සම්පන්දන් අභාවප්‍රාප්ත වෙයි
හිටපු විපක්ෂ නායකවරයකු සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර්. සම්බන්ධන් මහතා ඊයේ රාත්‍රියේ කොළඹ පුද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. මිය යන විට අනූ එක් වන වියේ පසුවූ ඒ මහතා කලක් රෝගාතුරව සිටියේය. නීතිඥයෙක් වූ ඒ මහතා, 1977 සිට 1983 දක්වා සහ 1997 සිට 2000 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ද 2015 සැප්තැම්බර් සිට 2018 දෙසැම්බර් දක්වා…