death

පස් කන්දක් කඩා වැටිමෙන් අයෙකු මරුට

ආගරපතන හොල්බෘක් ප්‍රදේශයේ නිවසක අත්තිකාරම් කපමින් සිටියදි පස් කන්දක් කඩා වැටිමෙන් එක් අයකු මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇත. මෙම පස් කන්ද කඩා වැටිමෙන් පස්වලට යටවු තිදෙනා ආගරපතන පොලිසිය හා ප්‍රදේශයේ පිරිස එක්ව පස් ඉවත් කර ගොඩ ගත් බවත් එම අවස්ථාවේ එක් අයකු මිය ගොස් ඇති බවත් අනික් දෙදෙනා ආගරපතන රෝහලට ඇතුලත් කිරිමට පියවර…

rice

මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු සහල් පොල් තෙල් අල්ලයි

උත්සව සමයේ පාරිභෝගික ජනතාවට අලෙවිකිරීමට මතුගම,ඔිවිටිගල ප්‍රදේශවල වෙළදසල් තුළ සහ තොග ගබඩා තුළ තබා තිබු මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු, කල් ඉකුත්වු රුපියල් ලක්ෂ දෙකකට වඩි වටිනා සහල් කිලෝ තුන්දහසකට අධික ප්‍රමාණයක්, ආහාර ඇසුරුම් සදහා නුසුදුසු භාජනවල ගබඩා කර තිබු පොල් තෙල් ලීටර සීයයකට අධික ප්‍රමාණයක් සමග ආහාර ද්‍රව්‍ය රැසක්අත් අත්අඩංගුවට ගත් බව මතුගම මතුගම මහජන සෞඛ්‍ය…

police

පොලිස් දෙපාර්තමේන්තුවට අලුත් පොලිස් ස්ථාන 190 ක් !

බියෙන් සැකෙන් තොර සමාජයක් බිහි කිරීමේ  තවත් අදියරක් ලෙස නව පොලිස් ස්ථාන 190 අලුතින් ස්ථාපනය කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්යය සරත් වීරසේකර මහතා පවසයි. දැනට ලංකාවේ තිබෙන්නේ පොලිස් ස්ථාන 494 ක් වන අතර ඉන් පළමු පොලිස් ස්ථාන දෙක ලෙස මරදන්කේනි හා අයියන්කන්කුලමි උතුරු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථාපිත කළ බවද ඔහු පවසයි. මේ ප්‍රදේශයේ…

ෆේස්බුක් පරිශීලකයින් මිලියන 553 ක දත්ත හැකර්වරුන් අතට
|

ෆේස්බුක් පරිශීලකයින් මිලියන 553 ක දත්ත හැකර්වරුන් අතට

ෆෙස්බුක් පරිශීලකයන් මිලියන 533 කගේ පමණ පුද්ගලික දත්ත සොරාගත් බවට හැකර් කණ්ඩායමක් විසින් අනාවරණය කර තිබෙනවා. පරිශිලකයන්ගේ දුරකථන අංක ඇතුලු‍ පුද්ගලික දත්ත ඇතුළත් ලේඛනයක් ඔවුන්ගේ වෙබ් අඩවියක පලකර ඇති බව සඳහන්. රටවල් 106 ක පරිශීලකයින්ගේ දත්ත මෙලෙස හැකර් කණ්ඩායම විසින් ප්‍රසිද්ධියට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. අමෙරිකානු පරිශීලකයින් මිලයන 32 ක්, බ්‍රිතාන්‍යයෙන්…

death
|

මරණය ඉල්ලා ආරවුලක්

සේවිකාවක ලබාදුන් කෙටි ආහාරක් සමග තේ පානය කළ අනුරාධපුර ශ්‍රී පුෂ්පදාන සමිතියේ විශ්‍රාම ශාලා භාරකරු හදිසියේ මියයාමෙන් පසුව විවාහක බිරිද හා දරුවන් බව කියූ පාර්ශව කිහිපයක් දේහයට හිමිකම් ඉල්ලමින් කළහ කිරීම නිසා දේහය ඔවුන්ට තබාදීම තරයේ ප්‍රතික්ෂේප කරමින් සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලයට දේහය ලබාදීමට අනුරාධපුර නාගරික හදිසි මරණ පරික්ෂක ජේ.එම් ජයතිලක මහතා තීරණය කළේය. වසර ගණනාවක…

