රෝසි සේනානායකගේ සැමියා අභාවප්‍රාප්ත වෙයි
කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මියගේ සැමියා වන අතුල සේනානායක මහතා (64) හදිසි අසනීපයක් හේතුවෙන් අභාවප්‍රාප්ත විය.

කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මියගේ සැමියා වන අතුල සේනානායක මහතා (64) හදිසි අසනීපයක් හේතුවෙන් අභාවප්‍රාප්ත විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී මෙරට 28 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා අද දිවුරුම් දීමට නියමිතය. මහින්ද රාජපක්ෂ මහතා මෙවර මහ මැතිවරණයෙන් මනාප ඡන්ද 527,364 ක් ලබා ගත්තේ ය. මෙරට පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබා ගත් වැඩිම මනාප සංඛ්‍යාව සටහන් කරමිනි. මහින්ද රාජපක්ෂ මහතා දශක 5 කට අධික සිය දේශපාලන දිවියේ මීට පෙර තුන්…

ලෙබනනයේ ,බේරූට් හි පිපිරීම්වලින් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව පුද්ගලයින් 10 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. බේරූට් හි තුවාල ලැබූවන්ගේ මුළු සංඛ්‍යාව 5,000 ඉක්මවා තිබේ. මියගිය සංඛ්‍යාව 137 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, අතුරුදහන් වූවන්ගේ සංඛ්‍යාව පිළිබඳ තොරතුරු දැනට ලැබී නොමැත. ලෙබනනය දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට…

මැතිවරණ නිමවී සතියක් ගත්වන තුරු පෙළපාලි හෝ මැතිවරණයට අදාල විශාල වශයෙන් පවත්වන සැමරුම් පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පොලිස් නීති අංශයේ අධ්‍යක්ෂක ජ්‍යෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා මේ බව සඳහන් කළා.

අද (08) සබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එසේම දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මි. (40-50) දක්වා තද සුළං ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි….

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතා අභිලාෂ පිළිබඳ සංවේදී නොවන සහ යාවත්කාලීන නොවන දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප වී සමගි ජන බලවේගය ජනතාව උදෙසා වන එකම විපක්ෂ බලවේගය බවට මහ ජනතාව තීන්දු කොට තිබෙන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවැසීය. එසේ තමන් ඉහළට ඔසවා තැබූ පාක්ෂිකයන්ට හා පුරවැසියන්ට කෘතඥ වන බව ද මහ ලේකම්වරයා පැවැසීය.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට දින කිපයක් පුරා ඇද හැටලන වර්ෂාව හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් 07වන දින ස්වයංක්‍රියව විවෘතවි ඇත. මේ පිලිඩදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු ඉහල කොත්මලේ ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මධ්‍යම කදුකරයට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් මෙම ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට පැමින ඇති බවත්ය. මෙම ජලාශයේ ජල…

මැතිවරණ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 17ක් සඳහා හිමිකම් කියයි. මහාචාර්ය ජී.එල් පීරිස්, නීතිඥ සාගර කාරියවසම්, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, විශ්‍රාමික ගුරු උපදේශිකා මංජුලා දිසානායක යන අය එම ජාතික ලැයිස්තුවට ඇතුළත්ය. ඊට අමතරව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර, මහාචාර්ය චරිත…

මැතිවරණයක් යනු දුෂ්කරක් ක්‍රියාවක් බවත් මේ ජයග්‍රහණය කරා යාමට ඒ දුෂ්කර ක්‍රියාව කළ සියලු දෙනාට ස්තුති වන බවත් දැන් ඇත්තේ නව රජය යටතේ සමෘද්ධිමත් ආර්ථිකයක් කරා ගෙන යාම බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් මා වෙත ලබා දීම පිලිබඳ පොලොන්නරුව ජනතාව වෙත මා පළමුව ස්තුතිය පළ කර සිටින අතර මැතිවරණ කොමිසමේ පොලොන්නරුව…

ඡන්ද 6,853,690 ක් ලබා ගනිමින් 2020 මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ට ජයක් ලැබුවේ ය. ඔවුන්ට හිමි වූ මන්ත්‍රි ධුර සංඛ්‍යාව 145 කි. මැතිවරණයේදී ඡන්ද 2,771,980 ක් ලබා ගත් සමගි ජන බලවේගය දෙවන ස්ථානයට පත්ව තිබේ. ඔවුන්ට හිමිවූ මන්ත්‍රීධුර සංඛ්‍යාව 54කි. ජාතික ජන බලවේගය ඡන්ද 445,958 ක් හිමිවූ අතර දිනා ගත් ආසන සංඛ්‍යාව 3කි….