උණුසුම් පුවත්

  • පොට්ට නව්ෆර්ව කොරෝනා රැගෙන යයි

    කොවිඩ් ආසාදිතව වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මොහොමඩ් නියාස් මොහොමඩ් නවුෆර් නොහොත් “පොට්ට නව්ෆර්” ජීවිතක්ෂයට පත්ව ඇත. බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කර සිටියේ කෝවිඩ් රෝගයට ප්‍රතිකාර ලබමින් සිටි මෙම රැඳවියා වෙනත් නිදන්ගත රෝගාබාධ කිහිපයකටම ප්‍රතිකාර ලබමින් සිටි බවයි. හිටපු මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පොට්ට නව්ෆර්…

  • ශ‍්‍රී ලංකාවෙන් ලෝකයට ‘සුපර් ඩෙල්ටා’

    අද වන විට කොළඹ පුරා පැතිරී යන යන කොරෝනා වෛරස් ප්‍රභේදය 100%ක්ම ඩෙල්ටා ප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකාව තුළ පැතිරී යන ප‍්‍රබේදය ‘සුපර් ඩෙල්ටා’ ප්‍රභේදයක් ලෙස හැදින්විය හැකි බවත් එහි හැසිරීම තව දුරටත් අධ්‍යනය කළ යුතු බවද ඒ මහතා පැවසීය.

  • බන්දුලට කොරෝනා

    වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත. ඔහු තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් මේ බව සදහන් කරමින් ඉල්ලා ඇත්තේ ආසන්න කාලය තුළ තමන් සමග සමීපව කටයුතු කළ සියලු දෙනාම නිරෝධායනයට ලක්වන ලෙසයි. ඊයේ පෙරවරුවේ ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායටද ගුණවර්ධන මහතා එක්ව සිටියේය.

  • නිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් 6 දා තෙක්

    දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාල සීමාව සැප්තැම්බර් 6 දා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට ආණ්ඩුව තීරණය කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  ජනාධිපති කාර්යාලයේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී මේ තීරණයට එළැඹිණ. එන්නත්කරණ වැඩපිළිවෙළෙහි ප්‍රගතිය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සමාලෝචනයට ලක් කෙරුණු අතර, මෙතෙක් එන්නත ලැබී නැති වයස අවුරුදු 30ට වැඩි යම් පුද්ගලයෙක්…

  • වැව් 27 ක් සංවර්ධනය ඇරඹෙයි

    තෝඩාමඩුව එල්ලංගා පද්ධතියට අයත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 27 ක් ප්‍රතිසංස්කරණය කිරීම සමාරම්භ කෙරෙමින් සිදු වන තෝඩාමඩුව මහ වැව ප්‍රථිසංස්කරණය කිරීම රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ නිරීක්ෂණයට ලක් විය. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රථිපත්ති ප්‍රකාශනය⁣ට අනුව කෘෂිකාර්මික කටයුතු සදහා අවශ්‍ය ජලය සපයා ගැනීම සදහා තෝඩාමඩුව එල්ලංගා පද්ධතිය⁣ට අයත් වැව් ප්‍රථිසංස්කරණය කිරීමට මිහින්තලය ප්‍රාදේශීය…

  • එස්.ඕ.එස් ළමා ගම්මානවල කොවිඩ් ආසාදිතයන් ඉහළට

    එස්.ඕ.එස් ළමා ගම්මානවලින් කොවිඩ් ආසාදිතයන් 108 දෙනකු හඳුනාගෙන ඇතැයි ශ්‍රී ලංකාවේ එස්.ඕ.එස් ළමා ගම්මාන වැඩසටහනේ ජාතික අධ්‍යක්‍ෂ දිවාකර් රත්නදුරෙයි මහතා පවසයි. මෙරට පිහිටි එස්.ඕ.එස් ළමා ගම්මාන හයෙන් පහකම මේ වන විට කොවිඩ් ආසාදිතයින් වාර්තා වී ඇති බවත්, ඒවායේ රැකවරණය ලබන දරුවන්, තරුණ තරුණියන් මෙන්ම නේවාසික හා නේවාසික නොවන කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් මෙලෙස කොවිඩ් ආසාදිතයන්…

  • තවත් කොවිඩ් මරණ 209ක්

    තවත් කොවිඩ් මරණ 209ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එය දිනක් තුළ වාර්තා වු වැඩිම මරණ ගණන වේ. (25) දින තහවුරු කර ඇති එම මරණ 209ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8,157ක් දක්වා ඉහළගොස් ඇත. කාන්තාවන් 101 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 108 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය….

  • කාලගුණය අයහපත් වෙයි

    දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ දැක්වේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි…

  • |

    ලොක්ඩවුන් එක ඇතුළේ කොවිඩ් මර්දනයට උත්තරයක් නැහැ

    සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා හමුවිය. වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින්ගේ විද්වත් සංගමයේ සභාපති, රවී කුමුදේශ් මහතා, දැනට කරමින් සිටින රට වසා දැමීමේ තිබෙන අසාර්ථකත්වය මොකක්ද? ඒක සාර්ථක බවට පරිවර්ථනය කරන්නේ මොනවද කරන්න ඕනේ කියන එක යන කාරණා කරුණු සහිතව පෙන්වලා දුන්නා රජයේ ප්‍රතිපත්තියක් වගේ එකක් අපිට පේන්නට තියෙනවා. වැක්සින් එක…

  • |

    කාබුල් ප්‍රහාරවලින් 90ක් මරුට

    ඇෆ්ගනිස්තානයේ කාබුල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල ප්‍රදේශයට එල්ලකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයින් 90 දෙනෙකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක් මරාගෙන මැරෙන ප්‍රහාරයක් ගුවන්තොටුපොළේ ප්‍රධාන ගේට්ටුව අසල සිදුව ඇති අතර දෙවන ප්‍රහාරය බ්‍රිතාන්‍ය නිලධාරීන් පිරිසක් රටින් පිටවීම සඳහා රැඳිසිටි ගුවන්තොටුපොළ අසල හෝටලයක් ඉදිරිපිට සිදුව ඇති බව වාර්තා වේ. එම ප්‍රහාරවලින් මියගිය පිරිස අතර…