lionbear

අරක්කු බෝතල් 124ක් බියර් කැන් 48ක් සමග පුද්ගලයන් 05ක් අත් අඩංගුවට

නිරෝධාන ඇදිරි නිති කාලය තුලදි වතු කම්කරුවන් සදහා අධික මිලකට අලෙවි කිරිමට රැගෙන යමින් තිබු අරක්කු හා බියර් තොගයක් සමග සැකකරුවන් පස් දෙනකු බගවන්තලාව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත. මෙ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු බගවන්තලාව පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ  කොවිඩ් ව්‍යාප්තිය මර්ධනය කිරිම සදහා නිරෝධාන ඇදිරි නිතිය ක්‍රියාත්මක කරන බවට දැනුම් දිමත්…

cement

සිමෙන්ති හිගයක්

රට තුළ සිමෙන්ති හිගයක් නිර්මාණය වෙමින් ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා. කොරෝනා වසංගතය හමුවේ සිමෙන්ති ආනයනය කිරීමට ගැටලු මතුවී ඇති අතර දේශීය සිමෙන්ති නිෂ්පාදනයට ද මේ හේතුවෙන් බාධා එල්ල වීම මෙවැනි තත්ත්වයක් උද්ගතවීමට හේතුවී ඇති බවයි එම සංගමය පැවසුවේ. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිමෙන්ති හිගයක් නිර්මාණය වීමත් සමග ඇතැම් වෙළෙඳුන් සිමෙන්ති වැඩි මිලට අලෙවි කරමින්…

ජිවිත වලින් පවා වන්දි ගෙවමින් සිටින ජනතාවගෙන් ජනාධිපති ඉල්ලන තවත් කැපකිරීම් මොනවද?
|

ජිවිත වලින් පවා වන්දි ගෙවමින් සිටින ජනතාවගෙන් ජනාධිපති ඉල්ලන තවත් කැපකිරීම් මොනවද?

කොවිඩ් ගෝලීය වසංගතය හමුවේ යළිත් වරක් රට අඟුලු දැමීමට වර්තමාන රජයට සිදු විය. දින 10 කට රට වසා තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  ජනතාව ඇමතුවේය. ඔහුගේ කථාවෙන් ඔහු ඉල්ලා සිටියේ ඉදිරියේ දී රට දීර්ඝ කාලයක් වසා තැබීමට සිදුවුවහොත් රටේ සියලු දෙනාම වඩාත් කැපකිරීම් කිරීමට සූදානම් වන ලෙසටය. මෙහිදි ඔහු අදහස් කළ කැපකිරීම් මොනවාද කියා සඳහන්…

udda
| |

යුද්ධ කාලෙත් ආර්ථිකයට ප්‍රමුඛතාව දුන්නද?

ඔව්, දුන්නා. ආර්ථිකය කළමනාකරණය කරගැනීම යුද්ධයේ ප්‍රධාන කොටසක්. ඒක රජය විතරක් නෙමෙයි, කැරැලි කණ්ඩායමුත් කරන දෙයක්. ආර්ථිකය කළමනාකරණය කරගන්නට බැරිවුණොත්, තමන්ගෙ හමුදාවලට අවශ්‍ය ශරීර ශක්තිය පවා පවත්වාගන්නට බැරිවෙනවා. හේතුව, ආහාර හිඟය. ඒ වගේම තමයි, ආයුධ, පතුරම්, ඉන්ධන, බෙහෙත්, වෛද්‍ය සේවා, සුබසාධනය ආදිය සඳහාත් ආර්ථිකය ඉතාම වැදගත්. ආර්ථිකය යුද ප්‍රහාරවලත් ප්‍රධාන ඉලක්කයක්. ලංකාවේ යුද්ධයේදී නම්, වරායට,…

poya

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පෝය දිනය අදට (22) යෙදී තිබේ. ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම, ආනන්ද හිමියන් රහත් වීම, භික්ෂූන් වහන්සේ පසුවස් සමාදන්වීම ඇතුළු වැදගත් සිදුවීම් රැසක් සිදුවූ පොහොය දිනයක් ලෙස මෙම පුන් පොහොය දිනය සැලකේ. මේ අතර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද රාත්‍රියේ විථී සංචාරය කිරීමට නියමිතය. මහනුවර ඇසළ පෙරහැර…

තෙවන එන්නතක් දෙන්න සැලසුම්

තෙවන එන්නතක් දෙන්න සැලසුම්

ජනතාවට තුන්වෙනි එන්නත් මාත්‍රාවක් දීමට සැලසුම් කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බවද හෙතෙම සඳහන් කළේය. මේ අතර සියලුම සෞඛ්‍ය සේවකයන්ට මුල් අදියර යටතේ තෙවැනි මාත්‍රාව ලබා දීමට සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි .

සඳුදා සිට ලාෆ් ගෑස් වෙළෙඳපොළට

සඳුදා සිට ලාෆ් ගෑස් වෙළෙඳපොළට

සඳුදා සිට කිසිදු හිඟයකින් තොරව ගෘහස්ථ ගෑස් වෙළඳපොළට නිකුත් කරන බව සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය, ලසන්ත අලගියවන්න මහතා පවසයි. ලාෆ්ස් සමාගම සිය නිෂ්පාදන නැවැත්වීම හේතුවෙන් පසුගිය දිනවල වෙළෙඳපොළ තුළ ගෑස් හිඟයක් මතුවිය. මිල ඉහළ දැමීමට රජය විසින් අනුමැතිය ලබාදීමත් සමග ලාෆ්ස් සමාගම පසුගිය 20 වනදා සිට නව මිල යටතේ ගෑස්…

corona crest connect

ඩෙල්ටා විකෘති තුනම කොළඹින් – ආසාදිතයින් 201ක්

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘතිතා තුනක් සහිත ආසාදිතයින් ලොව පළමුවරට ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල විද්‍යායතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිදුකළ පර්යේෂණයකදී ඒ බව හෙළිවී ඇත. මෙවර විශ්ලේෂණ පර්යේෂණය සඳහා සාම්පල 88ක් භාවිත කර ඇති අතර ඉන් 84ක්ම ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් බවට…

weather

පහළ වායුගෝලයේ කැලඹිලි තත්ත්වයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (21) සහ හෙට (22) දිනවල තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පැවසුවේ පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්වයක් හටගෙන ඇති බවයි. ඒ අනුව මධ්‍යම, සබරගමුව උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ට වැඩි තද වැසි…

curfew

අද සිට දින 10ක් නිරෝධායන ඇඳිරිනීතිය පැනවෙයි

කෝවිඩ් -19 පාලනය කිරීමේ මූලික පියවරක් ලෙස අද සිට දින 10ක් රට වසා තැබිමට තීරණය කර ඇත. අද (20) රාත්‍රියේ 10 සිට 30 වනදා අලුයම 4 තෙක් මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පැවති කොවිඩ් පාලනය පිළිබඳ කමිටු රැස්වීමේදී එම තීරණය ගත් බව ඔහු…