corona

නුවරඑළියේ ආසාදිතයන් 5837 දක්වා ඉහළට

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් 93 දෙනකු 15වන දින හදුනා ගැනිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගනන 5837 දක්වා ඉහළ ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය නිලධාරියකු පවසන ලදි. පසු ගිය දිනවලදි ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂනවල වාර්ථා 15වන දින උදැසන ලැබිමෙන් මෙම ආසාදිතයන් ගනන හදුනා ගෙන ඇති බවත් අඹගමුව, බගවන්තලාව, ලිදුල,…

ගොවින් අසරණ වෙයි – සහනාධාර පෙහොර මුදලට විකුණයි
|

ගොවින් අසරණ වෙයි – සහනාධාර පෙහොර මුදලට විකුණයි

රජය මගින් මහකන්නයේ ගොඩ සහ මඩ ගොවිතැන සදහා නිකුත්කර තිබෙනා පොහොර තොගත් තමන්ට ලබානොදෙමින් එම පොහොර මුදලට අලවිකරනා ජවාරමක් සිදුවන බව පවසමින් මහවිලච්චිය ගොවිජනපදයේ මහසෙන් ගොවි සංවිධානයේ සභාපති හිටපු මන්ත්‍රී ආර්.අනුර බණ්ඩාර මහතා(අමුඩේ මන්ත්‍රී)ඇතුළු ගොවින් විශාල පිරිසක් (13දා)විරෝධතාවක් පැවත්වූහ. මහ කන්නයේ ගොඩ මඩ වගාවන් සදහා පොහොර ලේකම් කාර්යාලයෙන් ගොවින්ට අවශ්‍ය තරම් සහනාධාර පෙහොර රජය නිකුත්කර…

ගෑස් සිලින්ඩර් තුල සඟවා සිදු කළ මහා පරිමාණ කුඩු ජාවාරම

ගෑස් සිලින්ඩර් තුල සඟවා සිදු කළ මහා පරිමාණ කුඩු ජාවාරම

ගෑස් සිලින්ඩර තුල සුක්ෂම ලෙස සඟවා ගොඩබිම වෙත ගෙන ඒ්මට උත්සහ කළ රුපියල් මිලියන 1758කට අධික වටිනාකමින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 219කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන ඇත. ඒ් නාවික හමුදාව විසින් වැලිගම, පොල්වතුමෝදර වෙරළ ආශ්‍රිත ප්‍රදේශයේ  සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීය. මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 219කට අධික තොගයක්…

කල් ඉකුත් වූ ඖෂධ නීතිවිරෝධි ලෙස දින වෙනස් කර බෙදාහැර වැඩ වරද්ද ගනියි

කල් ඉකුත් වූ ඖෂධ නීතිවිරෝධි ලෙස දින වෙනස් කර බෙදාහැර වැඩ වරද්ද ගනියි

දෙහිවල පොලිස් වසමේ  නැදිමාල , රබර්වත්ත පාර ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී දෙමහල් නිවසක් තුළ ඉතා රහසිගතව හා සූක්ෂම ලෙස පවත්වාගන යනු ලැබූ විදෙස් රටවලින් හා මෙරටින්  ලබාගත් ලද කල් ඉකුත්වීමට ආසන්න හා කල් ඉකුත් වූ ඖෂධ  නීතිවිරෝධි ලෙස නිෂ්පාදිත දිනය හා කල්ඉකුත්වන දිනය වෙනස් කර ඒ වෙනුවට නව දින සහිත ස්ටිකර් සකසා අලවා ඖෂධ බෙදාහැරීමේ ජාවාරමක්…

keheliya
|

රුසියාවෙන් ගෙන්වන ලද ස්පුට්නික් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට

