tax

බදු ගෙවීමට නව විද්‍යුත් ක්‍රමවේදයක්

බදු ගෙවීමේ ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂම කිරීමට විද්‍යුත් ක්‍රමවේදයක් සහිත වැඩපිලිවෙලක් සකසන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, එය ලබන සතියේදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි. එම ක්‍රමවේදය සඳහා දැනට බදු අයකර ගැනීමේදී ඇති දුර්වලතා සහ අඩුපාඩු කඩිනමින් සකස් කිරීමට ද කටයුතු කරන බව ඔහු කියා සිටියි. රංජිත් සියඹලාපිටිය අමත්‍යවරයා…

ලිට්‍රෝ සමාගමට නව ගෑස් පර්යන්තයක්
|

ලිට්‍රෝ සමාගමට නව ගෑස් පර්යන්තයක්

සපුගස්කන්ද, මාබිම ප්‍රදේශයේ නව ගෑස් පර්යන්තයක් ඉදිකිරීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබේ. දැනට පවතින අඛණ්ඩ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බවයි, ලිට්‍රෝ සමාගමේ සභාපති, මුදිත පීරිස් මහතා සඳහන් කරයි. වැඩි දුරටත් ඔහු කියා සිටියේ, නව පර්යන්තයෙන් දෛනිකව ගෑස් සිලින්ඩර් 30,000 ත් 40,000 ත් අතර සංඛ්‍යාවක් වෙළෙඳපොළට මුදා හැරීමට නියමිත බවයි.

පොසොන් උත්සව සමයට විශේෂ ප්‍රවාහන සේවාවක්

පොසොන් උත්සව සමයට විශේෂ ප්‍රවාහන සේවාවක්

මෙවර ජාතික පොසොන් උත්සවය මිහින්තලය, අනුරාධපුර හා තන්තිරිමලය පුදබිම් කේන්ද්‍ර කොටගෙන පැවැත්වීමටයි සියලු කටයුතු සූදානම් කර තිබේ. මෙම කාලය තුළ විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ද යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව පිටකොටුවේ සිට අනුරාධපුර දක්වා දැනට පවතින දුම්රිය ගමන් වාර 10ට අමතරව තවත් දුම්රිය ගමන් වාර 10ක් අලුතින් එක් කිරීමට නියමිතව ඇත….

ඩිජිටල් උප්පැන්න සහතිකය ළගදීම

ඩිජිටල් උප්පැන්න සහතිකය ළගදීම

ඩිජිටල් උප්පැන්න සහතිකය කඩිනමින් නිකුත් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පවසයි. තාක්ෂණ අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව මෙම ඩිජිටල් කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කරන බවයි නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

weather in today

දිස්ත්‍රික්ක කිහිපයකට වැසි වාර කිහිපයක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම සහ වයඹ පළාත්වල ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව එහි සඳහන්. නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි…

advanced level

පාසල් නිවාඩුව අද සිට ඇරඹෙයි

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ 02 වන අදියර අද (26) දිනයෙන් අවසන් වෙයි. ඒ, අනුව පළමු පාසල් වාරයේ 03 වන අදියර ජුනි මස 12 වැනිදා ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් මෙම නිවාඩුව ලබාදෙන අතර, සාමාන්‍ය පෙළ විභාගය ලබන 29 වනදා ආරම්භ වී ජුනි…

langama

ලංගම රියදුරු කොන්දොස්තර පුරප්පාඩු 800 ක්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරු හා කොන්දොස්තර පුරප්පාඩු 800 ක් පවතින බව අනාවරණ වී තිබේ. ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේ රැස්වූ බලශක්ති හා ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවට නිලධාරීන් කැඳවූ අවස්ථාවේදීයි. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මේ වන විට සේවය කරනු ලබන සමස්ථ සේවක සංඛ්‍යාව 26,561 ක්. ඒ අනුව රියදුරු හා කොන්දොස්තර හිඟය පියවා ගැනීම සඳහා…

රුසියාවේ යුද නෞකාවකට යුක්රේනයෙන් ප්‍රහාරයක්
|

රුසියාවේ යුද නෞකාවකට යුක්රේනයෙන් ප්‍රහාරයක්

රුසියානු යුද නෞකාවක් වන “අයිවන් හර්ස්” බොස්ෆරස් සමුද්‍ර සන්ධියට ළඟා වෙමින් සිටියදී කළු මුහුදේදී යුක්‍රේන කාර්ය මණ්ඩලයක් නොමැති ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇත. එම යුධ නෞකාව රුසියාවේ සිට තුර්කිය වෙත ගෑස් රැගෙන යන ටර්ක්ස්ට්‍රීම් සහ බ්ලූ ස්ට්‍රීම් ගෑස් නල මාර්ග ආරක්ෂා කරමින් සිටින අවස්ථාවේදී මෙම ප්‍රහාරයට ලක්ව ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි. ප්‍රහාරයට…

පොසොන් දන්සල් පැවැත්වීමට අවසර ලබාදීම ගැන දැනුම්දීමක්

පොසොන් දන්සල් පැවැත්වීමට අවසර ලබාදීම ගැන දැනුම්දීමක්

පොසොන් උත්සවය වෙනුවෙන් පවත්වන දන්සල් පිළිබඳ තොරතුරු තම ප්‍රදේශයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල සේවය කරන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට දැන්විය යුතු බව ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සදහන් කරයි. මේ ආකාරයට තොරතුරු ලබා දෙන සෑම ප්‍රද්ගලයෙකුමට සෞඛ්‍ය ආරක්ෂිතව දන්සලක් පවත්වාගෙන යන ආකරය පිළිබඳව උපදෙස් ලබා දිමට කටයුතු කරන බවද එම සංගමයේ ලේකම් මහජන සෞඛ්‍ය…

මත්පැන් අළෙවියෙන් බිලියන ගණනක් පාඩුයි

මත්පැන් අළෙවියෙන් බිලියන ගණනක් පාඩුයි

මත්පැන් අළෙවියෙන් වාර්ෂිකව රුපියල් බිලියන 300කට වඩා අධිකවූ බදු ආදායමක් ලැබීමේ හැකියාව තිබිය දී මේ වනවිට සුරාබදු දෙපාර්තමේන්තුව මගින් බදු ලෙස රජයට උපයා දෙන්නේ රුපියල් බිලියන 170 කටත් අඩු මුදලක් බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් ප්‍රනාන්දු පැවසීය. සුරාබදු පනත බරපතළ ආකාරයෙන් උල්ලංඝනය කරමින් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් නිෂ්පාදන සමාගම්වලට මත්පැන් සිල්ලර…