telephone

රෝග ලක්ෂණ ඇත්නම් දැනුම්දීමට දුරකථන අංකයක්

ඇඳිරිනීතිය පනවා ඇති කාලය තුළ යම් රෝග ලක්ෂණයක් ඇති වුවහොත් දැනුම්දීමට නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ. අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා පවසා සිටියේ, එහිදී රෝගියාට සිදුවන අපහසුතාවය අවම කර ගත හැකි බවය. දුරකථන අංකය – 0117 966 366 මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය සංජීව…

ශලනි තාරකා නිරෝධායනයට

ශලනි තාරකා නිරෝධායනයට

නිරෝධායන ඇඳිරි නීති සමයේ ටෙලි නාට්‍ය රූගත කිරීමක් සඳහා කොළඹ සිට බණ්ඩාරවෙල ප්‍රදේශය වෙත ගොස් රූගත කිරීමක් සඳහා සහභාගී වෙමින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් සිදු කළ පැමිණිලි මත ටෙලි නිළි ශලනි තාරකා ඇතුළු නළු නිළියන් පිරිසක් බණ්ඩාරවෙල ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ට හසුවීමෙන් පසු ඒම ප්‍රදේශයේ දින 14 ක නිරෝධායනයකට යටත්ව සිටින ලෙස දන්වා ඇතැයි වාර්තාවේ.

coronavirus news

කොරෝනා වෛරසයේ පැතිරීම වේගවත් වෙයි

මෙරටින් වාර්තා වන නව කොරෝනා වෛරස ප්‍රභේදය ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත් එය මිට පෙර අවස්ථාවේදී රටේ ව්‍යාප්ත වෙමින් තිබු කොවිඩ් වෛරස ප්‍රභේදයට වඩා හාත්පසින්ම වෙනස් එකක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජිව මුණසිංහ ප්‍රකාශ කර සිටිනවා. පැතිරෙමින් පවතින මෙම කොවිඩ් වෛරසයේ ප්‍රභේදය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාඥවරියක් වන මහාචාර්ය නිලීකා මලවිගේ…

coronavirus news

සුපර් මාර්කට්වලටත් කොරෝනා ඇතුළුවේ

සොෆ්ට්ලොජික් සමූහයට අයත් ‘ග්ලෝමාර්ක්’ සුපිරි වෙළෙදසැල් සමූහයේ සේවකයන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. අහඹු ලෙස කරන ලද පීසීආර් පරීක්ෂණවලදී මේ බව හදුනාගෙන තිබුණා. මෙසේ ආසාදිත වූ දෙදෙනා කොට්ටාව සුපිරිවෙළෙදසැලේ සේවය කර ඇති බව එම සමාගම නිකුත් කළ නිවේදනයේ සදහන්.

සීගිරිය සංචාරක පොලිසියේ ස්ථානාධිපතිවරයාත් හදිසියේ මිය යයි

සීගිරිය සංචාරක පොලිසියේ ස්ථානාධිපතිවරයාත් හදිසියේ මිය යයි

සීගිරිය සංචාරක පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රාජකාරී කටයුත්තක් සඳහා සීගිරිය ගලතරණය කරමින් සිටියදී හදිසියේ අසනීප තත්ත්වයක් පත්ව රෝහල් ගත කිරීමෙන්  මිය ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ සීගිරිය සංචාරක පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච් .එම් .උපාලියි කරුණාතිලක නම් 58 හැවිරිදි තිදරු පියෙකි . මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා සීගිරිය පොලිසිය හා සීගිරිය…

ඇඳිරි නීති බලපත්‍ර වෙනුවට හැඳුනුම්පත යොදා ගත හැකි ආයතන 80ක් ප්‍රකාශ කෙරේ

ඇඳිරි නීති බලපත්‍ර වෙනුවට හැඳුනුම්පත යොදා ගත හැකි ආයතන 80ක් ප්‍රකාශ කෙරේ

ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල රාජකාරී සේවා ස්ථාන කරා ගමන් කිරීමේදී හා පිටවීමේදී ඇඳිරි නීති බලපත්‍ර ලෙස සිය සේවා හැඳුනුම්පත භාවිතා කළ හැකි රාජ්‍ය ආයතන ඇතුළු ආයතන 80 කට අධික සංඛ්‍යාවක් පිළිබඳ විශේෂ චක්‍රලේඛයක් පොලිසිය නිකුත් කර තිබේ. මේ අයට රාජකාරී සඳහා ගමන් කිරීමකදී පොලිසියට ගොස් අමතර බලපත්‍ර ලබාගැනීම වෙනුවට සිය හැඳුනුම්පත පිළිගත් ඇඳිරිනීති බලපත්‍රයක්…

death

20 වන කොරෝනා මරණයත් කොළඹින්

මෙරට 20 වන කොරෝනා මරණය වාර්තා වනවා. ඒ,කොළඹ ජාතික රෝහලෙන්. කොළඹ පදිංචි 57 හැවිරිදි කාන්තාවක් මෙලෙස මරණයට පත්ව තිබෙනවා.

isolated areas in colombo

බස්නාහිරින් පැන්න අය කොටුවෙයි

බ්‍රහස්පතින්දා හා සිකුරාදා දිනවල බස්නාහිර පළාතෙන් හා කුලියාපිටියෙන් පිට වූ පුද්ලයන් දැනට සිටින ස්ථානවලම නිරෝධායන කිරීමට තීරණය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ, 29 සහ 30 දිනවල බස්නාහිර පළාතෙන් හා කුලියාපිටියෙන් පිටව ගිය පුද්ගලයන් මේ ආකාරයට නිරෝදායනය කිරීමට තීරණය කර ඇති බවයි. ඔවුන් සිටිනා ස්ථානවලම දින 14ක කාලයක් නිරෝධායනය විය යුතු…

coronavirus news

යළිත් වැලිසරින් කොරෝනා මතුවෙයි

වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන නාවික හමුදා සෙබළෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. මෙම සෙබලා වැලිසර නාවික හමුදා කඳවුරේ උසස් නිලධාරීන්ගේ රියැදුරකු ලෙස සේවය කරන්නෙක් බවයි පැවසෙන්නේ. ඔහු අනුරාධපුර මහා මංකඩවල පදිංචි 36 හැවිරිදි අයෙකු වන අතර එම ප‍්‍රදේශයේදී කරන ලද කොරෝනා පරීක්ෂණවලදී ඔහු ආසාදිත යැයි හඳුනාගෙන තිබේ.

coronavirus news

පොලිස් නිලධාරීන් 60කට කොරෝනා

අද (31) උදෑසන වන විට පොලිස් නිලධාරීන් 60 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා. අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, 400කට අධික පිරිසක් ඍජු නිරෝධායනයට යොමුකර ඇති බවයි. මේ අතර තවත් පොලිස් නිලධාරීන් 1100ක පමණ ප්‍රමාණයක් එම බැරැක්ක තුළම නිරෝධායනය කර ඇතැයි ද ඒ…