රුසියාවෙන් මෙරටට ගෙන්වන ලද කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් පනස්දහසක් මහනුවර ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබාදෙන බව රජයේ මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. එම එන්නත් ප්‍රමාණය මහනුවර, පාතදුම්බර සහ පස්බාගේ කෝරළය සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාශවලට ලබා දෙන බව අද (12) පල්ලකැලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැති කොවීඩ් මර්ධන පසුවිපරම් රැස්වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව සදහන් කළේය. වයස අවුරුදු…

gampaha-road
|

ගම්පහ අධිවේගයේ වැඩ තාවකාලිකව අත්හිටුවයි

ගම්පහ මාසයක් වැනි කෙටි කාලයක් තුල දෙවතාවක් ජලයෙන් යට වීම නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සැලැස්ම යළි සමාලෝචනය කර අවසන් තීරණයකට එළඹෙන තුරු එම  ඉදිකිරිම් තාවකාලිකව  අත්හිටුවා තිබේ. මහජන අදහස් හා මහාමාර්ග හා වාරිමාර්ග ඉංජිනේරුවරුන්ගේ ද අදහස් සැලකිල්ලට ගනිමින් අවශ්‍ය වුවහොත් අදාළ සැලැස්ම සංශෝධනය කිරිමට රජය සුදානම් බවත් ඒ අනුව අදහස් ලබාගැනීම මේ…

වසර 12ක නෙතන්හාහු පාලනය ගිලිහේ
|

වසර 12ක නෙතන්හාහු පාලනය ගිලිහේ

නෆාලි බෙනට් ඊයේ (13) දිනයේ ඊශ්‍රායලයේ 13 වැනි අගමැතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. 49 හැවිරිදි නෆාලි බෙනට් අගමැතිවරයාට පුරා වසර 12ක් ඊශ්‍රායලය පාලනය කල බෙන්ජමින් නෙතන්යාහුගේ පාලනය බිද දැමීමට හැකිවිය. එරට වැඩිම කාලයක් අගමැති ධුරය දැරුවේ නෙතන්යාහුය. ඇමෙරිකන් යුදෙව් පවුලකින් පවත් එන නෆාලි ඊශ්‍රායල හමුදාවේ මේජර්වරයකු ලෙසද සේවය කර තිබේ. නෆාලි බෙනට් යුදෙව් දැඩි මතධාරියෙකි.

pakisthanmedia
|

පාකිස්තානයේ මාධ්‍යවේදින්ට පහර දීම මානව හිමිකම් සංවිධාන හෙළා දකී

පාකිස්තාන භූමියේදී මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල වීම සම්බන්ධව අන්තර්ජාතික මානව හිමිකම් සංවිධාන හඬ නැඟීමත් සමඟ ඉම්රාන් ඛාන්ගේ රජයට ඇති පීඩනය ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. අපරාධකරුවන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස හියුමන් රයිට්ස් වොච්, අන්තර්ජාතික ක්ෂමා සංවිධානය සහ අන්තර්ජාතික ජූරි සභිකයන්ගේ කොමිසම නමැති අන්තර්ජාතික මානව හිමිකම් සංවිධාන ත්‍රිත්වය පසුගියදා පාකිස්තාන රජයෙන් ඉල්ලා සිටි බව ඇෆ්ගන්…

badweather

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත තද වැසි

අද (14) දිනයේ මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය පැ.කි.මී. 30ත් 40ත්…

kanjani
|

කංජිපානිගේ ප්‍රධාන ගෝලයෙකුගේ මත්ද්‍රව්‍ය ජාවාරමකට STF වැට බඳියි

මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වු දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු මෙහෙය වු මත්ද්‍රව්‍ය ජාවාරමක් පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒ්කක 01 හි නිලධාරීන් විසින් හෙළිකර ගෙන ඇත. කංජිපානිගේ  ප්‍රධාන ගෝලයෙකු වු ක්ලේමන් නැමැත්තා විසින් මේ වන විට මෙහෙයවනු ලබන අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ පුද්ගලයෙකු අයිස් ග්‍රෑම් 07 ක් සමඟින් ඊයේ සවස වැල්ලම්පිටිය, කොහිලවත්තේදී…