සූර්ය බලශක්ති උත්පාදනය කප්පාදු කිරීම ජාතික අපරාධයකි
පෙබරවාරි 09 වෙනිදා දිවයින පුරා සිදුවූ විදුලිය බිඳ වැටීමට හේතු සහ ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාවරත්වය වෙනුවෙන් ගත යුතු කඩිනම් සහ දීර්ඝකාලීන පියවරයන් සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කොට තිබේ. එහි සඳහන් වන එක් බරපතල කරුණක් කෙරෙහි අපගේ බලවත් අවධානය යොමු විය යුතුව තිබේ. විදුලිය බිඳ වැටීම සිදුවන අවස්ථාවේ දී, ජාතික විදුලි ඉල්ලුමෙන්…