අග්බෝ සමග ද්වන්ධ සටනක් – වනයත් වනසයි

agboo

සිය බල පරාක්‍රමය පෙන්වමින් කණ්ඩායමේ නායකත්වය ලබා ගැනීම සදහා අග්බෝ නමින් හදුන්වන දළ ඇතා සමග දැවන්ත වන අලියෙකු ගලෙන්බිදුණුවැව පොලිස් වසමේ මානන්කට්ටිය වැව් ඉස්මත්තේ කැලෑබද ප්‍රදේශයක ද්වන්ධ සටනක් ආරම්භ කර තිබේ.

මීට දින තුනකට හෝ හතරකට ඉහතදි අග්බෝ දළ ඇතා සමග තවත් වන අලියෙකු දැවැන්ත සටන ආරම්කර තිබෙනා අතර කැලෑබද වැව් ඉස්මත්තේ ඇති ගස් පෙරලමින් දෙදෙනාම මේවනවිට සටන් වදිමින් සිටි.

අග්බෝ නැමති දළ සහිත ඇතා සමග දළ නොමැති වන අලියෙකු සටන් වදිනා අතර අග්බෝ දළ ඇතාගේ ප්‍රහාර හමුවේ පසුනොබසිමින් වන අලියාත් තවදුරටත් සටන් වදිමින් සිටි.

දෙදෙනාම දුවිලි අවුස්සමින් දිවවිත් එකිනෙකා ගැටී තල්ලු කරමින් පාපහර හොඩවැල් වලින් පහරදි ගන්මින් සටනේ නිරතවන අයුරු ගම්මුන් දැක තිබේ.ගස් වැල් තිබු කැලෑබද ප්‍රදේශය මේ වනවිට විශාල ගහකොළ කඩාවැටි එලිපෙහෙලිවි තිබෙනා අයුරු දැකගත හැකිවිය.

දින කිහිපයම තිස්සේ දහවල් සිට සවස් වනතුරුම දෙදෙනා සටන් වදිනා බව අලි ඇත් පොරය දුටු ගම්වැසියක් පිරිසක් අනාවරණය කළහ.දෙදෙනාම කැලෑවේ ගස් පෙරලාගෙන මුහුණට මුහුණ පැමිණ එක්වරම ගැටි පොර අල්ලනා බව ඔවුන් කීහ.

දළ නොමැතිවුවත් වන අලියා අග්බෝ දළ ඇතා සමග සටන් වදිනා බවත් වන අලියාට අග්බෝ ඇතාගේ දළ පහරවැදිමෙන් තුවාල සිදුව ඇති බවට සැකකළ හැකි බව ඔවුන් පවසති.

එක් අලියෙකු ජීවිතක්ෂයට පත්වන තුරුම වන අලින්ගේ ද්වන්ධ සටන් කැලෑව තුළ සිදුවන අතර 2014 වසරේ එප්පාවල කිරලෝගම කදුරුගස්වැව පුරාණ වෙල්යායේ මේ ආකාරයට දළ ඇතුන් දෙදෙනෙකු අතර ද්වන්ධ සටනක් පැවති අතර ඉන් එක් දළ ඇතෙකු සිරුරේ දළ පහරවල් හතලිහකට අධික ප්‍රමාණයකින් සිදුවු දරුණු තුවාල හමුවේ මරණයට පත්විය.

දළ ඇතුන් දෙදෙනා සටන් වැදි වෙල්යාය දුටුගැමුණු මහරජතුමන් ඇතුළු ද්‍රවිඩ සටන්කරුවන් පිරිසක් සටන් වැදි ප්‍රදේශයක් බවට ජනප්‍රවාදයේ සදහන්වේ. කැබිතිගොල්ලෑව කැලෑ බද ප්‍රදේශයකත් දළ ඇතුන් දෙදෙනෙකු 2013 වසර සමයේ ද්වන්ධ සටනක නිරතවු අතර ඉන් එක් දැවන්තයෙකුට මරණිය තුවල සිදුවෙමින් සටන අවසන්වි තිබුණි.

ඊට අමතරව ගල්ගමුව ඇහැටුවැව ප්‍රදේශයෙන් 2015 වසරේදි දැවැන්ත ඇතුන් දෙදෙනෙකුගේ ද්වන්ධ සටනක් වාර්ථාවු අතර ඉන් එක් ඇතෙකු ජීවිතක්ෂයට පත්වි තිබුණි.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….