කොරෝනා මරණ 30 පනී – ආසාදිතයන් තවත් ඉහළට
තවත් කොරෝනා මරණ 31ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි. ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 14158 දක්වා ඉහල යයි. අද වාර්තා වන ආසාදිත ගණන 735කි.
තවත් කොරෝනා මරණ 31ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි. ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 14158 දක්වා ඉහල යයි. අද වාර්තා වන ආසාදිත ගණන 735කි.
2022 වසර සඳහා අයවැය ලේඛනය දෙවන වර කියවීම වැඩි ඡන්ද 93කි සම්මත වෙයි. එහිදී පක්ෂව ඡන්ද 153 ක් සහ විපක්ෂව ඡන්ද 60ක් ලැබී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩුවේ පක්ෂ, අයවැය දෙවැනිවර කියැවීමට පක්ෂව ජන්දය භාවිත කළ අතර, සමඟි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය ඇතුළු විපක්ෂයේ පාර්ශ්ව අයවැය දෙවැනිවර කියැවීමට…
නුවරඑළිය, එළවළු ගොවීන් සිය එළවළු තොග නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට ලබාදීම ප්‍රතික්ෂේප කිරීමත් සමග නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබුණි. පවතින පොහොර අර්බුදය හේතුවෙන් එළවළු ඵලදාව අඩුවී ඇති බවට ගොවීන් පවසන පසුබිමක ඒවායේ මිල ගණන් දිනෙන් දින සීඝ්‍රයෙන් ඉහළයමින් පවතී. තඹුත්තේගම සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබී තිබූ එළවළු තොග සීමාවීමත් සමග…
ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වියදම, ආදායමට වඩා ඉහළ යාම හේතුවෙන්දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව ඇති බවයි එහි සාමාන්‍යාධිකාරී තිළිණ විජේතුංග සඳහන් කරයි. ආර්ථික අර්බුදය පාලනයට ගෙන යන පියවර ප්‍රමාණවත් නොවුණහොත් ජල ගාස්තු වැඩි කිරීමේ වගකීම රජය සතු වන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා පවසයි.
මිලිලීටර් 180ක ධාරිතාවකින් යුත් මත්පැන් අඩංගු කුඩා බෝතල් ඉදිරියේ දී තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ. භාවිතයෙන් අනතුරුව අදාළ කුඩා බෝතල් පරිසරයට විශාල වශයෙන් මුදා හැරීම ඊට හේතු වී ඇත. 2018 වසරේදී සිදුකළ සමීක්ෂණයකට අනුව එවැනි කුඩා බෝතල් කෝටි 10කට අධික ප්‍රමාණයක් පුද්ගලයින් භාවිතා කර තිබූ බවත් එම කාලේ බෝතල්වලින් සියයට සියයක්ම පරිසරයට මුදා…
පසුගිය පසළොස්වක පොහොය දිනයේ සාසනයට පූජා කරන ලද සඳහිරු සෑය ඉදිකර ඇති භූමිය ඒ සදහා තමන් අකමැත්තෙන් අනුමත කල එකක් බව හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා සඳහන් කරයි. ඒ මහතා මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.
නිසි ප්‍රමිතියෙන් යුත්, ගුණාත්මක ශාක පෝෂක මෙරටට ගෙන්වීමට යළි අවසර දී තිබේ. ඒ, කෘෂි විද්‍යාඥයින් ඇතුළු පිරිසක් ජනාධිපතිවරයාට යොමු කළ කෘෂි මාර්ගගත සැලැස්මට අනුවයි. යූරියා ඇතුළු හඳුනා ගත් ශාක පෝෂක දැනටමත් මෙරටට ගෙන්වීම සඳහා අවශ්‍ය ඇනවුම් සිදු කර අවසන් බව ය.
කොරෝනා වෛරස් ආසාදනය හේතුවෙන් මළ දරු උපත් බිහිකරන මව්වරුන්ගේ සංඛ්‍යාව දෙගුණ වී ඇති බව සී.ඩී.සී. හෙවත් ඇමෙරිකානු රෝග පාලන සහ වැළැක්වීමේ ආයතනය සිදුකළ අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. එමගින් පෙන්වා දෙන්නේ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය හේතුවෙන් එම අනුපාතය සිව් ගුණයක් වී ඇති බවයි.
බැසිල් රාජපක්ෂ මහතාට මුදල් අමාත්‍ය ධූරය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ද දැරීමට අයිතියක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි. ඇමරිකානු පුරවැසියකු වන බැසිල් රාජපක්ෂ මහතාට මෙරට සතු වත්කම් ෙවන රටවලට පැවරීමට කිසිදු අයිතියක් නැතැයි ද ඔහු පැවසීය. යුගදනවි බලාගාරය ඇමෙරිකානු සමාගමකට පැවරීම සඳහා අත්සන් කල ගිවිසුම හේතුවෙන් බැසිල් රාජපක්ෂ…
විජය කුමාරතුංග මහතාගේ දේශපාලන ප්‍රතිපත්ති පදනම් කර ගනිමින් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කර තිබේ. එම පක්ෂය නම් කර ඇත්තේ, විජයවාදී මහජන විමුක්ති පෙරමුණ යනුවෙනි. එහි ගම්පහ දිස්ත්‍රික් ආසන සංවිධායක කමල් රෝහණ රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී මේ බව අනාවරණය කෙරිණි. ඔහු සඳහන් කළේ, විජය කුමාරතුංග මහතාගේ සොහොයුරියක වන රූපා කුමාරතුංග මහත්මිය ඇතුළු විජය කුමාරතුංගගේ සමීපතමයින්…