වටවල හා ගිනිගත්හේන රථ වාහන ධාවනයට බාධා

වටවල හා ගිනිගත්හේන රථ වාහන ධාවනයට බාධා

මධ්‍යම කදුකරයේ බටහිර බැනුම් ප්‍රදේශයට පවතින අධික වැසි හා සුලං තත්වයන් හේතුවෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල හා ගිනිගත්හේන අතර මාර්ගයට ගසක් කඩා වැටිමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට පැයක පමන කාලයක් අවහිරතා සිදුවිය. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු වටවල පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ 10වන දින උදැසන 5.50ට පමන හැටන් කොළඹ මාර්ගයේ දියගල…

ඔක්ස්ෆර්ඞ් කොරෝනා එන්නත නවතී
|

ඔක්ස්ෆර්ඞ් කොරෝනා එන්නත නවතී

කොරෝනා වෛරසය මර්දනය කිරීමේදී සාර්ථක වනු ඇති බවට අනාවැකි පළ කර තිබූ එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලය විසින් නිපදවා ඇති කොරෝනා මර්දන එන්නත ලබා දුන් ස්වෙච්ජා සේවකයෙකුට බරපතළ සංකූලතා මතු වීම හේතුවෙන් එම එන්නත අත්හදා බැලීමේ ගෝලීය වැඩපිළිවෙළ අත්හිටුවීමට පර්යේෂකයෝ පියවර ගෙන තිබේ.

මධ්‍යම කදුකරයට අධික වැසි – කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සීග්‍රයෙන් ඉහලට

මධ්‍යම කදුකරයට අධික වැසි – කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සීග්‍රයෙන් ඉහලට

මධ්‍යම කදුකරයට ඇද හැලෙන වැසි හේතුවෙන් කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ භාර නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව කරන ලද විමසිම්වලදි වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ 09වන දින උදැසන 6.30 පමන වන විට කරන ලද ගනනය කිරිමේදි කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 04යි…

කොළඹ, නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තදබදයක්

කොළඹ, නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තදබදයක්

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තදබදයක් පවතින බව පොලීසිය සදහන් කරයි. කලගෙඩිහේන හංදිය අසල කන්ටේනර් රථයක් පෙරළීම හේතුවෙන් වන අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

කොළඹ – හලාවත ගමනා ගමනය ඇණහිටී

කොළඹ – හලාවත ගමනා ගමනය ඇණහිටී

මාදම්පේදී ගසක් කඩා වැටීමෙන් කොළඹ  හලාවත පාරේ රථවාහන ධාවනයට බාධා ඇතිවී ඇති බව සදහන් වේ. මේ වන විටත් ඉවත් කිරීම් කටයුතු සිදු කරන බව සදහන්.  

weather today at my location

තද වැසි පිළිබඳ රතු නිවේදන

තද වැසි පිළිබඳ රතු නිවේදනයක් නිකුත් කර තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ක් ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි. මේ අතර, ඊයේ පෙරවරු 8.30 සිට අද පෙරවරු 4.30 දක්වා වූ කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් වර්තා වන්නේ, කොළඹ ප්‍රදේශයටයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් වැසි තත්ත්වයේ වැඩි අවදානම් දිස්ති‍්‍රක්ක…

badweather

වලකඩ කොස්ගුලන කන්දේ ගල් පර්වතයක් පෙරළියයි

පාලින්ද නුවර , වලකඩ කොස්ගුලන කන්දේ කොටසක විශාල ගලක් පෙරලියාම නිසා එම ප්‍රදේශයේ පදිංචි පවුල් 11 ක ජනතාව පසුගියදා  එම ස්ථානයෙන් ඉවත් කල බව පාලින්ද නුවර ප්‍රදේශීය ලේකම් එස්. ත්‍රීමාන්න මහතා කීවේය. ප්‍රදේශයට තවමත් තද වැසි වැටෙන අතර ආපදා කළමනාරණ නිළධාරීන්, බදුරලිය පොලිසිය ඇතුළු නිළධාරින් කැදවා ජනතාවට ආරක්ෂාව සහ අවශ්‍ය පහසුකම් ලබා දි ඇති බවයි….

නෞකාවේ යළිත් ඇති වූ ගින්න නිවන්න නැවතත් මෙහෙයුම්

නෞකාවේ යළිත් ඇති වූ ගින්න නිවන්න නැවතත් මෙහෙයුම්

අම්පාර ආසන්න නැගෙනහිර මුහුදේ ඇති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ නැවතත් ගිනි ඇවිළී තිබේ. නාවික හමුදාව සදහන් කරන්නේ ඉන්දීය සාදරයේ මේ වන විට ඇති වී තිබෙන සුළං තත්ත්වය හේතුවෙන් මෙම ගිනි ඇවිලීම සිදුව ඇති බවයි. කාලගුණය අයහපත් වීම හේතුවෙන් ගිනි ගැනීම පාලනය කිරීම අසීරු වී ඇති බවද නාවික හමුදාව සඳහන් කරයි. මෙහෙයුම් සඳහා ගුවන් හමුදාවේ, ඉන්දීය නාවික…

rain

පළාත් කිහිපයකට අදත් අධික වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය. මේ අතර අධික වැසි හේතුවෙන්, කොළඹ, කළුතර, ගාල්ල, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට පැන වූ නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදන අද පස්වරු…

arest

ආයුධ සමඟ හිටපු ප්‍රාදේශීයසභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

බද්දේගම ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් ආයුධ රැසක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. ලැබුණු තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ සෝදිසියක දී හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ නිවස තුළ තිබී එම ආයුධ සොයාගෙන ඇත. එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා 2005 වසරේදී බද්දේගම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර තිබේ.