සහල් මෝලක් ගිනි ගනියි

සහල් මෝලක් ගිනි ගනියි

වී වියලීම සදහා භාවිතා කරන උදුණක හදිසියේ ඇතිවු ගින්නක් හේතුවෙන් නොච්චියාගම පිහිටි මහ පරිමාණ සහල් මෝලකට රුපියල් ලක්ෂ පනහකට අධික බරපතල අලාභ හානියක් සිදුවි ඇති බව නොච්චියාගම පොලිසිය පවසයි. නොච්චියාගම 38 කණුව සිංහාරගම පිහිටි සහල් සැකසුම් මධ්‍යස්ථානයේ හදිසියේම ගින්න ඇතිවි තිබෙනා අතර නොච්චියාගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරින්…

agboo
|

අග්බෝ සමග ද්වන්ධ සටනක් – වනයත් වනසයි

සිය බල පරාක්‍රමය පෙන්වමින් කණ්ඩායමේ නායකත්වය ලබා ගැනීම සදහා අග්බෝ නමින් හදුන්වන දළ ඇතා සමග දැවන්ත වන අලියෙකු ගලෙන්බිදුණුවැව පොලිස් වසමේ මානන්කට්ටිය වැව් ඉස්මත්තේ කැලෑබද ප්‍රදේශයක ද්වන්ධ සටනක් ආරම්භ කර තිබේ. මීට දින තුනකට හෝ හතරකට ඉහතදි අග්බෝ දළ ඇතා සමග තවත් වන අලියෙකු දැවැන්ත සටන ආරම්කර තිබෙනා අතර කැලෑබද වැව් ඉස්මත්තේ ඇති ගස් පෙරලමින්…

පිළිකාකාරක අඩංගු ආහාර හෙළිදරව් කලොත් සමාගම් කඩා වැටීමේ අවධානමක්

පිළිකාකාරක අඩංගු ආහාර හෙළිදරව් කලොත් සමාගම් කඩා වැටීමේ අවධානමක්

ශරීරයට අහිතකර සංයෝග අඩංගු පොල්තෙල් මෙරටට ආනයනය කිරීමත් සමඟ රටේ ජනතාව තුල දැඩි විමසිලිමත් භාවයක් ඇතිවී තිබෙනවා. 01ඒ පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න පවසන්නේ ඇෆලටොක්සින් නැමැති ශරීරයට අහිතකර සංඝටක අඩංගු තවත් බොහෝ ආහාර ද්‍රව්‍ය ඇති බවත් ඒ ගැන හෙළිදරව් කළහොත් එම සමාගම් බිඳවැටීමට ඉඩ ඇති බවයි. පොල්තෙල් පමණක් නොව ටින්…

කොරෝනා සමග අවුරුදු උත්සව – සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න

කොරෝනා සමග අවුරුදු උත්සව – සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න

තව දින කිහිපයකින් උදාවන සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සැමරීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධනගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙනවා. කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය හමුවේ මෙවර අලුත් අවුරුදු චාරිත්‍ර පවුලේ සාමාජිකයින් පමණක් එකට එක්වී ඉටුකරන ලෙසත් කැවිලි හුවමාරු කිරීම් සහ නෑගම් යාමෙන් වළකින ලෙසත් උපදෙස් ලබාදී තිබෙනවා. අලුත්…

ප්‍රවීන් සහ රෙස්ලින් පොලිස්

ප්‍රවීන් සහ රෙස්ලින් පොලිස්

මහරගම පන්නිපිටිය ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු අතින් අමානුෂික ලෙස පහර කෑ රියදුරු තමන්ගේ එම අමිහිරි අත්දැකීම පිළිබඳව සියල්ල හෙළි කර තිබේ. මෙලෙස පහර කෑමට ලක්ව තිබුණේ කලෙයිමගන් ප්‍රවීන් නම් තරුණයෙකි. එළවළු වෙළෙඳාමේ නිරත වන ප්‍රවීන් පසුගිය 29 වැනිදා අලුයම 1ට පමණ බණ්ඩාරවෙල නගරයේ සිට කොළඹ බලා පිටත්ව පැමිණ ඇති අතර පන්නිපිටිය ප්‍රදේශයේ දී ඔහුව මාර්ග තදබදයට…