second language sinhala

යහපාලනයේ යොවුන්පුර කෝටි 150කට විදලා

ජාතික තරුණ සේවා සභාව මඟින් යහපාලන සමයේ පවත්වන ලද යොවුන්පුර උත්සව තුනක් සඳහා කෝටි එකසිය පනහකට වැඩි මුදලක් වංචාසහගත ලෙස පරිහරණය වී ඇති බවට ඉදිරිපත් වූ චෝදනාවක් ඊයේ (16) කෝප් කමිටුව හමුවේ විමර්ශනයට ලක් වී තිබේ. යහපාලන සමයේ සිදු වූ තවත් මූල්‍ය දූෂණ අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් තොරතුරු අඩංගු ලිපි ගොනු හා සාක්ෂි රැසක් වත්මන් සභාපතිවරයා…

customs of sri lanka

විපක්ෂයේ විරෝධතාව

විපක්ෂයේ සමගි ජන බලවේගය සංවිධානය කර ඇති විරෝධතා උද්ඝෝෂණය අද කොළඹ විහාරමහාදේවී උද්‍යානයේදී පැවැත් වූ අතර එහි සජීවී වීඩියෝව මේ සමග පළවේ.

60-wadi

COVID 19 තුන්වැනි මාත්‍රාව ලබා දීම හෙට(17) සිට ඇරඹේ

වයස අවුරුදු 60ට වැඩි ශ්‍රී ලාංකිකයන්ට COVID 19 එන්නතේ තුන්වෙනි මාත්‍රාව ලබා දීම හෙට(17) සිට ඇරඹේ. අනුරාධපුර, අම්පාර දිස්ත්‍රික්ක සහ බස්නාහිර සහ දකුණු පළාත්වල අවුරුදු 60ට වැඩි අයට පළමුව තුන්වෙනි මාත්‍රාව ලබා දෙනු ඇති. දෙවැනි මාත්‍රාව ලබා ගෙන මාස තුන සම්පූර්ණ කළ අය මේ සඳහා සුදුසුකම් ලබයි. පළමු සහ දෙවැනි මාත්‍රාව ලබා ගත්තේ කවර් එන්නත්…

stop

මහජන ඒකරාශීවීම්, රැස්වීම් හා උත්සව ලබන 30 වැනිදා දක්වා තහනම්

නොවැම්බර් 16 වනදා සිට 30 වනදා දක්වා ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (15) නිකුත් කළේය. එමඟින් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, කොවිඩ් වසංගතය පැතිරීම පාලනය සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කරන ලෙසය. නිවසින් බැහැරට යෑම හැකිතාක් දුරට අඩුකරන ලෙසත් ඔහු ඉල්ලා සිටී. *අපොස සාමාන්‍ය පෙළ සහ උසස්…

sinhala news papers
|

FBI ඊමේල් පද්ධතිය හැකර්වරුන් අතට

FBI ආයතනයේ ඊමේල් පද්ධතිය හැක් කර, ඊමේල් ලිපිනය හරහා හදිසි පද්ධති තුළ “තර්ජනය කරන නළුවා” යන මාතෘකාව සහිතව ඊමේල් 100,000කට අධික පිරිසකට යැවීමට හැකර්වරයෙකු කටයුතු කර ඇති බව වාර්තා වෙනවා. මේ පිළිබඳව නිළ නිවේදනයක් නිකුත් කරමින් FBI ආයතනය ප්‍රකාශ කර සිටින්නේ මෙම සිද්ධියට අදාල ජාල පද්ධතියෙන් වෙන් කිරීම හෝ වසා දැමීමට කටයුතු කර ඇති බවයි….

corona

පාසල් සිසුන් 64කට කොරෝනා

ඉකුත් සති දෙකක කාලය තුළදී ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් 64 දෙනෙකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි පවසයි. ඔක්තෝබර් 31 වැනිදා සිට නොවැම්බර් 14 වැනි දින දක්වා කාලය තුළදී එම දිස්ත්‍රික්කයේ පාසල් 28ක පාසල් දරුවන් 64 දෙනෙකුට මෙලෙස කොවිඩ් වයිරසය ආසාදනය වී තිබේ….

sapugaskanda

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැසේ

අද (15) සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා තැබීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පැවසීය. කෙසේ වෙතත් මේ හේතුවෙන් රට තුළ තෙල් හිඟයක් ඇති නොවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අමාත්‍යංශ පරිශ්‍රයේ දැන් පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය. “පසුගිය සැප්තැම්බර් 29 මාධ්‍ය හමුවක් පවත්වලා රටට අනතුරු ඇඟවීමක් සිදුකළා වගේම අද දින සිට තාවකාලිකව…

vimalasurendra1

මධ්‍යම කදුකරයට අධික වැසි

මධ්‍යම කදුකර ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි තත්වයන් හේතුවෙන් කොටගල, ආගරපතන, ඩයගම, යන ප්‍රදේශවල එලවලු වගාවන් විනාශයට පත්විමත් සමග එම එලවලු ගොවින් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශවල එලවලු ගොවින් පිරිසක් පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට පවතින අධික වැසි හේතුවෙන් තම එලවලු වගාවන් විනාශයට පත් විමත් සමග තමන් දැඩි අසරන තත්වයන්ට…

politics
|

දේශපාලන බල පොරය උග්‍ර අතට

කළුතර දිස්ත්‍රික්කයේ දේශපාලන බල පොරය උග්‍ර වෙමින් මේ වන විට අළුත් , තරුණ මුහුණු කීපයක් දේශපාලනයට පිවිසෙමින් තිබේ. කෝටිපති ව්‍යාපාරිකයෙකු වු හිටපු පළාත් සභා මන්ත්‍රී ජගත් පින්නගොඩ විතාන මහතාගේ පුත් රසික පින්නගොඩ විතාන මහතා සමගි ජන බලවේගයේ තරුණ සංවිධානයේ කළුතර දිස්ත්‍රික් සම ලේකම් වරයෙකු ලෙස පත් කර ඇත. සමගි ජන බලවේගයේ නායක ,විපක්ෂනායක සජිත් ප්‍රේමදාස…

weather

අන්දමන් මුහුදු ප්‍රදේශය අන්දමන් වෙයි

දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී තිබෙනවා. මෙය වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින්, අද (15) දින වනවිට උතුරු අන්දමන් මුහුදේ පීඩන අවපාතයක් බවට පත්විය හැකියි. දිවයිනට නැගෙනහිරින් වන ගැඹුරු මුහුද ආශ්‍රිතව ක්‍රියා කරන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව සහ ඉදිරි කාලගුණ නිවේදන කෙරෙහි අවධානයෙන් කටයුතු කරන ලෙසයි…