oil

ඩීසල් පෝලිමට යන්න එපා – ඩීසල් ගොඩබෑමට නොහැකි වෙයි

ඩීසල් මෙට්‍රික්ටොන් 37,500 ක් රැගත් නෞකාවේ ඩීසල් තොගය සැලසුම් කළ පරිදි ගොඩබෑමට නොහැකි වූ බවත් ඒ හේතුවෙන් අද සහ හෙට (30 සහ 31) ඩීසල් ලබාගැනීමට පිරවුම්හල්වල පෝලිම්වල නොසිටින ලෙස ඉල්ලා සිටින බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසීය. නමුත්, අත්‍යවශ්‍ය සේවා සඳහා ඩීසල් සැපයුම අඛණ්ඩව සිදුකෙරෙන බවද දැනුම්දෙයි. එමෙන්ම පෙට්‍රල් පිළිබඳව…

දීර්ඝතම විදුලි කප්පාදුව අද – පැය 10 ක්

දීර්ඝතම විදුලි කප්පාදුව අද – පැය 10 ක්

අද මාර්තු 30 (බදාදා) විදුලි කප්පාදුව එක දිගට පැය 10 ක් බොහෝ ප්‍රදේශ සඳහා බලපාන අතර අලුතින් MNO සහ XYZ යනුවෙන් කලාපද හඳුන්වාදී තිබේ. මෑත කාලයේ සිදුවූ දීර්ඝතම විදුලි කප්පාදුව අද සිදුවේ. ‘ඒ’ සිට ‘ඉසෙඩ්’ දක්වා කලාප 26 ටම පළමු වරට පැය 10 ක් විදුලිය කප්පාදු කිරීම මෙහිදී කැපී පෙනේ. ‘ඒ’ සිට ‘එස්’ කලාප 20…

bus2

බස්, පාසල් වෑන් රථ, බහාලුම් ප්‍රවාහන රථ ධාවනයෙන් ඉවතට

ලබන සතිය වන විට දිවයින පුරා ඇති පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත් කරගැනීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. ඩීසල් නොමැති වීමෙන් බස් කර්මාන්තය පවත්වාගෙන යාම විශාල ගැටලුවක් බවට පත්ව ඇති බවත් මේ සතිය තුල පිළිගත හැකි විසඳුමක් ලබා දීමට රජය අපොහොසත් වුවහොත් බස් ධාවනයෙන් ඉවත් වන බවත් ලංකා…

oil-station-closed

ඩීසල් හා පෙට්‍රල් නැත – ඉන්ධන පිරවුම් හල් බොහෝමයක් වසා දමයි

ඩීසල් සහ පෙට්‍රල් හිඟය හේතුවෙන් කොළඹ ඇතුලු බොහෝ ප්‍රදේහවල ඉන්ධන පිරවුම් හල් බොහෝමයක්  වසා දමා ඇත. විවෘතව තැබූ ඉන්ධන පිරවුම්හල් අසලත් ඩීසල් වලට අමතරව පෙට්‍රල් මිලදී ගැනීම සඳහාද දිගු පෝලිම් දක්නට ලැබිණ. ඉන්ධන හිඟය තවදුරටත් පවතින අතර ඉන්ධන පිරවුම්හල් රැසක ඩීසල් හා පෙට්‍රල් නැත යනුවෙන් සඳහන් පුවරු දැක ගත හැකිවිය. ඩීසල් සහ පෙට්‍රල් වලට අමතරව…

araksaka-amathyansaya

ආරක්ෂක අමාත්‍යාංශයෙන් අති විශේෂ නිවේදනයක්

ඉන්දීය රජය සමග මෑතකදී අත්සන් කරන ලද සමුද්‍රීය ආරක්ෂක ගිවිසුම් සම්බන්ධයෙන් මාධ්‍යයේ පළ වූ ඇතැම් වාර්තා වැරදි අර්ථකථන කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, එම මාධ්‍ය වාර්තා මෙරට ජාතික ආරක්ෂාවට බාධාවක් හෝ තර්ජනයක් ලෙස දක්වා ඇති බවය. එම ගිවිසුම් අත්සන් කිරීමට පෙර, ආරක්ෂක අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු…

ariyawathi

ආරියවතී ආණ්ඩුවට පක්ෂ විම නිසා හූ විරෝධයක්

වත්මන් අර්බුද වලට පවතින ආණ්ඩුව වගකිව යුතු නැති බවත් එය විවේචනය නොකළ යුතු බවත් ත්‍රිකුණාමලයේදී පැවති ජාත්‍යන්තර කාන්තා දින වැඩසටහනට සහභාගී වූ නැගෙනහිර පළාතේ හිටපු අමාත්‍යවරියක් වන ආරියවතී ගලප්පත්ති ප්‍රකාශ කිරීමත් සමග එහි සිටි ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වන්නට විය. සභාවේ න්‍යාය පත්‍රයට පිටින් යාමෙන් බලහත්කාරයෙන් ජනතාව ඇමතීමට උත්සාහ කළ අවස්ථාවේ ඊට විරෝධය පළ කරමින්…

hospital

ශල්‍යකර්මවල දී භාවිත කරන ද්‍රව්‍ය හිඟ වීමෙන් ප්‍රධාන රෝහලක ශල්‍යකර්ම නවතී

අත්‍යවශ්‍ය ඖෂධ හා ශල්‍යකර්මවල දී භාවිත කරන ද්‍රව්‍ය හිඟ වීම නිසා පේරාදෙණිය රෝහලේ ශල්‍යකර්ම සිදු කිරීම තාවකාලිකව නැවතී ඇති බව වාර්තා වෙයි. පේරාදෙණි ශික්ෂණ රෝහල මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහතින්.

ruwan
|

රනිල්ට රට බාරදිය යුතු බවට ජනමතයක්

වර්තමානයේ තිබෙන ආර්ථික අර්බුද වලින් රට ගොඩගත හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ බැවින් ඔහුට රට බාරදිය යුතු බවට ජනමතයක් සමාජය තුළ මතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. ජාතික ආණ්ඩු හදන බවට, සභාග ආණ්ඩු හදන බවට හා රනිල් අගමැති වන බවට රට පුරා කට කතා පැතිර යන්නේ එම කරුණ පදනම්…

strick

දුම්රිය රියැදුරු වර්ජනයක්

අද ( 29) මධ්‍යම රාත්‍රියෙන් පසු අතිකාල මත සිදුකරන සියලුම සේවා වාර වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව දුම්රිය එන්ජින් රියැදුරු සංගමය පවසයි. හෙට (30) දුම්රිය ගමන්වාර වලින් සියයට අනූවක්ම අවලංගු වීමට හෝ ප්‍රමාද වී ධාවනය වීමට නියමිත බව දුම්රිය එන්ජින් රියැදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ පැවසීය. දුම්රිය වෘත්තිය සංගම් මේ වසරේදී ආරම්භ…

5000

රජයෙන් ලක්ෂ 31කට ආසන්න පිරිසකට රුපියල් 5000ක්

අඩු ආදායම් ලාභී පිරිස් ලක්ෂ 31කට  රුපියල් 5000 බැගින්  ලබාදීමට අද පැවති කැබිනට් රැස්වීමේදී තීරණය කර ඇත. මාධ්‍ය වෙත අදහස් දක්වමින් බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මේ බව සඳහන් කරන ලදි.