surasal

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් මේ මස 13 සහ14 දිනවල දිවයිනේ පිහිටි සියලුම සුරාසල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ පිලිබදව සියලුම සුරාසල් හිමියන් මේ වන විටත් දැනුවත් කර ඇති බවත් එම නියෝග නොතකා ක්‍රියා කරන සුරාසල් වලට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

sahanamalla

සතොස සහන මල්ල ගන්න විශාල පිරිසක්

ලංකා සතොස ආයතන මගින් බේදා හරිනු ලබන සහන මල්ල ලබා ගැනිම සදහා හැටන් සතොස ශාඛා අසල විශාල පිරිසක් එක්ව සිටින අයුරු දක්නට හැක. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු සතොස හැටන් මල්ලිඅප්පුව ශාඛාවේ නිලධාරියකු පවසන ලද්දේතම ශාඛාවට ලැබුන සහන මල්ල 10වන දින සිට එම භාන්ඩ නිමවන තෙක් ප්‍රදේශයේ පාරිභෝගිකයන්ට ලබා දිමට පියවර ගන්නා බවත්ය….

galu

වැසි මැද මැදියම් රැයෙන් නොනැවතුණු ගාලුමුවදොර ජනතා විරෝධය

ගාලුමුවදොර පිටිය ආසන්නයේ ආණ්ඩුවට එරෙහි විරෝධතා තවදුරටත් පැවැත්වෙයි. ඊයේ (9) පෙරවරුවේ සිට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ජනතාව ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය ඉදිරිපිට විරෝධතා වයේ නිරත විය. වැසි නොතකා විරෝධතාව සඳහා පැමිණි පිරිස රැය පහන් වන තුරුම ගාලුමුවදොර පිටිය අසළ රැ ඳී සිටින බව  වාර්තාකරුවන් පැවසුවේ ය. මේ අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා…

gas

ලිට්‍රෝ සමාගම ජනතාවට කළ විශේෂ ප්‍රකාශය

ලිට්රෝ සමාගම මෙතෙක් ගෑස් මිල වැඩි කිරීමක් සිදු නොකර ඇති බැවින් වැඩි මිලට ගෑස් අලෙවි කරන වෙළඳුන් පිළිබඳව පොලිසියට පැමිණිලි කරන ලෙස ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ පාරිභෝගිකයින්ට දැනුම් දෙනවා. එසේම, ඒ පිළිබඳව පැමිණිලි ලිට්රෝ සමාගමේ 1311 දුරකතන අංකයටද දැනුම්දිය හැකි බවයි ඔහු කියා සිටියේ.

ගාලු මුවදොර අන්තර්ජාල සබදතා අවහිරයි – ගාලු මුවදොර පිරී ඉතිරෙයි

ගාලු මුවදොර අන්තර්ජාල සබදතා අවහිරයි – ගාලු මුවදොර පිරී ඉතිරෙයි

කොළඹ ගාලු මුවදොර පිටිය ආසන්න ප‍්‍රදේශයේ ජංගම දුරකතනවල අන්තර්ජාල වේගය ඉතා මන්දගාමී වී ඇත. වාර්තාකරුවන් පවසන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට හා ෂංග‍්‍රිලා හෝටලය ඉදිරිපිට ප‍්‍රදේශයයට විශාල පිරිසක් එක් රැස්ව සිිටිනා බවය. දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවලින් ගාලු මුවදොර පිටියට විරෝධතාකරුවන් එක්වී සිටින අතර ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යොදවා ඇති බවයි වාර්තා…

මම කිසිවක් සඟවන්නේ නෑ

මම කිසිවක් සඟවන්නේ නෑ

තමා කිසිදෙයක් නොසඟවන බවත් ස්වාධීනව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. එම තනතුර බාරගැනීමෙන් අනතුරුව පළමුවරට මාධ්‍ය අමතමින් ඒ මහතා පැවසුවේ ශ්‍රී ලංකා මහ බැංකුවට ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව ලබාදීමෙන් මෙම අර්බුදයෙන් මිදීමට හැකියාව ලැබෙන බවය.

mawssa

ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි

ප්‍රධාන ජලාශවල ජල මට්ටම 66% දක්වා ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඩී. අබේසිරිවර්ධන මහතා පැවසුවේ, ඒ යටතේ යල කන්නය සඳහා ජලය නිකුත් කිරීම ආරම්භ කර ඇති බවය. මේ අතර මවුස්සාකැලේ සහ කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට (08) දින පස්වරුවේ සිට තද වැසි ලැබෙමින් පවති. මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශය වන මස්කෙලිය…

nandalal
|

මුදල් අච්චු ගැසීම හේතුවෙන් උද්ධමනය ඉහළට

මුදල් අච්චු ගැසීම හේතුවෙන් උද්ධමනය ඉහළ ගොස් ඇතැයි නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. නව මහ බැංකු අධිපතිවරයා ඒ බව පැවසුවේ, ඊයේ (08) පස්වරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් ය.

gov

රාජ්‍ය සේවකයෝ වැඩවරති

රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයන් ආණ්ඩුවට විරෝධය දක්වමින් අද (8) ක්‍රියාත්මක කරන සංකේත වැඩවර්ජනය හේතුවෙන් රටපුරා බොහෝ රාජ්‍ය ආයතන අකර්මණ්‍ය වී ඇති බව වාර්තා වේ. බොහෝ රාජ්‍ය සේවකයින් කළු පැහැති ඇඳුමෙන් සැරසී සේවයට වාර්තා කර ඇති බවත් ඔවුහූ අද දහවල් සේවා ස්ථාන ඉදිරියේ විරෝධතාව දැක්වීමට සූදානම්ව සිටින බවත් වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථාන පැවසීය.  

unhr unhrc members unhrc president unhrc full form unhrc mun unhrc headquarters unhrc resolution un human rights council members 2023 unhrc sri lanka
|

ශ්‍රී ලංකාවේ තත්වය නරක අතට

ශ්‍රී ලංකාව තුළ නරක අතට හැරෙමින් පවතින ආර්ථික අර්බුදයට එරෙහි විරෝධතා වල නිරත වන පිරිස් පිළිබඳව සාමකාමී ක්‍රියාමාර්ග අනුගමනය කරන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය රජයෙන් ඉල්ලා සිටී. ශ‍්‍රී ලංකාවේ ආර්ථික තත්වය අයහපත් වීම හේතුකොටගෙන ආහාර හා ඉන්ධන හිඟයක් ඇති බවත් විදුලිය විසන්ධි කිරීමේ කාලය දීර්ඝ වී ඇති බවත් ඒ සමඟම කලකිරී සිටින ජනතාවට ඔවුන්ගේ…