covid infections and deaths

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ නිලධාරියෙකුටත් කොරෝනා

කාර්ය මණ්ඩලයේ නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමේ හේතුවෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ යක්කල ශාඛාව ඊයේ පස්වරුවේ වසා දමා තිබෙනවා. ඔහු සමග සමීපව කටයුතු කරන ලද කාර්යමණ්ඩලයේ 28 දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇති බවයි පැවසෙන්නේ. මෙම අසාදිතයාට වෛරසය ආසාදනය වූයේ කෙසේ දැයි මෙතෙක් හෙළි කරගත නොහැකි වූ බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

බස්නාහිර පළාතටම ඇඳිරිනීතිය

බස්නාහිර පළාතටම ඇඳිරිනීතිය

හෙට මධ්‍යම රාත්‍රියේ සිට ලබන සඳුදා අලුයම 05 දක්වා බස්නාහිර පළාත සඳහා නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට තීරණය කර තිබෙනවා. එය සඳුදා උදෑසන 5.00 දක්වා ක්‍රියාත්මක වෙයි. නමුත් බස්නාහිර පළාතේ දැනට නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල ඇඳිරිනීතිය දිගටම ක්‍රියාත්මකවන බව යුද හමුදාපතිවරයා පැවසීය. මේ අතර දැනට ඇඳිරි නීතිය පනවා තිබෙන ඇතැම් ප්‍රදේශවල එය ඉවත් කිරීමේ හැකියාවක් පවතින්නේ…

ශ්‍රී ලංකා අමෙරිකා ද්විපාර්ශ්වික සාකච්ඡා ඇරඹේ

ශ්‍රී ලංකා අමෙරිකා ද්විපාර්ශ්වික සාකච්ඡා ඇරඹේ

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා මේ වනවිට පැවැත්වේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේදී එම සාකච්ඡා පැවැත්වේ. ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකට එක්වීමට නියමිතය. මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අද (28) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.

මොරටුවෙන් කොරෝනා ආසාදිතයින් 42ක්

මොරටුවෙන් කොරෝනා ආසාදිතයින් 42ක්

ඊයේ (27) දිනයේදී මොරටුව ප්‍රදේශයෙන් කොරෝනා වෛරස් ආසාදිතයින් 42 දෙනෙකු හඳුනාගෙන ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය හා සම්බන්ධව මත්ස්‍ය වෙළඳාමේ නිරත වූ මොරටුව ප්‍රදේශයේ පිරිස් සහ ආශ්‍රිතයින් පීසීආර් පරීක්ෂණයට ලක්කිරීමේදී මෙතරම් ප්‍රමාණයක් ආසාදිතයින් වශයෙන් හඳුනාගැනීමට හැකිවූ බව ඒ මහතා සඳහන් කළේය. මොරටුව සහ පානදුර ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවූයේ ඒ…

ක්‍ෂණික විහිදුම් යතුරුපැදි බලඇණිය කොළඹ මෙහෙයුමක

ක්‍ෂණික විහිදුම් යතුරුපැදි බලඇණිය කොළඹ මෙහෙයුමක

යුද හමුදා මූලස්ථානයේ ක්‍ෂණික විහිදුම් යතුරුපැදි බලඇණි 5 ක් මේ දිනවල කොළඹ නගරය ආශි‍්‍රතව මෙහෙයුම්වල යෙදෙන බව වාර්තා වනවා. කොළඹ නගරයට ඇතුළුවන පුද්ගලයන්ගේ ශරීර උෂ්ණත්වය මැන බැලීම ඔවුන්ගේ රාජකාරියයි.

වලල්ලාවිට ප්‍රදේශයෙන් ලාබාලතම කොරෝනා රෝගියා හමුවේ

වලල්ලාවිට ප්‍රදේශයෙන් ලාබාලතම කොරෝනා රෝගියා හමුවේ

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හුදෙකලා කර තිබෙන මාකලන්දාව ග්‍රාම සේවා වසමේ පදිංචි කාන්තාවකට සහ ඇයගේ මාස තුනක දියණියට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ඊයේ (27) ලැබුණු PCR පරීක්ෂණ වාර්තා අනුව සනාථ වී ඇතැයි වළල්ලාවිට පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක තිලකරත්න අතුකෝරල පැවසුවා. මීට පෙර ශ්‍රී ලංකාවෙන් සොයා ගත් ළාබාලතම කොරෝනා රෝගියා ලෙස වාර්තා වූයේ වයස…

අද දිනය තුළ වාර්තා වූ ‍ආසාදිතයන් සංඛ්‍යාව 457 ක් දක්වා ඉහළට

අද දිනය තුළ වාර්තා වූ ‍ආසාදිතයන් සංඛ්‍යාව 457 ක් දක්වා ඉහළට

මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (27) පස්වරු 9.45 වන විට තවත් ආසාදිතයන් 164 දෙනකු වාර්තා වී තිබේ. නිරෝධාන මද්‍යස්ථානවල සිටින 8 දෙනෙක් සහ ආශ්‍රිතයින් 156 ක් එම ආසාදිතයන් අතර වෙති. ඒ අනුව අද දිනය තුළ වාර්තා වූ ‍ආසාදිතයන් සංඛ්‍යාව 457 ක් දක්වා ඉහළ ගිය අතර මේ දක්වා වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 5396 ක්…

පොම්පියෝගේ ගමනට චීනයෙන් සැර නිවේදනයක්

පොම්පියෝගේ ගමනට චීනයෙන් සැර නිවේදනයක්

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය දැඩි රාජ්‍යතාන්ත්‍රික භාෂාවක් උපයෝගී කරගෙන නිවේදනයක් නිකුත් තිබෙනවා. ලංකාවේ කොරෝනා රෝගීන් විශාල වශයෙන් වාර්තා වෙමින් පවතින බවත්, එය ලංකාවට දරා ගත නොහැකි මට්ටමට පත්වෙමින් සිටින බවත් පෙන්වා දී ඇති චීනය, එසේ් තිබියදී කොරෝනා රෝගීන් ලක්ෂ 88ක් වාර්තා…

breakingnews

18 වන 19 වන කොවිඩ් මරණ වාර්තා වෙයි – කොවිඩ් මරණ වැඩිවන ලකුණු

තවත් කොවිඩ් මරණ දෙකක් අද (27) දිනය තුළ වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි. අද දිනයේදී මිය ගිය පුද්ගලයින් ගණන තිදෙනෙක් වන අතර මේ වන විට මෙරට සිදුවූ කොවිඩ් මරණ සංඛ්‍යාව 19 ක්. මෙලෙස මියගිය පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙක් අවුරුදු 19 ක තරුණයෙක් වන අතර අනෙක් පුද්ගලයා අවුරුදු 75 ක අයෙක්

rt-pcr

PCR පරීක්ෂණ කළ නිලධාරීන් නවයකට’ කොරෝනා

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසලේ කොවිඞ් ආසාදිතයන්ගේ ආශි‍්‍රතයන් සම්බන්ධයෙන් පී. සී. ආර්. පරීක්‍ෂණ සිදු කරන ලද කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නවදෙනකුට ද කොවිඞ් – 19 ආසාදනය වී ඇතැයි එම නගර සභාවේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා සඳහන් කරනවා. කොළඹ නගරයේ ඉකුත් 18 වැනිදා සිට ඊයේ (26 දා) දක්වා පී. සී. ආර්….