watercut

හැටන් ප්‍රදේශය තුල පවතින ජල හිගය උග්‍ර විමත් සමග මෙම ප්‍රදේශයේ ජනතාව මේ වන විට දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයන් ජනතාව පවසනුයේ මේ වන විට ජල මණ්ඩලයේ හැටන් ප්‍රාදේශීය විසින් ජලය බේදා හැරිම දින දෙකකට වරක් සිමා කිරිමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

එසේ දින දෙකකට වරක් ජලය බේදා හැරිමටද නිස්චිත වේලාවක් නොමැති බවත් බොහෝ විට මධ්‍යම රාත්‍රියේ හාඅළුයම දෙකට හතරට මෙම ජලය බේදා හැරිම සිදු කරන බවත් මෙම තත්වයන් මත තමන්ට නිදා ගැනිමට හෝ නිසි අවස්ථාවක් නොලැබෙන බවද ඔවුන් පවසති.
ජලය බේදා හරින අවස්ථාවලදි ජලය ලැබිමට පෙර ජල නල ඔස්සේ සුලං ලැබෙන බවත් එම තත්වයන් මත ජලය ලැබෙන තෙක් ජල කරාම විවෘත කර තැබිමෙන් ජල නල ඔස්සේ පැමිනෙන සුලං හේතුවෙන් ජල තම නිවාසවල සවිකර ඇති ජල මිටර් අධික වේගයෙන් කැරකෙන හෙයින් ජලය වෙනුවට සුලං සදහා අධික ජල බිලක් ගෙවිමට සිදුවන හෙයින් විටින් විට ජල කරාම විවෘත කර ජලය ලැබේද යන්න විපරම් කිරිමට සිදුවන බවද ඔවුන් පවසති.

මෙම තත්වයන් මත සමහර දිනවලදි නිදි වර්ජිතව ජලය ලැබෙන තෙක් බලා සිටිමට සිදුවන බවත් දින දෙකකට වරක් ලබා දෙන ජලයද ප්‍රමානවත් ලෙස නොලැබෙන බවත් මෙම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් එම පිරිස් තව දුරටත් පවසති.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු ජල මණ්ඩලයේ හැටන් ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන් තුල පවතින වියළි කාලගුණික තත්වයන් හමුවේ ජලය ලබා ගන්නා හැටන් සිංගිමලේ හා දික්ඔය ඔටරි ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් පහල බැසිමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.

එම තත්වයන් මත මෙම ප්‍රදේශයට නිසි ලෙස ජලය ලබා දිමට නොහැකි තත්වයක් උදාවි ඇති බවත් එහෙත් තම කාර්ය මණ්ඩලය දිවා රාත්‍රි නොතකා උපරිම ලෙස ප්‍රදේශයේ ජනතාවට ජලය ලබා දිමට පියවර ගන්නා බවද ඔහු පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts