්දු මැණිකේ, සුම­න­දාස යන ආරා­ධි­තයෝ රැසක් එක්ව සිටි­යහ..

මෙහිදී අද­හස් දැක්වූ කුඩා මිනි­සුන්ගේ සංවි­ධා­නයේ සභා­පති දර්ශනී නානා­ය­ක්කාර මහ­ත්මිය මෙසේ පවසා සිටි­යාය.

“මිහි­මත් මිනි­සුන්ට අවශ්‍ය වෙන්නේ කාගෙ­වත් අනු­ක­ම්පාව නොවෙයි. ආද­ර­යයි. අපේ උග­ත්ක­මට, වටි­නා­ක­මක හැකි­යා­වට රැකි­යා­වක් ලැබෙ­නවා නම් අපිත් සාමා­න්‍ය­ක­ර­ණය වෙනවා. නමුත් අපි මාන­සි­කව වැටුණු අවස්ථා බොහො­මයි. ආයි මේ අය කාට­වත් එහෙම වෙන්නේ දෙන්නේ නැහැ. එළ­ඹෙන වසරේ අපි ජාතික මට්ටමේ විවිධ ප්‍රසං­ග­යක් සංවි­ධා­නය කර­නවා. එහි මූලික කට­යුතු අද දින අපි සැල­සුම් කර­නවා.”

තම සංග­මය හැම විටම සිදු කරන්නේ සැඟවී සිටින මිහි­මත් ප්‍රජාව සොය­මින් යාම බවත්, ඔවුන් සමා­ජ­ගත කර ඔවුන්ගේ හැකි­යා­වන් තුළින් රටට වැඩ­දායී පුර­වැ­සි­යන් බවට පත්කි­රීම බවත්ය. එසේම කුඩා මිනි­සුන්ගේ මෙම සංවි­ධා­නය තුළින් ඔවුන් මුහු­ණ­පාන ගැටලු අවම කර ගැනීම සඳහා සංවි­ධා­නා­ත්ම­කව පෙනී සිටී­මද මෙහිදී සිදු­කෙ­රෙන බව මිහි­මත් සංවි­ධා­නයේ ලේකම් ජනේෂ් චන්දි­මාල් මහතා පවසා සිටි­යේය.

මෙම සමස්ත වැඩ­ස­ට­හන සඳහා සියලු බර පැන දැරුවේ සභා­පති දර්ශනී නානා­ය­ක්කාර සහ ඇගේ ස්වාමි­පු­රු­ෂයා වන ව්‍යාපා­රික අතුල රත්න­වී­රගේ පෞද්ග­ලික ධන පරි­ත්‍යා­ග­යෙන් සිදු­විය.

අඟු­රු­වා­තොට – මංගල ප්‍රසන්න

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….