nirupama

පැනමා පත්‍රිකා වලට චෝදනා ලැබූ නිරූපමා රට හැර යයි

අයථා මුදල් ගණුදෙනු සහ මූලාශ්‍ර ඉදිරිපත් කළ නොහැකි මුදල් වත්කම් සහ උපයා ගැනීම් පිළිබඳව සුප්‍රකට පැනමා පත්‍රිකා වලින් ද පසුගිය දා චෝදනාවට ලක් ව සිටි නිරූපමා රාජපක්ෂ  ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව පුවත්පත් වාර්තා සදහන් කරයි.

gazet echannelling sooriyan news topjobs sinhala typing sinhala typing slt usage slt usage www ikman lk sinhala to english mp3 juice

අති විශේෂ ගැසට් නිවේදනයක්

මහජන හදිසි නීතිය ඊයේ (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරමින් ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය. ජනාධිපතිවරයා විසින් අප්‍රේල් මස 01 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි හදිසි නීතිය පනවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

අලෙවි සැල්වල ගෑස් නැතිවුවද ගෑස් ලබා ගැනීමට පෝළිම්

අලෙවි සැල්වල ගෑස් නැතිවුවද ගෑස් ලබා ගැනීමට පෝළිම්

හැටන් නගරය තුල පවතින ගෑස් හිගය උග්‍ර විමත් සමග අලෙවි සැල්වල ගෑස් නැතිවුවද ගෑස් ලබා ගැනිම සදහා 06වන දින අළුයම සිටම විශාල පිරිසක් ගැස් අලෙවි නියෝජිත වෙලදසැල අසල රැදි සිට ගෑස් නොමැති විමෙන් එම පිරිසට  හිස් අතින් නිවෙස් වෙත යාමට සිදුව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දැක්වු කිප දෙනකුම පවසන ලද්දේ ගෑස් නොමැති විමෙන් මේ…

බස් රථ 70%ක් ධාවනයෙන් ඉවතට

බස් රථ 70%ක් ධාවනයෙන් ඉවතට

ඉන්ධන හල් සදහා දින කිපයකින් ඩිසල් නොලැබිමත් සමග හැටන් හා ආශ්‍රිත ප්‍රදේශවල පුද්ගලික බස් රථ ධාවනය අඩාලවිමේ දැඩි අවදානමකට පත්ව ඇත. දැඩි ඩිසල් හිගය හේතුවෙන් පුද්ගලික බස් රථ බොහෝමයක් ධාවනයෙන් ඉවත්ව ඩිසල් පොලිම්වල රැදි සිටිමත් සමග මෙම තත්වයන් උදාවී ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු පුද්ගලික බස් රථ හිමියන් කිප දෙනකුම පවසන…

parliment
|

තවමත් පාර්ලිමේන්තුව නිදි

ඊයේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ හැසිරීම දිහා බැලුවාම පේන දෙයක් තමයි කාලය සියල්ලටම විසඳුම් ගෙනත් දේවී කියලා ඔවුන් හිතාගෙන ඉන්නවා කියන දේ. අනික් පැත්තෙන් සමහර මන්ත්‍රීවරුන්ට තිබුණේ මේක මර්දනය කරන්නේ නෑ කියන අඬෝවැඩියාව. ඒ අස්සේ යුද්ධ හමුදාවේ විශේෂ බලකායේ යතුරු පැදිකරුවන් සරුංගල් වගේ පාර්ලිමේන්තුව අවට උද්ඝෝෂකයන්ගේ රෙද්ද අස්සේ ඉගිල්ලෙනවා අපි දැක්කා. මේ වෙලාවේ පොලිස් හැසිරීම දිහා…

දික්ඔයෙත් උද්ඝෝෂනයක්

දික්ඔයෙත් උද්ඝෝෂනයක්

ජනාධිපතිට හා රජයට ඉල්ලා අස්වන ලෙස බල කරමින් දික්ඔය ප්‍රදේශයේ පිරිසක් 05වන දින දික්ඔය නගරයේදි ටයර් පුලපුස්සමින් උද්ඝෝෂනයක් පවත්වන ලදි. මෙම පිරිස දික්ඔය දරවල ප්‍රදේශයේ සිට පාගමනින් පැමින දික්ඔය නගර මධ්‍යයේදි මෙසේ ටයර් පුලුස්සා උද්ඝෝෂනයක් පවත්වන ලදි. මනුර සුදත් සෙල්ලහේවා

ananda-sc

ආනන්දයත් පාරට බසි

කොළඹ මරදානේ ආනන්ද විද්‍යාලයේ සිසු දරුවන් සහ ගුරු භවතුන් අද දහවල් විරෝධතා ව්‍යාපාරයකට එක්ව සිටින අයුරු දක්නට ලැබුණා. ප්‍රධාන මාර්ගය ඉදිරිපිට එක්රැස්වූ ඔවුන් පවතින ආර්ථික පීඩනය සම්බන්ධයෙන් විවිධ සටන් පාඨ කියමින් පැයකට අධික කාලයක් මෙලෙස විරෝධතාවේ නිරත වුණා. කොළඹ මරදාන ආනන්ද විද්‍යාලය සහ වත්මන් ආණ්ඩුව අතර පවතිනුයේ අනුලංඝනීය සබඳතාවක්. ඒ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිප්…

watercut
|

ජල හිගය උග්‍ර විමත් සමග ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට

හැටන් ප්‍රදේශය තුල පවතින ජල හිගය උග්‍ර විමත් සමග මෙම ප්‍රදේශයේ ජනතාව මේ වන විට දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයන් ජනතාව පවසනුයේ මේ වන විට ජල මණ්ඩලයේ හැටන් ප්‍රාදේශීය විසින් ජලය බේදා හැරිම දින දෙකකට වරක් සිමා කිරිමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. එසේ දින දෙකකට වරක් ජලය…

jiwan-thondaman
|

වතුකරයේ ජනතාව වෙනුවෙන් කරන ලද ඉල්ලිම් වලට නිසි විසදුම් ලබාදෙන්න

ලංකා කම්කරු කොංග්‍රසය සෑම විටම වතු කම්කරුවන් වෙනුවෙන් පෙනි සිටින බවත් එම ජනතාවගේ අව‍ශ්‍යතාවයන් ඉටු කිරිමට නොහැකි වුවහොත් තමන් රජයට දක්වන සහායෝගයෙන් ඉවත්විමට දෙවරක් නොසිතන බව වතු යටිතල පහසුකම් ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා පවසයි. ලංකා කම්කරු කොංග්‍රසයේ කොටගල කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු ජිවන් තොණ්ඩමන් මහතා එහිදි වැඩි දුරටත් මෙසේ…

ganaakka

ඥානක්කාගේ නිවස වටලති

අනුරාධපුර ඉසුරුපුර ප්‍රදේශයේ පිහිටි ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට ඊයේ (04) රාත්‍රියේ විරෝධතා කරුවන් විශාල ප්‍රමාණයක් කඩා වැදී දැඩි විරෝධයක් පෑමත් සමග ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්වයක් ඇති විය. අනතුරුව පොලීසිය හා යුද හමුදාව එක්ව ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට හා අවට ප්‍රදේශයට මෙන්ම දේවාලයටද දැඩි ආරක්ෂාවක් සපයා තිබූ අතර විරෝධතා කරුවන් විසින් ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට ගල්…