jiwan-thondaman

ලංකා කම්කරු කොංග්‍රසය සෑම විටම වතු කම්කරුවන් වෙනුවෙන් පෙනි සිටින බවත් එම ජනතාවගේ අව‍ශ්‍යතාවයන් ඉටු කිරිමට නොහැකි වුවහොත් තමන් රජයට දක්වන සහායෝගයෙන් ඉවත්විමට දෙවරක් නොසිතන බව වතු යටිතල පහසුකම් ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා පවසයි.

ලංකා කම්කරු කොංග්‍රසයේ කොටගල කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු ජිවන් තොණ්ඩමන් මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි.

සර්වපාක්ෂික සමුළුව සදහා තමන් සහාභාගි නොවුනේ කැබිනට් ඇමතිකමක් නොදිම නිසා බව සමහර අය පවසනවා එය බොරුවක් තමන් එයට සහභාගි නොවිමට ප්‍රධාන හේතුව වුනේ වතුකරයේ ජනතාව වෙනුවෙන් කරන ලද ඉල්ලිම් තුනක් සදහා නිසි විසදුමක් නොලැබුන නිසායි එසේ නැතිව කැබිනට් ඇමතිකමක් නොලැබුන නිසා නොවෙයි.

මේ වන විට රට තුල පවතින ගෑස් ඉන්දන හිගය මෙන්ම විදුලි අර්බුදය හා බඩු මිල ඉහල යාමෙන් ඇතිව තිබෙන ජිවන වියදම් තත්වයන් ඉහල යාමෙන් පිඩාවන්ට පත්ව ඇති ජනතාව මෙම රජය අප්‍රසාදයට පත්කර තිබෙන අතර එම තත්වයන් මත උද්ගෝෂනයක් සදහා පැමිනි පිරිසකට පහාරදි තුවාල සිදු කිරිම විසදුමක් නොවෙයි.

එමෙන්ම ජනාපතිවරයාගේ නිවස ඉදිරිපිට පැවති උද්ගෝෂන සදහා එක්වු පිරිසට හා මාධ්‍යවේදින් කිපදෙනකුට ආරක්ෂක අංශ විසින් කරන ලද පහාර දිම ලංකා කම්කරු කොංග්‍රසය හෙලා දකින බවද ඔහු පවසන ලදි.

හදිසි නිතිය ප්‍රකාශයට පත් කිරිම කුමන හේතුවක් මත පැනවුවාද තමන් නොදන්නා බවත් එය පාර්ලීමේන්තුවට ගෙන ඒමේදි එය පිලිබදව පුලුල් ලෙස අධ්‍යනය කර තම තිරණය ප්‍රකාශ කිරිම සිදු කරනවා.

රට තුල අර්බුද පවතින අවස්ථාවකදි රට තුල විවිධ සැනකෙළි පැවැත්විම නතර කල යුතුයි එමෙන්ම කැඩිනට් මණ්ඩලය ඉවත් කර සියලු පක්ෂ සම්බන්ද කර ගනිමින් අන්තර් පාලන කමිටුවක් පත් කිරිම සදහා හිටපු ඇති විමල් වීරවංශ මහතා කර ඇති යෝජනාව සුදුසු බවත් එයට ලංකා කම්කරු කොංග්‍රසය විරුද්ධත්වයක් නොමැති බවත් ඔහු වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts